කිරි ලීටර් 1 බෝතල් 1 යි,
බිත්තර 12 පැකට් 1 යි,
දොඩම් යුෂ ලීටර් 1 බෝතල් 1 යි,
ගෝවා ගෙඩි 1 යි,
කුඩු කරන ලද කෝපි කුඩු පැකට් 2 යි,
ශීත කරන ලද මස් ග්‍රෑම් 500 යි.
මේ බඩු ටික අරන් දැන් ඉන්නවා ලු කැෂියර් එකේ සල්ලි ගෙවන්න. ඉතින් මේ ගෑණු කෙනා පිටිපස්සේ හිටියා ටිකක් වයසක මනුස්සයෙක්, ටිකක් විතර බීලා තමයි ඒ මනුස්සය හිටියේ.
ඉතින් මේ ගෑණු කෙනාගේ වාරය ආව ගෙවන්න තමන් ගත්තු බඩු වලට. ඉතින් ඔය ඒක ඒක බඩුව අරන් තියන අතරේ මෙයා දැක්ක අර කලින් කියපු නාකි මනුස්සය තමන් සහ තමන් ගත්තු බඩු දිහා බලන් ඉන්නවා කියලා. ඉතින් ඔක්කොම බඩු ටික බිල් කලාට පස්සේ ගෙවන්න යනකොට ඒක පාරටම අර නාකි මනුස්සය කිව්වා, "මම ඕන ඔට්ටුවක් අල්ලනවා, ඔය නෝනා තාම බැදලා නැහැ නේද ?"
මේක අහපු අර ගෑණු කෙනාට මාරම අවුල් ලු. මෙයා කල්පනා කළා "ඇත්තටම හරි පුදුමයි, මම තාම බැදලා නැති බව ඇත්ත. එත් කොහොමද මේ නාකි බේබද්දා ඒ ගැන දන්නේ. එයා කොහොමද මම ගත්තු මේ බඩු 6 දිහා බලලා හරියටම ඒ ගැන නිගමනය කලේ ?"
ඉතින් මේ ගැන කුතුහලයකින් ඒ ගෑණු කෙනා කිව්වා "ඔව්, ඇත්තම කියනවනම් මම තාම බැදලා නැහැ. ඔයා හරියටම කොහොමද ඒක කිව්වේ ???"
ඉතින් කට කොනකින් හිනාවක් දාපු අර නාකි, බීපු මනුස්සය කිව්වා

"ඉතින් ඔයා කැතයි නේ. කවුද ඔයාව බදින්නේ ?"
මේකෙ නාකියො වැහි වැහැල නෙව
ReplyDeleteමොනවා කරන්නද ? එයාලත් විහිළු තේරෙනවා නොවැ!!! :P
Deleteඅන්න නාකි වුනත් එළ පොරක්...
ReplyDelete:D :D
Delete:-q
ReplyDelete