ඔන්න ඉන්නවලු කොල්ලෙකුයි කෙල්ලෙකුයි. දෙන්නට දෙන්න මාරම ආදරෙයි ලු. දවසක දෙන්න හම්බ වෙච්ච වෙලාවේ කෙල්ල අහනවා ලු කොල්ලගෙන්,
කෙල්ල: ඇයි ඔයා මට ආදරේ?
කොල්ලා: මට එකට කියන්න විශේෂ හේතුවක් නැහැ, එත් මම ඔයාට ගොඩක් ආදරෙයි.
කෙල්ල: ඔයාට හේතුවක් කියන්න බැරිනම් ඔයා කොහොමද කියන්නේ ඔයා මට ආදරෙයි කියල ?
කොල්ලා: මම ඇත්තටම දන්නේ නැහැ හේතුව, එත් මට ඔප්පු කරන්න පුළුවන් මම ඔයාට ආදරෙයි කියල.
කෙල්ල: ඔප්පු කරන්න ? ඕන නැහැ, මගේ හොදම යාලුවාගේ කොල්ලට පුලුවන්නම් කියන්න එයාගේ ආදරේ ඇයි ඔයාට මට කියන්න බැරි ?
කොල්ලා: හරි හරි!!! ම් ම් ම්... මම ඔයාට ආදරේ,
ඔයා ලස්සන හින්දා,
ඔයාගේ කටහඩ ගොඩක් මිහිරි හින්දා,
ඔයා මං ගැන ගොඩක් හිතන හින්දා,
ඔයා මට ගොඩක් ආදරේ හින්දා,
ඔයාගේ හිනාව නිසා,
ඔයා කරන හැම දේටම මම ආස හින්දා,
මේක අහපු කෙල්ලට ගොඩක් සන්තෝස හිතුනා.. ඉතින් ඔතනින් ඔය කතාව ඉවර උනා.
ටික දවසකට පස්සේ කොල්ලට කෝල් එකක් ආවලු රෝහලින්, කෙල්ල අනතුරකට ලක් වෙලා කියල. එයා කෝමා තත්වයට පත් වෙලා. කොල්ල ඉක්මනට ගියා තමන්ගේ ආදරවන්තියව බලන්න. එයා කෙල්ලගේ ලඟින් ලියුමක් තිබ්බ. එකේ ලියල තිබ්බා,
ඔයාගේ ලස්සන කටහඩ නිසා මම ඔයාට ආදරේ කළා,
දැන් ඔයාට කතා අක්රන්න පුලුවන්ද ? බැහැ!! ඒ නිසා මට ඔයාට ආදරේ කරන්න බැහැ.
ඔයා මං ගැන ගොඩක් හිතුව, මට ආදරේ කරපු නිසා මම ඔයාට ආදරේ කළා,
දැන් ඔයාට ඒවා පෙන්නන්න පුලුවන්ද ? බැහැ! ඒ නිසා මට ඔයාට ආදරේ කරන්න බැහැ.
ඔයාගේ හිනාව නිසා මම ඔයාට ආදරේ කළා,
දැන් ඔයාට හිනා වෙන්න පුලුවන්ද ? බැහැ! ඒ නිසා මට ඔයාට ආදරේ කරන්න බැහැ.
ඔයා කරන හැම දේටම ආස හින්දා, මම ඔයාට ආදරේ කළා,
දැන් ඔයාට කිසි දෙයක් කරන්න බැහැ, ඒ නිසා මට ඔයාට ආදරේ කරන්න බැහැ.
ආදරේ කරන්න හේතුවක් ඕනනම් මේ වෙලාවේ මට ඔයාට ආදරේ කරන්න කිසි හේතුවක් නැහැ.
ආදරේ කරන්න කිසි හේතුවක් ඕන නැහැ,
ඉතින් මම ඔයාට තාමත් ආදරෙයි, ඉස්සරටත් වඩා මම ඔයාට ආදරෙයි.
"මේ ලෝකේ තියෙන ගොඩක්ම ලස්සනම, වටිනාම දේවල් අපිට දකින්න බැහැ, අල්ලන්න බැහැ, එත් ඒවා අපිට දැනෙනවා. හදවත ඇතුලින්ම.....
--------------------------------------------------------------------------------------------------------------------
ඔන්න ඉතින් ෆුල් සෙන්ටිමෙන්ටල් කතාවක් ලිව්වා. මේ ජාතියේ පලවෙනි කතාව හින්දා අඩු පාඩු තිබුනොත් පෙන්නලා දෙන්න කියල මම ඉල්ලා හිටිනවා.
"මේ ලෝකේ තියෙන ගොඩක්ම ලස්සනම, වටිනාම දේවල් අපිට දකින්න බැහැ, අල්ලන්න බැහැ, එත් ඒවා අපිට දැනෙනවා. හදවත ඇතුලින්ම....." මේ ටිකට තමයි මම ආසම :)
ReplyDeleteදිගටම ලියන්න... :)
බොහොම ස්තූතියි උන්මාදිනියේ......
Deleteඔන්න පට්ට කතාවක් කලින් අහලා තිබ්බා වුනත් ආයේ ආයේ අහන්න ආසයි මේ වගේ සිරා කතා මචෝ.
ReplyDeleteඔන්න එහෙනම් මචෝ අද දවසේ චාටර් කතාව වෙනුවට හොද එකක් දුන්නා :P
Deleteබොහොම ස්තූතියි කිව්වා ප්‍රතිචාරයට :D