Showing posts with label කතා. Show all posts
Showing posts with label කතා. Show all posts

Thursday, November 29, 2012

නිර්වස්ත්‍ර කොලනිය

ඔන්න ළමයි තවත් පොඩි කතාවක්.... පහුගිය දවස්වල දාපු කතා ඔක්කොම ටිකක් විතර වල පැත්තට බර ඒවා කියලා කීප දෙනෙක්ගෙන්ම පැමිණිලි ආවා. ඉතින් මම හිතුවා වල් නැති කතාවක් හෙවත් නොවල් කතාවක් ලියන්න. බයිලා ඇති නේ. කතාවට බහිමු එහෙනම්. කලින්ම කිව්වා ඔන්න මේක හිනා යන කතාවක් නම් නෙවෙයි.


ඔන්න එක මනුස්සයෙක් ට්‍රිප් එකක් ගියා නිර්වස්ත්‍රව මිනිස්සු ඉන්න කොළනියකට. අර ඉංග්‍රීසියෙන් කියන්නේ Nudist Colony කියලා. ඉතින් නමින්ම තේරෙනවා ඇතිනේ ඔතන කොහොම තැනක්ද කියලා? ඒ කියන්නේ ඔතන ඉන්න හැම දෙනාම ඉන්නේ ඇඳුම් නැතිව..... හරි ආයිත් කතාවට එහෙනම්.




Sunday, November 25, 2012

උණ්ඩ තුන

ඔන්න ඉතින් පොඩි කතාවක් කොටන්න තරම් විවේකයක් ලැබුනා. මේක මට ඊයකින් ලැබිච්ච එකක්. හරි ඔන්න එහෙනම් කතාව.

ඔන්න එක ගෑණු කෙනෙක්ට බබාලා තුන්දෙනෙක් ලැබෙන්න හිටියා. ඒ කියන්නේ තුන් නිවුන් දරුවෝ. දවසක් මේ ගෑණුකෙනා බැංකුවක් ගාවින් යනකොට සද්දයක් ඇහිලා හැරිලා බැලුවා. එයා දැක්කා මූණ වහගත්තු හොරුන් පිරිසක් බැංකුව කොල්ල කනවා කියලා. එයාට බයට කෑ ගැහුනා. මේකෙන් කලබල වෙච්ච හොරෙක් මේ ගෑණු කෙනා දිහාවට තමන්ගේ තුවක්කුව හරවලා තුන්සැරයක් වෙඩි තිබ්බා. ඔක්කොම වෙඩි ටික වැදුනේ මෙයාගේ බඩට.


Sunday, November 18, 2012

සමහර දේවල් කොච්චර උත්සාහ කලත් තේරුම් කරන්න බැහැ...

ඔන්න එක බාර් එකක ටිකක් විතර මහළු ගොවියෙක් වාඩි වෙලා පැයක් විතර කාලයක් බිබී ඉන්නවා. ටික වෙලාවකින් එතනට ආපු යාලුවෙක් මේක දැකලා ටිකක් විස්තර හොයන්න ඕන කියන බලාපොරොත්තුවෙන් ගොවියාත් එක්ක කතාවට සෙට් උනා.

"මොකද බන් මේ වගේ ලස්සන දවසක උදේ පාන්දර බොන්න පටන් ගත්තේ ?"

"සමහර දේවල් කොච්චර උත්සාහ කලත් තේරුම් කරන්න බැහැ...." ගොවියා උත්තර දුන්නා.

"ම්ම්ම්ම්ම් මොකක්ද උනේ ඔච්චර අවුල් වෙන්න තරම්?" මිතුරා කුතුහලයෙන් ඇහුවා.

 "හරි, දැනගන්නම ඕනනම් මම කියන්නම්. අද උදේ මම ගෙදර පිටිපස්සේ වාඩිවෙලා එළදෙනගෙන් කිරි දොවන්න ගත්තා" මහළු ගොවියා තමන්ගේ දුක්බර කතාව පටන් ගත්තා. "කිරි දොවන භාජනේ පිරීගෙන එනකොට එළදෙන වම් කකුල උස්සලා භාජනේට පයින් ගැහුවා"

Thursday, November 1, 2012

ටොමියා

ඔන්න කොල්ලෙක් ගියා එයාගේ පෙම්වතියගේ ගෙදරට, කෙල්ලගේ දෙමවුපියෝ හම්බ වෙන්න. මීට කලින් කෙල්ලගේ අම්මාවයි තාත්තාවයි හම්බ වෙලා නැති නිසා කොල්ල ටිකක් විතර බයෙන් බයෙන් තමයි ගියේ. ඉතින් කොහොම හරි ගෙදර සාලෙට වෙලා තමන්ගේ අනාගත මාමණ්ඩි, ඒ කියන්නේ කෙල්ලගේ තාත්තා එක්ක කතා කර කර ඉන්නකොට ටික වෙලාවකින් නැන්දම්මා හෙවත් කෙල්ලගේ අම්මා ඇවිත් කට්ටියට කෑම කාමරයට කතා කළා. කට්ටියම කෑම මේසෙට ගිහින් කන්න වාඩි උනා.

මේ අතරේ ගෙදර හිටපු බල්ලත් කොහෙන්දෝ ඇවිත් කොල්ලාගේ කකුල් දෙක ගාව දිගා වෙලා කට්ටියත් එක්කම කෑමට සෙට් උනා. ඉතින් කට්ටියම සතුටින් ආහාර අනුභවය ආරම්භ කළා

Sunday, October 21, 2012

පුස්තකාලෙක කතාවක්

ඔන්න මම තව පොඩී කතාවක් දාන්නයි යන්නේ. ඇත්තටම මේක ගොඩක්ම පොඩි කතාවක්. පොඩියි කියන්නේ පොඩිම පොඩි එකක්. හරි පිස්සු කියෙව්වා ඇති නේ? ඔන්න එහෙනම් කතාව.

ඔන්න එක්තරා පුස්තකාලෙකට ආවා කොල්ලෙක්. මොකටද ආවේ කියල මමනම් දන්නේ නැහැ. ඉතින් මේ කොල්ලා ඇතුලට යනකොට දැක්කා කෙල්ලෙක් වාඩිවෙලා ඉන්නවා. එතන හිස් පුටුවක් තිබිච්ච නිසා එතන වාඩිවෙන්න හිතාගෙන ගිහින්, කෝකටත් කියල කෙල්ලගෙන් හෙමීට ඇහුවා,

"මේ මම මෙතන වාඩි උනාට කමක් නැද්ද ?" කියලා.

මේක අහපු කෙල්ල එකපාරටම මහා හයියෙන් "මොකා? තමුසෙත් එක්ක රැයක් ගතකරන්න? මම කවුරු කියලද හිතුවේ? ලජ්ජා නැතිව අහපු හැටි..." කියලා කියවගෙන කියවගෙන ගියා.


Saturday, October 20, 2012

කොටස් හතරේ කතාව

යාලුවෝ දෙන්නෙක් ගොඩක් කාලෙකට පස්සේ එකිනෙකා මුණ ගැහුනා.

රොෂාන්: මචං මම කොටස් හතරක කතාවක් කියන්නයි යන්නේ. මතක තියාගනින් කොටස් හතරක්.

නිශාන්: එල කිරි. කියපන් කෝ.

රොෂාන්: හරි. ඔන්න පලවෙනි කොටස.

ඔන්න හස්බන් කෙනෙකුයි එයාගේ නෝනයි හිටියලු.දෙන්නා දවසක් පික්නික් එකක් යන්න ලෑස්ති වෙලා, ඕන කරන දේවල් ඔක්කොම පැක් කරන් තමන්ගේ වාහනේ යනවා. ඔහොම ටික දුරක් යනකොට පාර දෙපැත්තකට බෙදෙන තැනක් හම්බ උනා.

"හරි, අපි වම් පැත්තේ පාරෙන් යමු" හස්බන් කිව්වා.

"නෑ, අපි දකුණු පැත්තේ පාරෙන් තමයි යන්න ඕන" එයාගේ නෝනා කිව්වා.


Saturday, October 6, 2012

ව්‍යාපාරිකයා සහ ආදායම් බදු

ඔන්න එක දවසක ධනවත් ව්‍යාපාරිකයෙක්ට ලියුමක් ලැබුණා. දිග ඇරලා බැලුවම එයාට තේරුනා තමන්ව ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් කැඳවා ඇති බව. මේක ලැබිච්ච වෙලාවේ ඉඳන් ඒ ව්‍යාපාරිකයා ගොඩක් කලබලෙන් පසු උනා.

කොහොම හරි යන්න ඕන නිසාත්, කිසි කරදරයකට පැටලෙන්න අකැමති නිසාත්, එයා තීරණය කළා කොහොම හරි අදාළ දවසේ ආදායම් බදු නිලධාරීන් හම්බවෙලා මොකක් හරි පිලියමක් යොදනවා කියලා.

ඉතින් කල්පනා කර කර ඉඳලා අන්තිමේදී තමන්ගේ ගණකාධිකාරිවරයා ලඟට ගිහින් විස්තරේ කිව්වා. කියලා ඇහුවා තමන් මොකක්ද ඇඳගෙන යන්න ඕන ඇඳුම කියලා.

"හරි, මෙහෙම කරන්න. ඔයා ගාව තියෙන කැතම ඇඳුම් ඇඳගෙන යන්න, එතකොට එයාල හිතයි ඔයා, එයාලා හිතන තරම් පොහොසතෙක් නෙවෙයි කියලා" ගණකාධිකාරිවරයා තමන්ගේ උපාය පැහැදිලි කළා.

මේ අදහස හිතේ තියාගෙන කෝකටත් නීතිමය උපදෙසුත් ගන්න ඕන කියලා ගියා තමන්ගේ නීතිඥයා හම්බ වෙන්න. එත් නීතිඥයාගෙන් ලැබුනේ හාත්පසින්ම වෙනස් පිළිතුරක්.

Tuesday, September 25, 2012

ඔයා නියමයි...

මේක ඇත්ත කතාවක් කියලා තමයි සඳහන් වෙලා තිබ්බේ. මේක සිද්ධ වෙන්නේ පැරීසියේ, අවුරුදු කීපයකට කලින්. කට්ටිය දන්නවනේ ඔය ඔපෙරා කියන තැන්, අර "ඔපෙරා හවුස්" කියන්නේ? මේ කතාව වෙන්නේ ඔය වගේ ඔපෙරා කියන තැනක.

ඔන්න එක්තරා සුප්‍රසිද්ධ ගායකයෙක්ගේ ප්‍රසංගයක් සංවිධානය කරලා තිබුනා මේ ඔපෙරා ශාලාවේ. විශාල මුදලක් අර ගායකයාට දීල තමයි කොන්ත්‍රාත්තුව අත්සන් කරලා තිබ්බේ. මේ ගායකයාගේ ප්‍රසිද්ධිය නිසාම විශාල පිරිසක් ප්‍රසංගය සඳහා ප්‍රවේශපත් ලබාගෙන තිබුනා. දවස් දෙකකින්ම ඔක්කොම ප්‍රවේශපත් විකිණුනා.

ඔන්න ඉතින් ප්‍රසංගය පැවෙත්වෙන දවසේ ඔපෙරා ශාලාව අතුරු සිදුරු නැතිව පිරී ඉතිරී ගිහින් තිබුනා. ඉතින් කොහොම කොහොම හරි, ප්‍රසංගයේ වෙලාවත් ලඟා උනා. හැම දෙනාම ගොඩක් ආසාවෙන්  බලං හිටියා තමන්ගේ ප්‍රියතම ගායකයා ඇවිත් තමන්ගේ ප්‍රියතම සිංදු ඉදිරිපත් කරනකන්.

Saturday, September 22, 2012

ණයක් ගන්න පුළුවන්ද ?

හැමදාම විහිළු කතා, ආදර්ශමත් කතා ලිය ලිය ඉදලා එකපාරට හිතුනා, ඇත්තටම වෙච්ච කේස් එකක් දාන්න. මේක පහුගිය දවසක, මට මතක විදිහට පහුගිය සතියේ වෙච්ච කතාවක්. ඔන්න කතාව.

කතාවට කලින්, මේ කතාවට දායකත්වය සපයන නළු නිළි පිරිස ගැන හැදින්වීමක් කරලා ඉන්නම් කෝ. මේකෙදී සල්ලිකාරයාගේ චරිතය රඟපාන්නේ, ඒ කියන්නේ ණය දෙන්න හදන්නේ මම. ඔව් බොලව්, ආගන්තුකයා තමයි. ණය ඉල්ලන්න එන්නේ මගේ යාලුවෙක්. අපි ඌට කියමු "තඩි මල්ලි" කියලා. මම ඒ නම දැම්මේ, මිනිහ ටිකක් හොදට කන බොන නිසා පීප්පයක් වගේ ඇඟකට උරුමකම් කියපු නිසාමයි. ඔච්චරයි ඉතින් මේ කතාවේ ප්‍රධාන නළු නිළි (නිළියො නම් නැහැ තමයි) පිරිස. එහෙනම් ඔන්න කතාව.

ඔන්න මම පහුගිය සතියේ දවසක කාර්යාලයේ ඉන්නකොට, උදේ 10ට විතර කෝල් එකක් ආවා. බැලුවම තඩි මල්ලියා. මාත් බැලුවා මේ මොකෝ මූට ගොඩක් කාලෙකට පස්සේ මාව මතක් වෙලා තියෙන්නේ කියලා. ඉතින් කෝකටත් ලොකු කතාවකට ලෑස්ති වෙලා මාත් කෝල් එක ආන්සර් කළා.


Thursday, September 20, 2012

ගෙම්බා

මේ  කතාවනම් ගොඩක් දෙනෙක් දන්නා, ඒ වගේම ගොඩක් දෙනෙක් අහලත් ඇති කතාවක්. ඒත් මම මේක බම්බා හන්දියේ දාන්න කියල හිතුවා. පොඩ්ඩක් හිතල බලලා හිනාවෙන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා.

ඔන්න කොල්ලෙක් ඉන්නවා ලු. පරිගණක මෘදුකාංග ඉංජිනේරුවෙක්, ඒ කියන්නේ සොෆ්ට්වෙයා ඉංජිනියර් කෙනෙක්. මෙයා නිවාඩු දවස්වල කලේ ලග තියෙන ගඟකට ගිහින් මාළු බාපු ඒක.

දවසක් මෙහෙම මාළු බාමින් ඉන්නකොට ඇහුනා සද්දයක් "මාව ගන්න, මාව ගන්න"...

ඉතින්  මෙයා තව ටිකක් ලං වෙලා බැලුවා මොකක්ද මේ සද්දේ කියලා. එයාට හිතුනා තමන් තමන් හීනයක් දකිනවා කියලා.... කෝකටත් කියලා තව ටිකක් විපරමින් බැලුවා මොකක්ද ඒ සද්දේ කියලා.

"මාව ගන්න, මාව ගන්න"

Sunday, September 16, 2012

හැන්ද


ඔන්න එක මහත්තයෙක් රාත්‍රී ආහාරය ගන්න නගරයේ පිහිටි සුපිරිම ආපන ශාලාවකට ගියා. ගිහින් සුව පහසු තැනක තිබිච්ච මේසයක වාඩි වෙලා වේටර් එනකන් බලන් හිටියා. ඒ අතරේ මෙයා දැක්ක එතනින් ගිය තවත් වේටර් කෙනෙක්ගේ සාක්කුවේ හැන්දක් තියෙන එක.
 
ටික වෙලාවකින් තමන් වාඩිවෙලා ඉන්න මේසයේ සේවය කරන වේටර්වරයා ආවම තමන්ට ඕන කරන කෑම බීම ඕඩර් කරන අතරේදී දැක්කා මේ වෙටර්ගේත් සාක්කුවේ හැන්දක් තියෙනවා. ඉතින් කෝකටත් කියල වට පිට බලනකොට දැක්කා, මේ හෝටලයේ ඉන්න හැම වේටර්කෙනෙක්ගෙම සාක්කුවේ අර විදිහට හැන්දක් තියෙනවා කියලා.
 

Saturday, September 15, 2012

ගොවියාගේ දුව

ඔන්න ආයිත් පොඩි විවේකයක් ලැබිලා පොඩි කතාවක් ලියන්න හිතුනා. හිතලා හිතලා අන්තිමේදී, ආදර්ශයක් ගන්න පුළුවන් කතාවක් ලියන්න ඕනෑ කියල හිතලා මේ කතාව ලියනවා. ඔන්න එහෙනම් කතාව.

ඔන්න  එක්තරා ගමක හිටියා තරුණ මහත්තයෙක්, ම්ම්ම් මහත්තයෙක් කිව්වට කොල්ලෙක් හරිද ? කොල්ලා ඉතින් බඳින වයසේ ඉන්න නිසා හොද කෙල්ලෙක් හොයල ආදරේ කරලා බදින්න තමයි හිතන් හිටියේ.

ඔහොම ටික කාලයක් යද්දී කොල්ලගේ හිත ගමේම හිටපු කෙල්ලෙකුට ඇදිලා ගියා. කොහොම කොහොම හරි හොයල බලද්දී කොල්ලා දැනගත්තා එයාගේ කෙල්ලගේ තාත්තා ගමේම වාසය කරන ගොවියෙක් කියලා. ඉතින් කොල්ලා හිතාගත්ත පපුව ඉස්සරහට දාල තමන්ගේ ආදරවන්තිය දෑත පතන්න.



Monday, August 27, 2012

ඔබත් පොහොසතෙක් ද ?

ඔන්න එහෙනම් තවත් ආදර්ශමත් කතාවක්... මේක සිද්ද වෙන්නේ ගොඩක් ධනවත් පවුලක.
ඔන්න එක කාලෙක හිටියා ගොඩාක් ධනවත් මනුස්සයෙක්. එයාට හිටියා පුතෙක්. දවසක් මේ ධනවතාට හිතුන තමන්ගේ පුතාව විනෝද ගමනක් එක්කන් යන්න. මේ විනෝද ගමනේ පරමාර්ථය උනේ දුප්පත් මිනිස්සු ජීවත් වන විදිහ පෙන්නන්න. විනෝද ගමනේ ගමනාන්තය ඉතා දුප්පත් පවුල් ජීවත් වන ඈත ගම්බද පලාතක්.
ඉතින් කොහොම කොහොම හරි සතියක් විතර මේ ගම්බද පළාතේ ඉතාමත් දුප්පත් පවුලක් ජීවත් වන ගෙදරක තමයි මේ දෙන්න නවාතැන් ගත්තේ. ඔන්න ඉතින් විනෝද ගමන අවසන් වෙලා ගෙදර යන අතරේ අර ධනවතා තමන්ගේ පුතාගෙන් අහනවා

Friday, August 24, 2012

ඉබි පවුලේ විනෝද ගමන

පොඩි නිවාඩුවකට පස්සේ හිතුනා තව ලිපියක් දාන්න...  දිගටම විහිළු කතා ලියන එකේ පොඩ්ඩක් ආදර්ශයකට ගත හැකි කතාවක් දාමු කියලා හිතලා තමයි මේක ලියන්නේ. ඔන්න එහෙනම් කතාව. මේ කතාව නම් ආච්චිලා හරි නාකි සීයලා හරි සම්බන්දයෙන් නෙවෙයි. කොටින්ම මේක ඉබි කතාවක්. සමහරු කලින්ම මේක අහලත් ඇති. අහල නැති අයට කියවන්නයි, කියවල තියෙන අයට ආයිත් මතක් වෙන්නයි මේ කතාව දානවා. ඔන්න කියවන්න.

ඔන්න එකමත් ඒක කාලෙක ඉන්නවා ඉබි පවුලක්. මේ ඉබි පවුලේ කට්ටියක් දවසක් කල්පනා කළා පොඩි විනෝද ගමනක් යන්න. ඉතින් ඔන්න ඉබ්බෝ කියන්නේ කොහොමත් ටිකක් විතර හෙමින් වැඩ කරන කට්ටිය නේ? ඉතින් ඒ ගොල්ලන්ට ඔය ගමන සංවිධානය කරන්න අවුරුදු 5ක් විතර වගේ පොඩි කාලයක් ගියා.

Wednesday, August 22, 2012

බේබද්දාගේ නිරීක්ෂණය

ඔන්න  ඒක ගෑණු කෙනෙක් සුපිරි වෙළඳ සැලකට (ඒ කියන්නේ සුපර් මාකට් එකකට) ගිහින් ගත්තලු,

කිරි ලීටර් 1 බෝතල් 1 යි,
බිත්තර 12 පැකට් 1 යි,
දොඩම් යුෂ ලීටර් 1 බෝතල් 1 යි,
ගෝවා ගෙඩි 1 යි,
කුඩු කරන ලද කෝපි කුඩු පැකට් 2 යි,
ශීත කරන ලද මස් ග්‍රෑම් 500 යි.

Tuesday, August 21, 2012

ආදරේ කරන්න හේතුව

ඔන්න  හැමදාම විහිළු කතා ලිය ලිය ඉදල එකපාරටම ටිකක් සීරියස් කතාවක් ලියන්න හිතුනා. මේක ඇත්තටම ඉස්සර මම අහල තිබ්බ කතාවක්. දැන් මේක ලියන්න හිතුනේ එක්කෙනෙක්ව මතක් වෙලා. අපි දෙන්න කතා කර කර ඉදිද්දී මම එයාට කිව්වොත් "මම ඔයාට ආදරෙයි" කියල එයා හැරෙන තැපෑලෙන්ම අහනවා "ඒ මොකද ඔයා මට ආදරේ ?" කියලා. දීපල්ලාකෝ ඕවට උත්තර. ඉතින් හැමදාම වගේ මට දීගන්න උත්තරයක් නැති වෙනවා. ඉතින් මට හිතුනා මේ කතාව දාන්න ඕන කියල. ගොඩක් කට්ටිය මේ කතාව කලින් අහල ඇති. කෝකටත් කියල ඔන්න එහෙනම් කතාව.



Monday, August 20, 2012

මගේ වයස කීයද ?

ඔන්න  තවත් නාකි කතාවක්... මේකේ එක ආච්චි කෙනෙක් ගැන තමයි කියවෙන්නේ.

ඔන්න එක ආච්චි කෙනෙක් තීරණය කළා ලු, තමන්ගේ උපන් දිනය දවසේ ඔය බියුටි කචල් කරන තැනකට ගිහින් තමන්ගේ මුණේ තියෙන ඔය රැළි එහෙම අයින් කරලා, පොඩි ෆේෂල් එකක් එහෙම දාලා පොඩ්ඩක් හැඩ වෙන්න. එයා ඒ වෙනුවෙන් රුපියල් 40,000 විතර වියදම් කළා. වැඩේ කෙරුණට පස්සේ තමන් ගැන පොඩි ආඩම්බරයක් ආව ලු හිතට.

Sunday, August 19, 2012

රස්සාව

ඔන්න  එහෙනම් තව එකක්... මේක ඉතින් රස්සා සම්බන්ධ කතාවක්. මේක කියවලා කට්ටිය මාත් එක්ක තරහ වෙයිද දන්නේ නැහැ. මොකක් උනත් ඔන්න කතාව එහෙනම්.

ඔන්න ඒක මනුස්සයෙක්, ඇත්තම කිව්වොත් කොල්ලෙක්, ගියාලු තැපැල් කන්තෝරුවකට (අර පෝස්ට් ඔෆිස් කියන්නේ). ගියේ රස්සාවකට අයදුම් කරන්න. ඔන්න ඉතින් එදාම රස්සාවට අයදුම් කරලා ඉන්ටර්වීව් එකත් එදාම සෙට් උනාලු.

Saturday, August 18, 2012

එකක් ඔයාට, එකක් මට

 ඔන්න ඈත පිටිසර ගමක උන සිද්දියක් තමයි මේක. ඔන්න ඔය ගමේ තියෙනවලු සොහොන් පිට්ටනියක්, ඕක වටේට ඉතින් වැටක් එහෙම ගහල තමයි ලු තිබ්බේ (වැට ගහල තිබ්බේ මොකටද කියලනම් මගෙන් අහන්න එපා, මැරිච්ච අය එලියට යන නිසා වෙන්න ඇති). ඉතින් ඔය සොහොන් පිට්ටනිය ඇතුලේ තිබ්බලු ලොකූවට වැඩිච්ච කොට්ටම්බා ගහක්.

ඔන්න දවසක් පොඩි ළමයි දෙන්නෙක් බාල්දියක් පිරෙන්න කොට්ටම්බා එකතු කරගෙන, ඔය කොට්ටම්බා ගහ යටට වෙලා තමන් ගාව තියෙන කොට්ටම්බා ටික බෙදාගන්න පටන් ගත්තලු.

"එකක් ඔයාට, එකක් මට. එකක් ඔයාට එකක් මට" කිය කිය එක ළමයෙක් කොට්ටම්බා ටික බෙදනවලු. ඔය අතරේ ඒ ළමයින්ගෙන් අත්හැරුන කොට්ටම්බා ගෙඩි ටිකක් රෝල් වෙවී ගිහින් අර වැට ගාව නැවතුනාලු.

Friday, August 17, 2012

මරණය

කලිනුත් නාකි කතාවක් මම ලිව්වා නේ.. ඔන්න තවත් සීයලාගේ කතාවක්. මේක සිද්දවෙන්නේ මහලු නිවාසයක. ඔන්න එහෙනම් කතාව.

ඔන්න එක මහලු නිවාසයක ඉන්නවා සිරා සීයා කෙනෙක් එයාට අපි කියමු ජෝන් මහත්තය කියල, ඔය මහලු නිවාසේම ඉන්නවා තරුණ නර්ස්ල ටිකකුත් ඔය සීයලව බලාගන්න. මේ නර්ස්ල සෙට් එකේ ඉන්නවා එක්කෙනෙක්, එයාට  තමයි අර මම කලින් කියපු සිරා සීයාව බලාගන්න භාර වෙලා තිබ්බේ. එයාගේ නම ජෙසිකා. ඔන්න ඕක තමයි දැන් කතාවේ බැක්ග්‍රවුන්ඩ් එක.