Showing posts with label පොඩි උන්ගේ වැඩ. Show all posts
Showing posts with label පොඩි උන්ගේ වැඩ. Show all posts

Monday, November 26, 2012

උසාවියට ගිය ආච්චී

ඔන්න ආච්චි කෙනෙක්ව උසාවියට කැදෙව්වා.

විත්තියේ නීතීඥයා: ඔයාගේ වයස කීයද ?

ආච්චී: මට දැන් 88ක් වෙනවා.

විත්තියේ නීතීඥයා: කරුණා කරලා ඔබගේම වචනවලින් කියනවද මොකක්ද උනේ කියලා ?


ආච්චී: මම ගිය සතියේ දවසක උදේ මගේ ගෙදර සාලේ තියෙන ඔන්චිල්ලාවේ මගේ පාඩුවේ වාඩිවෙලා පොඩි රෙස්ට් එකක් ගත්තා. ඒ වෙලාවේ තරුණ කොලු ගැටයෙක් වත්තේ වැටෙන රිංගලා ඇවිත් ඔන්චිල්ලාවේ මගේ ළඟ වාඩි උනා.

Friday, August 10, 2012

පොඩි එකාගේ කතාව

මේක ඇත්තටම මට ඊයකින් ආපු එකක්. කලින් කියවල තිබුනානම් සමාව භාජනය කරත්වා. පොඩි කතාවක් ඒත් හිතට ගන්න දෙයක් තියෙන කතාවක. ඔව් ඔව් අර කියන්නේ “මොරාල් ඔෆ් ද ඉස්ටෝරි” කියල. ඔව් අන්න එක තමයි. එහෙනම් කෙලින්ම කතාවට බහිමු කෝ.

මේක උනේ එක්තරා නගරෙක හිටපු අබිත්තන් කොලු පැටියෙක් ඉන්න පවුලක. පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි මේ පොඩි එකයි. දවසක් මේ පොඩි එකා තාත්ත එක්ක ගියාලු shopping කරන්න. ඒ ගමන්ම ඉතින් park එක පැත්තටත් එක්කන් ගියාලු. කොහොමින් කොහොම හරි හවස් උනාට පස්සේ පොඩි එකා තාත්තගේ අතේ එල්ලිලා ගෙදර ආවලු. මහන්සිය හින්ද තාත්ත පොඩි wash එකක් දාගන්න ගිය අතරේ පොඩ්ඩ කුස්සිය දිහාවට ගියාලු අම්ම මොනවාද කරන්න බලන්න. අම්ම ඇහුවලු “කොහොමද පුතා අද දවස? මොනවාද කලේ තාත්ත එක්ක?”. පොඩි එකත් ඉතින් කල්පනා කර කර ඉදල කිව්වලු “Shopping කරනකොට තාත්ත තනියම මාත් එක්ක තමයි හිටියේ, ඒත් Park එකට ගියාම තාත්ත මාත් එක්ක සෙල්ලම් කලේ නැහැ” කියල. ඉතින් අම්මත් අතෑරියේ නැතිලු, ඇහුවලු “ඒ මොකෝ පුතා” කියල. “නෑ අම්මි, අර අපේ එහා වත්තේ ඉන්න රෝස්මරි ආන්ටිත් ඇවිල්ල හිටිය නේ Park එකට, තාත්ත එයා එක්ක කතා කර කර ඉදල කොනේම තියෙන පඳුර ඇතුලට ගියා, මාත් ඉතින් බලන්න ගියා. එතකොට රෝස්මරි ආන්ටි අත උඩට ඉස්සුවා, තාත්ත එයාගේ ගවුම ගැලෙව්වා, රෝස්මරි ආන්ටිත් තාත්තගේ Shirt එක ගැලව්වා”. ඔහොම කියන යන අතරේ අම්මගේ ටිකිරි මොලේට මීටර් උනා මොකක්ද වෙලා තියෙන්නේ කියල. ඉතින් හොද වැඩක් කරන්නම් කියල, කිව්වා ලු “පුතා, හරි දැන් ගිහින් Wash එකක් දාගන්න, අපි ඔය කතාව හෙට ආච්චි අම්මල රෑ කෑමට ආවම කියමු”. ඉතින් පොඩි එකත් හා කියල ගිහින් Wash එකක් එහෙම දාගෙන දොයිය ගත්තලු.