Sunday, September 16, 2012

හැන්ද


ඔන්න එක මහත්තයෙක් රාත්‍රී ආහාරය ගන්න නගරයේ පිහිටි සුපිරිම ආපන ශාලාවකට ගියා. ගිහින් සුව පහසු තැනක තිබිච්ච මේසයක වාඩි වෙලා වේටර් එනකන් බලන් හිටියා. ඒ අතරේ මෙයා දැක්ක එතනින් ගිය තවත් වේටර් කෙනෙක්ගේ සාක්කුවේ හැන්දක් තියෙන එක.
 
ටික වෙලාවකින් තමන් වාඩිවෙලා ඉන්න මේසයේ සේවය කරන වේටර්වරයා ආවම තමන්ට ඕන කරන කෑම බීම ඕඩර් කරන අතරේදී දැක්කා මේ වෙටර්ගේත් සාක්කුවේ හැන්දක් තියෙනවා. ඉතින් කෝකටත් කියල වට පිට බලනකොට දැක්කා, මේ හෝටලයේ ඉන්න හැම වේටර්කෙනෙක්ගෙම සාක්කුවේ අර විදිහට හැන්දක් තියෙනවා කියලා.
 


ඉතින් මේ ගැන මෙයාට ගොඩක් කුතුහලයක් ඇති උනා. තවදුරටත් ඉවසන් ඉන්න බැරිම තැන තමන්ට සේවය කරපු වේටර් එනකන් ඉඳලා මේ ගැන අහන්න තීරණය කරගත්තා. පැය භාගයකින් විතර අර වේටර් ඔඩරෙත් අරන් මේසය ගාවට ආවා. අර මහත්තයත් තමන් ගොඩක් වෙලා අහන්න ඕන කියලා හිත හිත හිටපු ප්‍රශ්නය අන්තිමේදී ඇහුවා.
 
"මේ මම මෙහෙම අහනවට වැරදියට හිතන්න එපා. මම අපු වෙලාවේ ඉඳලා දැක්කා මෙතන ඉන්න හැම වෙටර් කෙනෙක්ගෙම සාක්කුවේ හැන්දක් තියෙනවා. ඒ ඇයි කියල මට හිතාගන්න බැරි උනා. මොකද හැම හොටලේකම ඒ වගේ නැහැ නේ. ඉතින් මට කියන්න පුලුවන්ද ඇයි කියලා ?" 
 
ඉතින් අර වේටර් හිනාවෙලා කරුණු පහදන්න පටන් ගත්තා. "ආ ඒකද? මේ හෝටලයේ අයිතිකාරයා, ඒ කියන්නේ විලියම් මහත්තයා, පහුගිය දවසක, කාර්යක්ෂමතාව ගැන ගොඩක් ප්‍රසිද්ධ 'මැටිල්ඩා උපදේශන ආයතනය' හයර් කළා, ඒ අපේ හොටලයේත් කාර්යක්ෂමතාව වැඩි කරන්න."
 
"ඉතින් සාක්කුවේ හැන්දක් දාගෙන හිටියම කොහොමද කාර්යක්ෂමතාව වැඩිවෙන්නේ ?"
 
"ඉන්නකෝ මහත්තයා කියනකන්. ඉතින් පහුගිය මාසෙම අර ආයතනයෙන් අපේ හෝටලේ සිද්දවන වැඩ ගැන ඒ ගොල්ලෝ ලොකු සමීක්ෂණයක් කළා. ඉතින් ඒ සමීක්ෂණයකින් පෙනුනා හොටලෙකට එන සාමාන්‍ය ගනුදෙනුකරුවෙක් තමන්ගේ අනික් දෙවල්වලට වඩා, ඒ කියන්නේ ගෑරුප්පුව, පිහිය වගේ දේවල් වලට වඩා හැන්දක් බිම වට්ටගන්න පුළුවන් සම්භාවිතාව 73.88%කින්  වැඩියි කියලා. ඒ කියන්නේ පැයකට එක මේසෙකින් හැඳි 4ක් විතර බිම වැටෙන්න පුළුවන් සම්භාවිතාවක් තියෙනවා. ඉතින් ඔහොම වැටෙන වැටෙන පාරට අලුත් හැන්දක් ගෙනත් දෙන්න ගියොත් ඒකට ගොඩක් වෙලාවක් යනවා, ඒ මොකද ආයිත් ආයිත් කුස්සියට ගිහින් හැඳි ගේන්න වෙන නිසා. ඉතින් අපිට යෝජනා කළා හැම තිස්සෙම හැන්දක් සාක්කුවේ දාගෙන ඉන්න. ගනුදෙනුකරුවෙක්ගෙන් හැන්දක් වැටුනොත් අපි ගාව තියෙන හැන්ද දෙනවා, ඊළඟට කුස්සියට කෑම හරි බීම හරි ගේන්න ගිය වෙලාවකට හැන්දක් අරන් සාක්කුවේ දාගන්නවා. මේකෙන් එක්කෙනෙකුට එක ශිෆ්ට් එකකට, දළ වශයෙන් පැය 2ක විතර වෙලාවක් ඉතුරු වෙනවා."

 
මේක අහල ඉවර වෙනකොටම ඇහුනා පිටිපස්සෙන් යමක් වැටෙන සද්දයක්. හැරිලා බලපු අර මහත්මයා දැක්කා, ලග හිටපු වේටර් කෙනෙක් තමන්ගේ සාක්කුවේ තිබ්බ හැන්ද අර වට්ටපු කෙනාට දීලා, වැටිච්ච හැන්ද අරන් කුස්සියට ගියා.
 
මේක අහපු අර මහත්මයාගේ හිතට මේ අදහස ගැන ගොඩක් සන්තෝස හිතුනා. එහෙමම කෑම කන්න පටන් ගත්තා. ඒ අතරේදීත් වට පිට බලන්න අමතක කලේ නැහැ. ටික වෙලාවක් නිරීක්ෂණය කරගෙන ඉන්නකොට තවත් අපූරු දෙයක් දැක්කා. ඒ තමයි හැම වේටර් කෙනෙක්ගෙම කලිසමේ සිප් එක ගාව පොඩි නූලක් වගේ එකක් තියෙනවා කියලා. ඒ නූල සිප් එක එළියෙන් පටන් අරන් ඇතුලට වෙනකන් තියෙනවා වගේ තමයි මෙයාට පෙනුනේ.තමන්ගේ වේටර්වරයා පිටත් වෙලා යන්න කලින් කතාකරලා මේ ගැනත් අහන්න තීරණය කළා.
 
"මේ සමාවෙන්න. තව දෙයක් අහන්න තියෙනවා. මට කරුණා කරලා කියන්න පුලුවන්ද, අර අතන තියෙන නූල මොකක්ද කියලා ? මම දැක්කා එකත් හැම වෙටර් කෙනෙක්ගේම තියෙනවා කියලා."
 
"ආ ඒකද ?" වේටර්වරයා කටහඩේ සද්දය ටිකක් අඩු කරලා කිව්වා. "හැමෝම ඔය මහත්තයා වගේ පරීක්ෂාකාරී නැහැ. අර මම කලින් කියපු උපදේශන ආයතනය කිව්වා, අපි වොෂ් රූම් එකේ ගතකරන කාලයත් අඩු කරන්න ඕන කියලා. ඉතින් එයාල අපිට කිව්වා මේ වගේ නූලක් අරන් අපේ අරකෙ, ඒ කියන්නේ ඔය මහත්තයා දන්නවනේ, ඔන්න එකේ කෙළවර බැඳගන්න කිව්වා. එතකොට අපි මුත්‍රා කරන්න ගියාම සිප් එක ඇරලා නූලෙන් ඇද්දම එලියට එනවා. එතකොට අපිට අදාළ කාර්යය කරන්න පුළුවන්. එකෙන් වෙන්නේ අපිට ඒක අල්ලන්න ඕන නැති නිසා අත් හෝදන්න අවශ්‍යතාවක් එන්නේ නැහැ. එකෙනුත් 78.85%ක කාලයක් අපිට ඉතුරු වෙනවා."
 
"හරි. ඔයා කියපු කතාව මාත් පිලිගන්නවා. ඒක හොද ක්‍රමයක් තමයි. ඒත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔය ක්‍රමයට එලියට ගත්තා කියමු කෝ. කොහොමද ආයිත් ඇතුලට දාගන්නේ ?"
 
"ම්ම්ම්ම්ම්, හරි." වේටර් තවත් ටිකක් තමන්ගේ කට හඬ බාල කළා.
 

"මම දන්නේ නැහැ අනික් අය කොහොමද කරන්නේ කියලා. මමනම් පාවිච්චි කරන්නේ මගේ සාක්කුවේ තියෙන හැන්ද"

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

ප්‍රතිචාර (9)

  1. මරු හැන්ද පාවිච්චි කරන්න පුලුවන් තවත් ආකාරයක් මරු කතාව....

    ReplyDelete
    Replies
    1. පාවිච්චි කලාට කමක් නැහැ... හිර කරගන්නවා එහෙම නෑ හරිද ? :P

      Delete
  2. හොද කථාවක් නේද.. ආයෙමත් හිනහ උනා මම කථාව කියවලා..
    වේටර්ගේ කාර්යක්‍ෂම තාවය

    ReplyDelete
    Replies
    1. හා හා හා... චමීගේ බ්ලොග් එකෙත් ඕක තියෙනවා නේ :)

      Delete

මූණු පොතින් ()