Saturday, September 15, 2012

ගොවියාගේ දුව

ඔන්න ආයිත් පොඩි විවේකයක් ලැබිලා පොඩි කතාවක් ලියන්න හිතුනා. හිතලා හිතලා අන්තිමේදී, ආදර්ශයක් ගන්න පුළුවන් කතාවක් ලියන්න ඕනෑ කියල හිතලා මේ කතාව ලියනවා. ඔන්න එහෙනම් කතාව.

ඔන්න  එක්තරා ගමක හිටියා තරුණ මහත්තයෙක්, ම්ම්ම් මහත්තයෙක් කිව්වට කොල්ලෙක් හරිද ? කොල්ලා ඉතින් බඳින වයසේ ඉන්න නිසා හොද කෙල්ලෙක් හොයල ආදරේ කරලා බදින්න තමයි හිතන් හිටියේ.

ඔහොම ටික කාලයක් යද්දී කොල්ලගේ හිත ගමේම හිටපු කෙල්ලෙකුට ඇදිලා ගියා. කොහොම කොහොම හරි හොයල බලද්දී කොල්ලා දැනගත්තා එයාගේ කෙල්ලගේ තාත්තා ගමේම වාසය කරන ගොවියෙක් කියලා. ඉතින් කොල්ලා හිතාගත්ත පපුව ඉස්සරහට දාල තමන්ගේ ආදරවන්තිය දෑත පතන්න.




දවසක් උදේ පාන්දරම ජැන්ඩි 5ට ඇඳගෙන ගියා තමන්ගේ ආදරවන්තියගේ පියාණෝ, ඒ කියන්නේ අර කියපු ගොවියා හම්බ වෙන්න. ටිකක් වෙලා කතා කර කර ඉඳලා කිව්වා තමන් ඔහුගේ දුවව බඳින්න කැමතියි කියලා. තරුණයා කියපු කතාව ටිකක් වෙලා අහගෙන හිටපු ගොවියා කිව්වා,
"පුතා, මුලින්ම බලමු ඔයා මගේ දුව බදින්න සුදුස්සෙක්ද කියලා. ඔයා ගිහින්න මගේ ගොවිපල ඉස්සරහ, අර පේන මඩුව ඉස්සරහා තියෙන එළිමහනේ හිටගන්න. මම මගේ ගොවිපලේ ඉන්න කුළු හරක් 3දෙනෙක් මඩුවෙන් එලියට දානවා. ඔයා එයින් එකෙක්ගේ හරි වලිගයෙන් ඇල්ලුවොත් ඔයාට පුළුවන් මගේ දුව විවාහ කරගන්න"

ටිකක් වෙලා කල්පනා කරපු තරුණයා අන්තිමේදී මේ යෝජනාවට එකඟ උනා. ලෑස්තිවෙලා ගිහින් මඩුව ඉස්සරහ හිටගත්තා.

ටික වෙලාවකින් මඩුවේ දොර ඇරෙන සද්දය ඇහුනා. තමන් ජීවිතේ කාලෙම දැකපු ලොකුම කුළු හරකා මඩුව ඇතුලෙන් එලියට එන හැටි මේ තරුණයාට පෙනුනා. "මූ ලොකු වැඩියි. තව හරක් දෙන්නෙක් ඉන්නවා නේ. මූට යන්න දීල අනික් එකාට ට්‍රයි එකක් දෙමු". එහෙම හිතලා උත්සාහ කරන්නේවත් නැතිව පළමු හරකාට යන්න දුන්නා.

ඔන්න ආයිත් මඩුවේ දොර අරුනා. තමන් දැකපු දෙයින් තරුණයාට තමන්ගේ දෑස් අදහාගන්න බැරි උනා. කලින් ගිය හරකාට වඩා දරුණු, ඒ වගේම ලොකු තවත් කුළු කරක් මඩුවෙන් එලියට ආවා. මේ අවස්ථාවෙත් කලින් වගේම කිසිම උත්සාහයක් නොදරාම හරකාට යන්න ඉඩ ඇරියා.

තුන්වන වතාවටත් මඩුවේ දොර අරුනා. මේ වෙලාවේ තරුණයාගේ මූනේ හිනාවක් ඇදුනා. ඒ වෙන මොකක්වත් නිසා නෙවෙයි, මේ පාර මඩුවෙන් එලියට ආවේ කැහැටු වෙච්ච, ගොඩක්ම දුර්වල වෙච්ච, හරියට ඇවිදගන්නවත් බැරි හරකෙක්.

"මූ තමයි මම මෙච්චර වෙලා බලාගෙන හිටපු එකා." කියල හිතපු තරුණයා දුවගෙන ගිහින් හරකාගේ ඇඟට පැනලා හයියෙන් අල්ලගත්තා. ඒත් තමන් දැකපු දෙයින් ඒ තරුණයාගේ බලාපොරොත්තු සියල්ල සුනු විසුනු වී ගියා.... හරකා කොච්චර දුර්වල, කැහැටු එකෙක් උනත්, ඒ හරකාට වලිගයක් තිබුනේ නැහැ....

අපේ ජීවිතෙත් ටිකක් මේ වගෙයි කියල හිතෙනවා. (ඒ කියන්නේ කැහැටු වෙච්ච, දුර්වල වෙච්ච, වලිගෙ නැති හරකෙක් වගේ කියන එක නෙවෙයි), අපේ ජීවිතෙත් අවස්ථාවන් (opportunities) ගොඩක් පිරිලා තියෙනවා. සමහර ඒවා ගොඩක් ලේසියෙන් ලබාගන්න පුළුවන් ඒවා, තවත් සමහරක් ලබාගන්න අමාරු ඒවා. ඒත් අපි ඒ අවස්ථාවකට මගහැරෙන්න දුන්නොත්, ඒ වගේම වෙනත් හොද අවස්ථාවක් ලැබෙයි කියල හිතලා ඒ අවස්ථාවන් ලබාගන්න උත්සාහ නොකර යන්න දුන්නොත්, ඒ අවස්ථාවන් අපිට ජීවිතේ කිසිම කලකදී නොලැබී යන්න පුළුවන්. ඉතින් මේකෙන් ආදර්ශයට ගන්න තියෙන්නේ,
"තමන්ට ලැබෙන කිසිම අවස්ථාවක් නිකරුනේ නාස්තිවෙලා යන්න දෙන්න එපා. තමන්ට ලැබෙන පළමු අවස්ථාවම ලබාගන්න".
:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

ප්‍රතිචාර (4)

  1. උඹ දැන් ලියන්නේ විහිලු කතා විතරක්ම නෙවෙයි නේද? :)
    ජය වේවා මචං මේක හොඳ ආදර්ශමත් කතාවක්.

    ReplyDelete
    Replies
    1. පටන් ගත්තේ විහිළුවලින් තමයි... පස්සේ ටික ටික සීරියස් වෙන්න පටන් ගත්තා :P
      තැන්ක්යූ වෙන්න ඕන මචෝ....

      Delete
  2. Replies
    1. හී හී :) ඕවා ඔහොම තමයි... ඊළඟ වතාවේ බලමු :)

      Delete

මූණු පොතින් ()