Thursday, September 20, 2012

ගෙම්බා

මේ  කතාවනම් ගොඩක් දෙනෙක් දන්නා, ඒ වගේම ගොඩක් දෙනෙක් අහලත් ඇති කතාවක්. ඒත් මම මේක බම්බා හන්දියේ දාන්න කියල හිතුවා. පොඩ්ඩක් හිතල බලලා හිනාවෙන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා.

ඔන්න කොල්ලෙක් ඉන්නවා ලු. පරිගණක මෘදුකාංග ඉංජිනේරුවෙක්, ඒ කියන්නේ සොෆ්ට්වෙයා ඉංජිනියර් කෙනෙක්. මෙයා නිවාඩු දවස්වල කලේ ලග තියෙන ගඟකට ගිහින් මාළු බාපු ඒක.

දවසක් මෙහෙම මාළු බාමින් ඉන්නකොට ඇහුනා සද්දයක් "මාව ගන්න, මාව ගන්න"...

ඉතින්  මෙයා තව ටිකක් ලං වෙලා බැලුවා මොකක්ද මේ සද්දේ කියලා. එයාට හිතුනා තමන් තමන් හීනයක් දකිනවා කියලා.... කෝකටත් කියලා තව ටිකක් විපරමින් බැලුවා මොකක්ද ඒ සද්දේ කියලා.

"මාව ගන්න, මාව ගන්න"



ආයිත්  ඒ සද්දේ ඇහුනා, මේ පාර තමන්ට ඇත්තටම සද්දයක් ඇහුන බව සැකහැර දැනගත්තා. හොදින් විපරම් කරලා බලනකොට දැක්කා මේ සද්දේ ආවේ වතුර උඩ පාවෙමින් ඉන්න ගෙම්බෙක්ගෙන් කියලා... ඉතින් කෝකටත් කියල ගෙම්බත් එක්ක කතා කරලා බැලුවා.

"ඔයා මාත් එක්කද කතා කරන්නේ ?"

"ඔව් මනුස්සයෝ, වෙන කවුරුත් ඔතන ඉන්නවද මට කතා කරන්න? " ගෙම්බා කිව්වා. "මාව ගන්න. අරගෙන මට කිස් එකක් දෙන්න. එතකොට මම, ඔයා මේ ලෝකේ දැකපු ලස්සනම කෙල්ල බවට පරිවර්තනය වෙනවා. මට විශ්වාසයි ඔයාව දැකලා ඔයාගේ යාලුවෝ ඔක්කොම ගොඩක් ඉරිසියා කරාවි, මොකද මේ ලෝකේ ඉන්න ලස්සනම කෙල්ල, ඔයාගේ කෙල්ල උන ඒක ගැන. ඔයාගේ ජීවිතේ ගොඩක් සැපවත් වේවි. ඔයා මේ ලෝකේ ඉන්න වාසනාවන්තම කොල්ලා වේවි."

ඉතින් මේක අහපු අර අර කොල්ලා ටික වෙලාවක් කල්පනා කලා. අන්තිමේදී තීරණය කරලා ගෙම්බාව (හරියටම කිව්වොත් "ගෙම්බිව") අතට ගත්තා. එහෙමම කිස් එකක් දෙනවා වෙනුවට, ගෙම්බිව පරිස්සමින් තමන්ගේ සාක්කුවේ දාගත්තා.

ඒ වෙලාවේ ගොම්බිට ටිකක් මල පැන්නා. "තමුසෙට පිස්සුද? මම කියපු දේ තමුසෙට තේරුනේ නැද්ද ? මට කිස් එකක් දෙන්න. එතකොට මම ඔයාගේ ලස්සනම කෙල්ල වෙනවා."

ඉතින්  මේ කොල්ලා පාස්සුව ටිකක් ඇරලා ගෙම්බිට කිව්වා

"ඔයා දන්නේ නැති උනාට මම 'සොෆ්ට්වෙයා ඉංජිනියර්' කෙනෙක්. කෙල්ලෙකුට වඩා මට කතා කරන ගෙම්බෙක්ව තියාගන්න ඒක ලේසියි"

ඔන්න ඕකලු ඉතින් පරිගණක මෘදුකාංග ඉංජිනේරුවන්ගේ ඒ කියන්නේ සොෆ්ට්වෙයා ඉංජිනියර්ස්ලාගේ ඇත්ත තත්වේ.
:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

හිතෙන දේ කියන්න

මූණු පොතින් ()