ඔන්න දවසක් පොඩි ළමයි දෙන්නෙක් බාල්දියක් පිරෙන්න කොට්ටම්බා එකතු කරගෙන, ඔය කොට්ටම්බා ගහ යටට වෙලා තමන් ගාව තියෙන කොට්ටම්බා ටික බෙදාගන්න පටන් ගත්තලු.
"එකක් ඔයාට, එකක් මට. එකක් ඔයාට එකක් මට" කිය කිය එක ළමයෙක් කොට්ටම්බා ටික බෙදනවලු. ඔය අතරේ ඒ ළමයින්ගෙන් අත්හැරුන කොට්ටම්බා ගෙඩි ටිකක් රෝල් වෙවී ගිහින් අර වැට ගාව නැවතුනාලු.
මේ අතරේ තවත් ළමයෙක් බයිසිකලේක ඔතනින් යන අතරේ මේ දෙන්නගේ කතා බහ ඇහිලා ටිකක් වේගය කරලා තමන්ගේ ඇන්ටෙනාව ටිකක් ඒ පැත්තට හැරෙව්වා ලු. කොට්ටම්බා ගහ ලොකූවට හැදිලා තිබ්බ නිසා කාවවත් පෙනුනේ නැති උනාට "එකක් ඔයාට, එකක් මට" කියපු එක හොදට ඇහෙනවලු. මේක ඇහුන ගමන් කොල්ලට තේරුනා ලු මෙතන මොකක්ද වෙන්නේ කියල. ආයිත් බයික් එකේ නැගල ඉක්මනටම හයියෙන් පාගන්න ගත්තලු.
ඔය පාරේම එහාට වෙන්න පොඩි වංගුවක් තියෙනවා ලු. ඔය වංගුව ගන්නකොටම දැක්කලු වකුටු වෙච්ච, හරමිටියකින් යන සීයා කෙනෙක්ව.
"සීයේ සීයේ, ඉක්මනට එන්න. ඔයා විශ්වාස කරන එකක් නැහැ මට ඇහිච්ච දේ. අපේ සොහොන් පිට්ටනියේ දේව දූතයායි යක්ෂයි ආත්ම බෙදාගන්නවා, අරන් යන්න!!"
"අනේ නවත්තගනින් කොලුවෝ. උඹට පෙන්නේ නැද්ද මට මෙතන හරියකට ඇවිදගන්නවත් බැහැ. උඹ මාව විහිළුවකට ගත්තද?" ටිකක් වගේ මල පැනපු අර සීය කිව්වලු.
එත් ඉතින් අර කොල්ලගේ වදේ ඉවසන්න බැරිව සීයත් කැමති උනාලු ගිහින් අර සීන් එක බලන්න. ඉතින් හෙමින් හෙමින් ගියාලු සොහොන් පිට්ටනිය පැත්තට. ගිහින් වැඩ ලඟට වෙලා කන්දීගෙන ඉන්නකොට අහුනලු ආයිත් අර කටහඩ "එකක් ඔයාට, එකක් මට. එකක් ඔයාට, එකක් මට".
මේක ඇහුන අර සීයා පොඩි එකාගේ කනට කොදුරලා කියනවලු "ඇත්ත නේන්නම් කොලුවෝ උඹ කියපු දේ, පොඩ්ඩක් හිටපන් බලන්න මට දේව දූතයාව බලාගන්න පුලුවන්ද කියල".
ඉතින් ටිකක් බයෙන් බයෙන් වදේ පොඩ්ඩක් එහා මෙහා වෙලා දෙන්න ට්‍රය් එකක් දුන්නලු දේවදූතයව බලාගන්න. එත් කිසි දෙයක් පෙන්නේ නැති ලු. එතකොටම ඇහෙනවාලු අර සද්දේ ආයිත්,
"එකක් ඔයාට, එකක් මට. එකක් ඔයාට, එකක් මට.... මෙතන නම් එච්චරයි. දැන් ගිහිල්ල අපි අර වැට ගාව තියෙන ටික එකතු කරගමු. ඊට පස්සේ අපිට ආපහු යන්න පුළුවන්!!"
අර වකුටු වෙච්ච, හැරමිටියෙන් ඇවිදින සීය අර බයිසිකලේ හිටපු කොල්ලට වඩා ඉක්මනින් ගමට ආවා කියල තමයි පස්සේ ආරංචි උනේ.
=D7
ReplyDelete2):)
Deleteමම අද උදේ ටෙලිවිසොන් එකේ දැක්ක මීටර් සීය දුවල ගිනස් වාර්තාවක් තියපු අවුරුදු 102ක සීය කෙනෙක්ව...මේ ඒ සීය වෙන්ට ඕන.. :))
ReplyDeleteඒ සීය ඔය දිවිල්ල වෙන්න ඇති වාර්තාවට දිව්වෙත් එහනම් :))
Deleteහික්ස් ඔන්න පට්ට කතා මචන් සිරාවටම හිනා ගිය :)
ReplyDeleteටන්කු වෙන්න ඕන :)
Deleteකතාවේ අන්තිම කොටස තව ටිකක් හිනායන්න හදන්නකෝ සීයා කොල්ලගෙන් බයිසිකලේ උදුරාගෙන පැනලා ගියා වගේ කැල්ලක් දාලා.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
අදහසට ස්තුතියි :) ඊලග පාර පොඩ්ඩක් හදල ලියන්නම්...
Delete