Showing posts with label ටියුබ් ලයිට්. Show all posts
Showing posts with label ටියුබ් ලයිට්. Show all posts

Thursday, November 29, 2012

නිර්වස්ත්‍ර කොලනිය

ඔන්න ළමයි තවත් පොඩි කතාවක්.... පහුගිය දවස්වල දාපු කතා ඔක්කොම ටිකක් විතර වල පැත්තට බර ඒවා කියලා කීප දෙනෙක්ගෙන්ම පැමිණිලි ආවා. ඉතින් මම හිතුවා වල් නැති කතාවක් හෙවත් නොවල් කතාවක් ලියන්න. බයිලා ඇති නේ. කතාවට බහිමු එහෙනම්. කලින්ම කිව්වා ඔන්න මේක හිනා යන කතාවක් නම් නෙවෙයි.


ඔන්න එක මනුස්සයෙක් ට්‍රිප් එකක් ගියා නිර්වස්ත්‍රව මිනිස්සු ඉන්න කොළනියකට. අර ඉංග්‍රීසියෙන් කියන්නේ Nudist Colony කියලා. ඉතින් නමින්ම තේරෙනවා ඇතිනේ ඔතන කොහොම තැනක්ද කියලා? ඒ කියන්නේ ඔතන ඉන්න හැම දෙනාම ඉන්නේ ඇඳුම් නැතිව..... හරි ආයිත් කතාවට එහෙනම්.




Sunday, November 25, 2012

උණ්ඩ තුන

ඔන්න ඉතින් පොඩි කතාවක් කොටන්න තරම් විවේකයක් ලැබුනා. මේක මට ඊයකින් ලැබිච්ච එකක්. හරි ඔන්න එහෙනම් කතාව.

ඔන්න එක ගෑණු කෙනෙක්ට බබාලා තුන්දෙනෙක් ලැබෙන්න හිටියා. ඒ කියන්නේ තුන් නිවුන් දරුවෝ. දවසක් මේ ගෑණුකෙනා බැංකුවක් ගාවින් යනකොට සද්දයක් ඇහිලා හැරිලා බැලුවා. එයා දැක්කා මූණ වහගත්තු හොරුන් පිරිසක් බැංකුව කොල්ල කනවා කියලා. එයාට බයට කෑ ගැහුනා. මේකෙන් කලබල වෙච්ච හොරෙක් මේ ගෑණු කෙනා දිහාවට තමන්ගේ තුවක්කුව හරවලා තුන්සැරයක් වෙඩි තිබ්බා. ඔක්කොම වෙඩි ටික වැදුනේ මෙයාගේ බඩට.


Sunday, November 18, 2012

සමහර දේවල් කොච්චර උත්සාහ කලත් තේරුම් කරන්න බැහැ...

ඔන්න එක බාර් එකක ටිකක් විතර මහළු ගොවියෙක් වාඩි වෙලා පැයක් විතර කාලයක් බිබී ඉන්නවා. ටික වෙලාවකින් එතනට ආපු යාලුවෙක් මේක දැකලා ටිකක් විස්තර හොයන්න ඕන කියන බලාපොරොත්තුවෙන් ගොවියාත් එක්ක කතාවට සෙට් උනා.

"මොකද බන් මේ වගේ ලස්සන දවසක උදේ පාන්දර බොන්න පටන් ගත්තේ ?"

"සමහර දේවල් කොච්චර උත්සාහ කලත් තේරුම් කරන්න බැහැ...." ගොවියා උත්තර දුන්නා.

"ම්ම්ම්ම්ම් මොකක්ද උනේ ඔච්චර අවුල් වෙන්න තරම්?" මිතුරා කුතුහලයෙන් ඇහුවා.

 "හරි, දැනගන්නම ඕනනම් මම කියන්නම්. අද උදේ මම ගෙදර පිටිපස්සේ වාඩිවෙලා එළදෙනගෙන් කිරි දොවන්න ගත්තා" මහළු ගොවියා තමන්ගේ දුක්බර කතාව පටන් ගත්තා. "කිරි දොවන භාජනේ පිරීගෙන එනකොට එළදෙන වම් කකුල උස්සලා භාජනේට පයින් ගැහුවා"

Saturday, October 13, 2012

නරකාදිය සහ සාන්තුවරයා...

"මචං, පොඩි ප්‍රශ්ණයක්.... සමහරුන්ට ගොඩක් සංකීර්ණ ප්‍රශ්ණ උනත් ලේසියෙන්ම විසදගන්න පුළුවන් වෙනවා.. ඒ වගේම සමහරුන්ට පොඩි පොඩි ප්‍රශ්ණ පවා ගොඩක් සංකීර්ණ වෙලා වතුර වීදුරුවක උනත් ගිලිලා මැරෙන තරමට පත් වෙනවා..." සිරිල් තමන්ගේ මිතුරාගෙන ඇහුවා.

"හිටපංකෝ මම උඹට කතාවක් කියන්න..."

ඔන්න එක කාලෙක ජීවත් උනා එක මිනිහෙක්.. අනුන්ට කරුණාව, සෙනෙහස දක්වන එක එයාගේ ආත්මයේ ගැඹුරින්ම තිබ්බා. කොච්චර තිබ්බද කිව්වොත් ඒ මනුස්සය මැරුණම කෙලින්ම දිව්‍ය ලෝකේ යාවි කියල හැමෝම හිතුවා... ඒ මොකද හැමෝම දැනන් හිටියා එයාට ඇත්තටම අයිති තැන එතනයි කියලා. එත් ඒ මනුස්සයා ඇත්තටම තමන් යන තැන ගැන හිතුවේ නැහැ. එයා හැම වෙලාවෙම බැලුවේ කාට හරි උදව්වක් කරලා සන්තෝසෙන් ඉන්න.

කොහොමින් කොහොම හරි එක්තරා කාලෙක මේ මනුස්සයටත් සිද්ද උනා හැමෝටම වගේ මේ ලෝකේ අතහැරලා යන්න. ඒ කියන්නේ මේ මනුස්සයා මැරුණා. ටික වෙලාවකින් එයා දිව්‍ය ලෝකයේ දොරටුව ළඟ දෘශ්‍යමාන උනා.



Saturday, October 6, 2012

ව්‍යාපාරිකයා සහ ආදායම් බදු

ඔන්න එක දවසක ධනවත් ව්‍යාපාරිකයෙක්ට ලියුමක් ලැබුණා. දිග ඇරලා බැලුවම එයාට තේරුනා තමන්ව ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් කැඳවා ඇති බව. මේක ලැබිච්ච වෙලාවේ ඉඳන් ඒ ව්‍යාපාරිකයා ගොඩක් කලබලෙන් පසු උනා.

කොහොම හරි යන්න ඕන නිසාත්, කිසි කරදරයකට පැටලෙන්න අකැමති නිසාත්, එයා තීරණය කළා කොහොම හරි අදාළ දවසේ ආදායම් බදු නිලධාරීන් හම්බවෙලා මොකක් හරි පිලියමක් යොදනවා කියලා.

ඉතින් කල්පනා කර කර ඉඳලා අන්තිමේදී තමන්ගේ ගණකාධිකාරිවරයා ලඟට ගිහින් විස්තරේ කිව්වා. කියලා ඇහුවා තමන් මොකක්ද ඇඳගෙන යන්න ඕන ඇඳුම කියලා.

"හරි, මෙහෙම කරන්න. ඔයා ගාව තියෙන කැතම ඇඳුම් ඇඳගෙන යන්න, එතකොට එයාල හිතයි ඔයා, එයාලා හිතන තරම් පොහොසතෙක් නෙවෙයි කියලා" ගණකාධිකාරිවරයා තමන්ගේ උපාය පැහැදිලි කළා.

මේ අදහස හිතේ තියාගෙන කෝකටත් නීතිමය උපදෙසුත් ගන්න ඕන කියලා ගියා තමන්ගේ නීතිඥයා හම්බ වෙන්න. එත් නීතිඥයාගෙන් ලැබුනේ හාත්පසින්ම වෙනස් පිළිතුරක්.

Sunday, September 16, 2012

හැන්ද


ඔන්න එක මහත්තයෙක් රාත්‍රී ආහාරය ගන්න නගරයේ පිහිටි සුපිරිම ආපන ශාලාවකට ගියා. ගිහින් සුව පහසු තැනක තිබිච්ච මේසයක වාඩි වෙලා වේටර් එනකන් බලන් හිටියා. ඒ අතරේ මෙයා දැක්ක එතනින් ගිය තවත් වේටර් කෙනෙක්ගේ සාක්කුවේ හැන්දක් තියෙන එක.
 
ටික වෙලාවකින් තමන් වාඩිවෙලා ඉන්න මේසයේ සේවය කරන වේටර්වරයා ආවම තමන්ට ඕන කරන කෑම බීම ඕඩර් කරන අතරේදී දැක්කා මේ වෙටර්ගේත් සාක්කුවේ හැන්දක් තියෙනවා. ඉතින් කෝකටත් කියල වට පිට බලනකොට දැක්කා, මේ හෝටලයේ ඉන්න හැම වේටර්කෙනෙක්ගෙම සාක්කුවේ අර විදිහට හැන්දක් තියෙනවා කියලා.
 

Sunday, September 9, 2012

සමාගම් ප්‍රතිපත්ති

ගොඩක්  කාලෙකට පස්සේ ආයිත් පොඩි විවේකයක් ලැබුනා අලුත් ලිපියක් ලියන්න. මොකක් ලියන්නද කියලා හිත හිත ඉන්නකොට මතක් උනා කලින් අහල තිබ්බ කතාවක්. මේක ගොඩක් කට්ටිය කලින්ම අහල ඇති. එත් ඉතින් ලියන්න ඕනෑ කියල හිතපු නිසා ඔන්න ලියනවා.


කූඩුවක්  මැද ලණුවකින් බැඳී කෙසෙල් ඇවරියක් එල්ලන්න. ඊට යටින් පඩිපෙලක් සකස් කරන්න. එනම් මෙම පඩිපෙළ නැග ගොස් කෙසෙල් අවරිය ලබාගැනීමේ හැකියාව තිබිය යුතුය. එලෙසම කූඩුව මැද වතුර මලක් (ෂවර් එකක්) සවි කරන්න. මෙම වතුර මලින් මුළු කූඩුවටම වතුර ඉසීමේ හැකියාව තිබිය යුතුය. දැන් මෙම කූඩුවට වදුරන් 5දෙනෙක් දමන්න.



Monday, August 20, 2012

මගේ වයස කීයද ?

ඔන්න  තවත් නාකි කතාවක්... මේකේ එක ආච්චි කෙනෙක් ගැන තමයි කියවෙන්නේ.

ඔන්න එක ආච්චි කෙනෙක් තීරණය කළා ලු, තමන්ගේ උපන් දිනය දවසේ ඔය බියුටි කචල් කරන තැනකට ගිහින් තමන්ගේ මුණේ තියෙන ඔය රැළි එහෙම අයින් කරලා, පොඩි ෆේෂල් එකක් එහෙම දාලා පොඩ්ඩක් හැඩ වෙන්න. එයා ඒ වෙනුවෙන් රුපියල් 40,000 විතර වියදම් කළා. වැඩේ කෙරුණට පස්සේ තමන් ගැන පොඩි ආඩම්බරයක් ආව ලු හිතට.

Sunday, August 19, 2012

රස්සාව

ඔන්න  එහෙනම් තව එකක්... මේක ඉතින් රස්සා සම්බන්ධ කතාවක්. මේක කියවලා කට්ටිය මාත් එක්ක තරහ වෙයිද දන්නේ නැහැ. මොකක් උනත් ඔන්න කතාව එහෙනම්.

ඔන්න ඒක මනුස්සයෙක්, ඇත්තම කිව්වොත් කොල්ලෙක්, ගියාලු තැපැල් කන්තෝරුවකට (අර පෝස්ට් ඔෆිස් කියන්නේ). ගියේ රස්සාවකට අයදුම් කරන්න. ඔන්න ඉතින් එදාම රස්සාවට අයදුම් කරලා ඉන්ටර්වීව් එකත් එදාම සෙට් උනාලු.

Saturday, August 18, 2012

එකක් ඔයාට, එකක් මට

 ඔන්න ඈත පිටිසර ගමක උන සිද්දියක් තමයි මේක. ඔන්න ඔය ගමේ තියෙනවලු සොහොන් පිට්ටනියක්, ඕක වටේට ඉතින් වැටක් එහෙම ගහල තමයි ලු තිබ්බේ (වැට ගහල තිබ්බේ මොකටද කියලනම් මගෙන් අහන්න එපා, මැරිච්ච අය එලියට යන නිසා වෙන්න ඇති). ඉතින් ඔය සොහොන් පිට්ටනිය ඇතුලේ තිබ්බලු ලොකූවට වැඩිච්ච කොට්ටම්බා ගහක්.

ඔන්න දවසක් පොඩි ළමයි දෙන්නෙක් බාල්දියක් පිරෙන්න කොට්ටම්බා එකතු කරගෙන, ඔය කොට්ටම්බා ගහ යටට වෙලා තමන් ගාව තියෙන කොට්ටම්බා ටික බෙදාගන්න පටන් ගත්තලු.

"එකක් ඔයාට, එකක් මට. එකක් ඔයාට එකක් මට" කිය කිය එක ළමයෙක් කොට්ටම්බා ටික බෙදනවලු. ඔය අතරේ ඒ ළමයින්ගෙන් අත්හැරුන කොට්ටම්බා ගෙඩි ටිකක් රෝල් වෙවී ගිහින් අර වැට ගාව නැවතුනාලු.

Friday, August 17, 2012

මරණය

කලිනුත් නාකි කතාවක් මම ලිව්වා නේ.. ඔන්න තවත් සීයලාගේ කතාවක්. මේක සිද්දවෙන්නේ මහලු නිවාසයක. ඔන්න එහෙනම් කතාව.

ඔන්න එක මහලු නිවාසයක ඉන්නවා සිරා සීයා කෙනෙක් එයාට අපි කියමු ජෝන් මහත්තය කියල, ඔය මහලු නිවාසේම ඉන්නවා තරුණ නර්ස්ල ටිකකුත් ඔය සීයලව බලාගන්න. මේ නර්ස්ල සෙට් එකේ ඉන්නවා එක්කෙනෙක්, එයාට  තමයි අර මම කලින් කියපු සිරා සීයාව බලාගන්න භාර වෙලා තිබ්බේ. එයාගේ නම ජෙසිකා. ඔන්න ඕක තමයි දැන් කතාවේ බැක්ග්‍රවුන්ඩ් එක.

Monday, August 13, 2012

පවුල් ප්‍රශ්න

ඔන්න තවත් කතාවක් ලියන්න හිතුනා. මේකත් මට හීයකින් ලැබිච්ච එකක්. දාන්න හොදයි කියල හිතුනා නිසා දානවා.
ඔන්න බැදපු ජෝඩුවක් ඉන්නවලු, මේ දෙන්න ගොඩක් කල් ඉදල සතුටින් සමාදානෙන් තමන්ගේ පවුල් ජීවිතේ හොදින් ගතකරනවාලු. මේ දෙන්න අතරේ පොඩි අවුලකට තිබ්බේ මිනිහට තිබ්බ ප* ප්‍රශ්නේ තමයි, හැමදාම උදේට ගෑණු කෙනා ඇහැරෙන්නේ හෙන පුපුරනවා වගේ මහා හඩින් මිනිහ අරින ප* සද්දේ ඇහිලා, හුස්ම ගන්න නැගිටින්නම වෙනවා නේ. හැමදාම උදේට ඉතින් පින්සෙන්ඩු වෙවී නැගිටලා දෙහි කපලා තමයි අනික් වැඩ ටික කරන්නේ. ඉදලා ඉදලා බැරිම තැන ගෑණු කෙනා කිව්වා මිනිහට "තමුසේ ගිහින් දොස්තර කෙනෙක් හම්බ උනොත් හොදයි, නැත්නම් තමුසේ ඔය කරන වැඩෙන් දවසක තමුසෙගෙ ඇතුලේ තියෙන ඒවත් එලියට ඒවි". මේක අහපු මනුස්සය කියනවා "ඕක ඒ හැටි ගණන් ගන්න එපා අනේ, එහෙම ප්‍රශ්ණයක් වෙන්නේ නැහැ. ඕක සාමාන්‍ය දෙයක් නේ"