"මොකද බන් මේ වගේ ලස්සන දවසක උදේ පාන්දර බොන්න පටන් ගත්තේ ?"
"සමහර දේවල් කොච්චර උත්සාහ කලත් තේරුම් කරන්න බැහැ...." ගොවියා උත්තර දුන්නා.
"ම්ම්ම්ම්ම් මොකක්ද උනේ ඔච්චර අවුල් වෙන්න තරම්?" මිතුරා කුතුහලයෙන් ඇහුවා.
"හරි, දැනගන්නම ඕනනම් මම කියන්නම්. අද උදේ මම ගෙදර පිටිපස්සේ වාඩිවෙලා එළදෙනගෙන් කිරි දොවන්න ගත්තා" මහළු ගොවියා තමන්ගේ දුක්බර කතාව පටන් ගත්තා. "කිරි දොවන භාජනේ පිරීගෙන එනකොට එළදෙන වම් කකුල උස්සලා භාජනේට පයින් ගැහුවා"
"ඉතින් එක එච්චර ලොකු දෙයක් නෙවෙයි නේ? ඉතින් එක එච්චරටම නරක දෙයක් ද ?"
"සමහර දේවල් කොච්චර උත්සාහ කලත් තේරුම් කරන්න බැහැ...." ගොවියා උත්තර දුන්නා.
"හරි ඉතින් මොකක්ද උනේ ?"
"ඉතින් මම බැරිම තැන ඒකිගේ වම් කකුල අල්ලලා එතන තිබ්බ කණුවකට තියලා, කඹයකින් ගැට ගැහුවා" ගොවියා කතාව ආයිත් පටන් ගත්තා. "ඊට පස්සේ මම ආයිත් කිරි දොවන්න පටන් ගත්තා. ආයිත් කිරි දොවන භාජනේ පිරීගෙන එනකොට එළදෙන දකුණු කකුල උස්සලා භාජනේට පයින් ගැහුවා"
"ආයිමත්?" විශ්මයට පත් මිතුරා උස හඬකින් ඇහුවා.
"සමහර දේවල් කොච්චර උත්සාහ කලත් තේරුම් කරන්න බැහැ...." ගොවියා උත්තර දුන්නා.
"ඉතින් ඔයා මොකක්ද කලේ ?" මිතුරා කුතුහලයකින් නැවතත් ඇහුවා.
"මම ඒකිගේ දකුණු කකුල අල්ලලා එතන අනික් පැත්තේ තිබ්බ කණුවකට තියලා, කඹයකින් ගැට ගැහුවා"
"ආආආ හරි, ඊට පස්සේ ?"
"ආයිත් මම කිරි දොවන වැඩේ පටන් ගත්තා. ආයිත් කිරි දොවන භාජනේ පිරීගෙන එනකොට මෝඩ එළදෙන ඒකිගේ වලිගයෙන් භාජනේට ගහලා පෙරළුවා"
"අයියෝ!! ඔයාට මාර අවුල් ඇති නේ ?"
"සමහර දේවල් කොච්චර උත්සාහ කලත් තේරුම් කරන්න බැහැ...." ගොවියා උත්තර දුන්නා.
"හරි, ඊට පස්සේ ඔයා මොකක්ද කලේ ?"
"ම්ම්ම්ම්ම් මං ගාව තව කඹ තිබුනේ නැති නිසා මම මගේ බෙල්ට් එක අරන් ඒකිගේ වලිගේ බාල්කෙට තියලා ගැට ගැහුවා." මහලු ගොවියා කිව්වා.
"ඒ වෙලාවේ මගේ කලිසම ගැලවිලා වැටුනා. ඒ වෙලාවෙම මගේ ගෑනි ගේ පිටිපස්සට ආවා. මම කිව්වා වගේ සමහර දේවල් කොච්චර උත්සාහ කලත් තේරුම් කරන්න බැහැ...." ගොවියා දිග හුස්මක් හෙලමින් අතේ තිබුන වීදුරුව හිස් කළා.
පට්ට ආතල් කතාව... හිනා කාලා මලා...
ReplyDelete:D පරිස්සමින් පරිස්සමින් :)
Deletemaru ban
ReplyDeleteටැංකු ටැංකු :P
Deleteමේක නම් සිරා කතාව බන් =))
ReplyDeleteඑන්ජෝයි :P
Deleteකාලෙකින් ලස්සන කතාවක් ඇහුවා
ReplyDeleteතව කතා දාන්නම් කෝ වේලාව ලැබෙන ලැබෙන විදිහට...
Delete:D
ReplyDeleteපට්ට පදිරි කේස් එකක් ගොවියට වෙලා තියෙන්නෙ
ReplyDeleteඅන්දොස්!
ReplyDelete