Showing posts with label සත්‍ය සිදුවීම්. Show all posts
Showing posts with label සත්‍ය සිදුවීම්. Show all posts

Friday, October 5, 2012

අච්චාරු

මේක ටිකක් අසභ්‍ය ගණයට වැටෙන කතාවක්. ගොඩක් කල්පනා කරලා අන්තිමේදී මේක දාමු කියල හිතිලා දානවා. ඔන්න මම කලින්ම කිව්වා මේක අසභ්‍ය ගණයට අයිති එකක් කියලා. කියෙව්වට පස්සේ මට බනින්න නම් ලෑස්ති වෙන්න එපා.....

මේක ඇත්තටම වෙච්ච සීන් එකක්. කේස් එක වෙලා දැන් අවුරුද්දක් විතර ඇති. මම මෙතන කියන කට්ටිය සමහරුන්ගේ ඇත්ත නම් පාවිච්චි කරන්නේ නැහැ. හරි, ඔන්න එහෙනම් කතාව.

ඔන්න දවසක් අපි කට්ටියක් සෙට් පොඩි කතාවක් දාගෙන හිටියා. මෙතන කට්ටිය කිව්වේ මම, තාරකයා (තාරක කිව්වට උගේ ඇත්ත නම වෙන එකක්. තාරක කිව්වේ උගේ කාඩ් එක), දුමියා, නිශාන් සහ රොෂාන්. ඉතින් අපි සෙට් වෙලා වල් පල් කතා කර කර ඉන්නකොට, ටික වෙලාවකින් ඔතනට සම්ප්‍රාප්ත උනා අපේ සෙට් එකේ ගෝතයා රවියා. ඌත් කොහොමින් කොහොම හරි අපේ කතාවට ප්ලග් උනා.

Saturday, September 22, 2012

ණයක් ගන්න පුළුවන්ද ?

හැමදාම විහිළු කතා, ආදර්ශමත් කතා ලිය ලිය ඉදලා එකපාරට හිතුනා, ඇත්තටම වෙච්ච කේස් එකක් දාන්න. මේක පහුගිය දවසක, මට මතක විදිහට පහුගිය සතියේ වෙච්ච කතාවක්. ඔන්න කතාව.

කතාවට කලින්, මේ කතාවට දායකත්වය සපයන නළු නිළි පිරිස ගැන හැදින්වීමක් කරලා ඉන්නම් කෝ. මේකෙදී සල්ලිකාරයාගේ චරිතය රඟපාන්නේ, ඒ කියන්නේ ණය දෙන්න හදන්නේ මම. ඔව් බොලව්, ආගන්තුකයා තමයි. ණය ඉල්ලන්න එන්නේ මගේ යාලුවෙක්. අපි ඌට කියමු "තඩි මල්ලි" කියලා. මම ඒ නම දැම්මේ, මිනිහ ටිකක් හොදට කන බොන නිසා පීප්පයක් වගේ ඇඟකට උරුමකම් කියපු නිසාමයි. ඔච්චරයි ඉතින් මේ කතාවේ ප්‍රධාන නළු නිළි (නිළියො නම් නැහැ තමයි) පිරිස. එහෙනම් ඔන්න කතාව.

ඔන්න මම පහුගිය සතියේ දවසක කාර්යාලයේ ඉන්නකොට, උදේ 10ට විතර කෝල් එකක් ආවා. බැලුවම තඩි මල්ලියා. මාත් බැලුවා මේ මොකෝ මූට ගොඩක් කාලෙකට පස්සේ මාව මතක් වෙලා තියෙන්නේ කියලා. ඉතින් කෝකටත් ලොකු කතාවකට ලෑස්ති වෙලා මාත් කෝල් එක ආන්සර් කළා.


Thursday, August 9, 2012

සල්ලි ගන්න


මේක මගේ බුදු ෆිට් එකක් බ්ලොග් එකකට ලියපු කතාවක්, උගේ අවසර ඇතුව මගේ බ්ලොග් එකේ පලවෙනි වැදගත් පොස්ට් එක විදිහට දානවා
හරි, ඔන්න එහෙනම් උගේ වචනවලින්ම කතාව.






මේක ඉතින් පහු ගිය කාලෙක වෙච්ච කතාවක්. අගේ කරන්නේ නැතිව කෙලින්ම කතාවට බහින්නම්කො.