Showing posts with label 18ට වැඩි. Show all posts
Showing posts with label 18ට වැඩි. Show all posts

Thursday, November 29, 2012

නිර්වස්ත්‍ර කොලනිය

ඔන්න ළමයි තවත් පොඩි කතාවක්.... පහුගිය දවස්වල දාපු කතා ඔක්කොම ටිකක් විතර වල පැත්තට බර ඒවා කියලා කීප දෙනෙක්ගෙන්ම පැමිණිලි ආවා. ඉතින් මම හිතුවා වල් නැති කතාවක් හෙවත් නොවල් කතාවක් ලියන්න. බයිලා ඇති නේ. කතාවට බහිමු එහෙනම්. කලින්ම කිව්වා ඔන්න මේක හිනා යන කතාවක් නම් නෙවෙයි.


ඔන්න එක මනුස්සයෙක් ට්‍රිප් එකක් ගියා නිර්වස්ත්‍රව මිනිස්සු ඉන්න කොළනියකට. අර ඉංග්‍රීසියෙන් කියන්නේ Nudist Colony කියලා. ඉතින් නමින්ම තේරෙනවා ඇතිනේ ඔතන කොහොම තැනක්ද කියලා? ඒ කියන්නේ ඔතන ඉන්න හැම දෙනාම ඉන්නේ ඇඳුම් නැතිව..... හරි ආයිත් කතාවට එහෙනම්.




Monday, November 26, 2012

උසාවියට ගිය ආච්චී

ඔන්න ආච්චි කෙනෙක්ව උසාවියට කැදෙව්වා.

විත්තියේ නීතීඥයා: ඔයාගේ වයස කීයද ?

ආච්චී: මට දැන් 88ක් වෙනවා.

විත්තියේ නීතීඥයා: කරුණා කරලා ඔබගේම වචනවලින් කියනවද මොකක්ද උනේ කියලා ?


ආච්චී: මම ගිය සතියේ දවසක උදේ මගේ ගෙදර සාලේ තියෙන ඔන්චිල්ලාවේ මගේ පාඩුවේ වාඩිවෙලා පොඩි රෙස්ට් එකක් ගත්තා. ඒ වෙලාවේ තරුණ කොලු ගැටයෙක් වත්තේ වැටෙන රිංගලා ඇවිත් ඔන්චිල්ලාවේ මගේ ළඟ වාඩි උනා.

Sunday, November 25, 2012

උණ්ඩ තුන

ඔන්න ඉතින් පොඩි කතාවක් කොටන්න තරම් විවේකයක් ලැබුනා. මේක මට ඊයකින් ලැබිච්ච එකක්. හරි ඔන්න එහෙනම් කතාව.

ඔන්න එක ගෑණු කෙනෙක්ට බබාලා තුන්දෙනෙක් ලැබෙන්න හිටියා. ඒ කියන්නේ තුන් නිවුන් දරුවෝ. දවසක් මේ ගෑණුකෙනා බැංකුවක් ගාවින් යනකොට සද්දයක් ඇහිලා හැරිලා බැලුවා. එයා දැක්කා මූණ වහගත්තු හොරුන් පිරිසක් බැංකුව කොල්ල කනවා කියලා. එයාට බයට කෑ ගැහුනා. මේකෙන් කලබල වෙච්ච හොරෙක් මේ ගෑණු කෙනා දිහාවට තමන්ගේ තුවක්කුව හරවලා තුන්සැරයක් වෙඩි තිබ්බා. ඔක්කොම වෙඩි ටික වැදුනේ මෙයාගේ බඩට.


Friday, October 5, 2012

අච්චාරු

මේක ටිකක් අසභ්‍ය ගණයට වැටෙන කතාවක්. ගොඩක් කල්පනා කරලා අන්තිමේදී මේක දාමු කියල හිතිලා දානවා. ඔන්න මම කලින්ම කිව්වා මේක අසභ්‍ය ගණයට අයිති එකක් කියලා. කියෙව්වට පස්සේ මට බනින්න නම් ලෑස්ති වෙන්න එපා.....

මේක ඇත්තටම වෙච්ච සීන් එකක්. කේස් එක වෙලා දැන් අවුරුද්දක් විතර ඇති. මම මෙතන කියන කට්ටිය සමහරුන්ගේ ඇත්ත නම් පාවිච්චි කරන්නේ නැහැ. හරි, ඔන්න එහෙනම් කතාව.

ඔන්න දවසක් අපි කට්ටියක් සෙට් පොඩි කතාවක් දාගෙන හිටියා. මෙතන කට්ටිය කිව්වේ මම, තාරකයා (තාරක කිව්වට උගේ ඇත්ත නම වෙන එකක්. තාරක කිව්වේ උගේ කාඩ් එක), දුමියා, නිශාන් සහ රොෂාන්. ඉතින් අපි සෙට් වෙලා වල් පල් කතා කර කර ඉන්නකොට, ටික වෙලාවකින් ඔතනට සම්ප්‍රාප්ත උනා අපේ සෙට් එකේ ගෝතයා රවියා. ඌත් කොහොමින් කොහොම හරි අපේ කතාවට ප්ලග් උනා.

Sunday, August 19, 2012

රස්සාව

ඔන්න  එහෙනම් තව එකක්... මේක ඉතින් රස්සා සම්බන්ධ කතාවක්. මේක කියවලා කට්ටිය මාත් එක්ක තරහ වෙයිද දන්නේ නැහැ. මොකක් උනත් ඔන්න කතාව එහෙනම්.

ඔන්න ඒක මනුස්සයෙක්, ඇත්තම කිව්වොත් කොල්ලෙක්, ගියාලු තැපැල් කන්තෝරුවකට (අර පෝස්ට් ඔෆිස් කියන්නේ). ගියේ රස්සාවකට අයදුම් කරන්න. ඔන්න ඉතින් එදාම රස්සාවට අයදුම් කරලා ඉන්ටර්වීව් එකත් එදාම සෙට් උනාලු.