ඔන්න එක මහලු නිවාසයක ඉන්නවා සිරා සීයා කෙනෙක් එයාට අපි කියමු ජෝන් මහත්තය කියල, ඔය මහලු නිවාසේම ඉන්නවා තරුණ නර්ස්ල ටිකකුත් ඔය සීයලව බලාගන්න. මේ නර්ස්ල සෙට් එකේ ඉන්නවා එක්කෙනෙක්, එයාට තමයි අර මම කලින් කියපු සිරා සීයාව බලාගන්න භාර වෙලා තිබ්බේ. එයාගේ නම ජෙසිකා. ඔන්න ඕක තමයි දැන් කතාවේ බැක්ග්‍රවුන්ඩ් එක.
දවසක් ජෝන්ගේ කාමරයට ගිය ජෙසිකා දැක්කලුගොඩක් දුකින් ඉන්න ජෝන්ව. ඉතින් ලගට ගිහින් ඇහුවලු "ජෝන් මහත්තය, මොකෝ ඔයා දුකින් වගේ? මොකක් හරි ප්‍රශ්නයක් ද ?"
ඉතින් ජෙසික දිහා ගොඩක් දුකින් බලපු ජෝන් කිව්වලු "අනේ බලන්නකෝ ජෙසිකා නෝනා, මගේ අහවල් අවයවය අද උදේ මරුන නේ..."
මේක අහපු ජෙසික ටිකක් අවුල් උනා ලු, එත් ඉතින් දන්නවා නේ ඔය නාකි සීයලාගේ හැටි, එක එක අය එක එක විකාර කරනවා නේ. ඉතින් අවුල් උන බවක් පෙන්නන්නෙ නැතිව දුකින් වගේ කිව්වා ලු "ඕ! එහෙමද? මට ඒ ගැන ගොඩක් කනගාටුයි.". එහෙම කියල හෙමින් සීරුවේ මාරු වෙලා ගියාලු.
ඊලග දවසේ තමන්ගේ කාමරයට වෙලා හිටපු ජෙසිකාට අහුනලු මහලු නිවාසේ ඉන්න කට්ටිය (ඒ කිව්වේ නර්ස්ල තව ඕකෙම ඉන්න මහලු කට්ටිය එහෙම) කෑ ගහන සද්දේ. ඉතින් මොකක්ද වෙන්නේ කියල බලන්න එලියට ගිහින් බැලුව ලු.
මෙයා දැක්කලු අර කලින් කියපු ජෝන් තමන්ගේ අහවල් අවයවය එළියේ දාගෙන මහලු නිවාසේ වටේ යන එක. ඉක්මනට ඉක්මනට ජෝන් ගාවට දුවගෙන ගිය ජෙසිකා ඇහුවලු
"ජෝන් මහත්තය මොකක්ද මේ කරන්නේ ඕක එලියට දාගෙන, කෝ ඔන්න ඕන ඇතුලට දාගන්න"
"ඉතින් ජෙසිකා නෝනා මම ඊයේ කිව්වා නේ මගේ අහවල් එක උදේ මරුන කියල"
"ඔව් ඔයා කිව්වා තමයි, ඉතින් ඇයි ඕක දැන් එළියේ දාගෙන වටේ යන්නේ ?"
"නෑ, අද මම මේක මහජන ප්‍රදර්ශනය සදහා මහලු නිවාසේ වටේ අරන් යනවා"
අදනම් පිස්සු කතාවක් බං
ReplyDeleteසොරි වෙන්න ඕන කතාව චාටර් නම් :(
Deleteමට මේක තේරුණේ නෑ @-)
ReplyDeleteඔන්න එහෙනම් මම "ටියුබ් ලයිට්" කියල ටැග් එකකුත් එකතු කළා. :P
Deleteපස්සේ භුමදානයද? ආදාහනයද?
ReplyDeleteආදාහනය කරලා භූමදානය කලානම් කෝකටත් හොදයි නේ ? :D
Delete