Sunday, October 21, 2012

පුස්තකාලෙක කතාවක්

ඔන්න මම තව පොඩී කතාවක් දාන්නයි යන්නේ. ඇත්තටම මේක ගොඩක්ම පොඩි කතාවක්. පොඩියි කියන්නේ පොඩිම පොඩි එකක්. හරි පිස්සු කියෙව්වා ඇති නේ? ඔන්න එහෙනම් කතාව.

ඔන්න එක්තරා පුස්තකාලෙකට ආවා කොල්ලෙක්. මොකටද ආවේ කියල මමනම් දන්නේ නැහැ. ඉතින් මේ කොල්ලා ඇතුලට යනකොට දැක්කා කෙල්ලෙක් වාඩිවෙලා ඉන්නවා. එතන හිස් පුටුවක් තිබිච්ච නිසා එතන වාඩිවෙන්න හිතාගෙන ගිහින්, කෝකටත් කියල කෙල්ලගෙන් හෙමීට ඇහුවා,

"මේ මම මෙතන වාඩි උනාට කමක් නැද්ද ?" කියලා.

මේක අහපු කෙල්ල එකපාරටම මහා හයියෙන් "මොකා? තමුසෙත් එක්ක රැයක් ගතකරන්න? මම කවුරු කියලද හිතුවේ? ලජ්ජා නැතිව අහපු හැටි..." කියලා කියවගෙන කියවගෙන ගියා.


Saturday, October 20, 2012

කොටස් හතරේ කතාව

යාලුවෝ දෙන්නෙක් ගොඩක් කාලෙකට පස්සේ එකිනෙකා මුණ ගැහුනා.

රොෂාන්: මචං මම කොටස් හතරක කතාවක් කියන්නයි යන්නේ. මතක තියාගනින් කොටස් හතරක්.

නිශාන්: එල කිරි. කියපන් කෝ.

රොෂාන්: හරි. ඔන්න පලවෙනි කොටස.

ඔන්න හස්බන් කෙනෙකුයි එයාගේ නෝනයි හිටියලු.දෙන්නා දවසක් පික්නික් එකක් යන්න ලෑස්ති වෙලා, ඕන කරන දේවල් ඔක්කොම පැක් කරන් තමන්ගේ වාහනේ යනවා. ඔහොම ටික දුරක් යනකොට පාර දෙපැත්තකට බෙදෙන තැනක් හම්බ උනා.

"හරි, අපි වම් පැත්තේ පාරෙන් යමු" හස්බන් කිව්වා.

"නෑ, අපි දකුණු පැත්තේ පාරෙන් තමයි යන්න ඕන" එයාගේ නෝනා කිව්වා.


Saturday, October 13, 2012

නරකාදිය සහ සාන්තුවරයා...

"මචං, පොඩි ප්‍රශ්ණයක්.... සමහරුන්ට ගොඩක් සංකීර්ණ ප්‍රශ්ණ උනත් ලේසියෙන්ම විසදගන්න පුළුවන් වෙනවා.. ඒ වගේම සමහරුන්ට පොඩි පොඩි ප්‍රශ්ණ පවා ගොඩක් සංකීර්ණ වෙලා වතුර වීදුරුවක උනත් ගිලිලා මැරෙන තරමට පත් වෙනවා..." සිරිල් තමන්ගේ මිතුරාගෙන ඇහුවා.

"හිටපංකෝ මම උඹට කතාවක් කියන්න..."

ඔන්න එක කාලෙක ජීවත් උනා එක මිනිහෙක්.. අනුන්ට කරුණාව, සෙනෙහස දක්වන එක එයාගේ ආත්මයේ ගැඹුරින්ම තිබ්බා. කොච්චර තිබ්බද කිව්වොත් ඒ මනුස්සය මැරුණම කෙලින්ම දිව්‍ය ලෝකේ යාවි කියල හැමෝම හිතුවා... ඒ මොකද හැමෝම දැනන් හිටියා එයාට ඇත්තටම අයිති තැන එතනයි කියලා. එත් ඒ මනුස්සයා ඇත්තටම තමන් යන තැන ගැන හිතුවේ නැහැ. එයා හැම වෙලාවෙම බැලුවේ කාට හරි උදව්වක් කරලා සන්තෝසෙන් ඉන්න.

කොහොමින් කොහොම හරි එක්තරා කාලෙක මේ මනුස්සයටත් සිද්ද උනා හැමෝටම වගේ මේ ලෝකේ අතහැරලා යන්න. ඒ කියන්නේ මේ මනුස්සයා මැරුණා. ටික වෙලාවකින් එයා දිව්‍ය ලෝකයේ දොරටුව ළඟ දෘශ්‍යමාන උනා.



Saturday, October 6, 2012

ව්‍යාපාරිකයා සහ ආදායම් බදු

ඔන්න එක දවසක ධනවත් ව්‍යාපාරිකයෙක්ට ලියුමක් ලැබුණා. දිග ඇරලා බැලුවම එයාට තේරුනා තමන්ව ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් කැඳවා ඇති බව. මේක ලැබිච්ච වෙලාවේ ඉඳන් ඒ ව්‍යාපාරිකයා ගොඩක් කලබලෙන් පසු උනා.

කොහොම හරි යන්න ඕන නිසාත්, කිසි කරදරයකට පැටලෙන්න අකැමති නිසාත්, එයා තීරණය කළා කොහොම හරි අදාළ දවසේ ආදායම් බදු නිලධාරීන් හම්බවෙලා මොකක් හරි පිලියමක් යොදනවා කියලා.

ඉතින් කල්පනා කර කර ඉඳලා අන්තිමේදී තමන්ගේ ගණකාධිකාරිවරයා ලඟට ගිහින් විස්තරේ කිව්වා. කියලා ඇහුවා තමන් මොකක්ද ඇඳගෙන යන්න ඕන ඇඳුම කියලා.

"හරි, මෙහෙම කරන්න. ඔයා ගාව තියෙන කැතම ඇඳුම් ඇඳගෙන යන්න, එතකොට එයාල හිතයි ඔයා, එයාලා හිතන තරම් පොහොසතෙක් නෙවෙයි කියලා" ගණකාධිකාරිවරයා තමන්ගේ උපාය පැහැදිලි කළා.

මේ අදහස හිතේ තියාගෙන කෝකටත් නීතිමය උපදෙසුත් ගන්න ඕන කියලා ගියා තමන්ගේ නීතිඥයා හම්බ වෙන්න. එත් නීතිඥයාගෙන් ලැබුනේ හාත්පසින්ම වෙනස් පිළිතුරක්.

Friday, October 5, 2012

අච්චාරු

මේක ටිකක් අසභ්‍ය ගණයට වැටෙන කතාවක්. ගොඩක් කල්පනා කරලා අන්තිමේදී මේක දාමු කියල හිතිලා දානවා. ඔන්න මම කලින්ම කිව්වා මේක අසභ්‍ය ගණයට අයිති එකක් කියලා. කියෙව්වට පස්සේ මට බනින්න නම් ලෑස්ති වෙන්න එපා.....

මේක ඇත්තටම වෙච්ච සීන් එකක්. කේස් එක වෙලා දැන් අවුරුද්දක් විතර ඇති. මම මෙතන කියන කට්ටිය සමහරුන්ගේ ඇත්ත නම් පාවිච්චි කරන්නේ නැහැ. හරි, ඔන්න එහෙනම් කතාව.

ඔන්න දවසක් අපි කට්ටියක් සෙට් පොඩි කතාවක් දාගෙන හිටියා. මෙතන කට්ටිය කිව්වේ මම, තාරකයා (තාරක කිව්වට උගේ ඇත්ත නම වෙන එකක්. තාරක කිව්වේ උගේ කාඩ් එක), දුමියා, නිශාන් සහ රොෂාන්. ඉතින් අපි සෙට් වෙලා වල් පල් කතා කර කර ඉන්නකොට, ටික වෙලාවකින් ඔතනට සම්ප්‍රාප්ත උනා අපේ සෙට් එකේ ගෝතයා රවියා. ඌත් කොහොමින් කොහොම හරි අපේ කතාවට ප්ලග් උනා.