Monday, August 27, 2012

ඔබත් පොහොසතෙක් ද ?

ඔන්න එහෙනම් තවත් ආදර්ශමත් කතාවක්... මේක සිද්ද වෙන්නේ ගොඩක් ධනවත් පවුලක.
ඔන්න එක කාලෙක හිටියා ගොඩාක් ධනවත් මනුස්සයෙක්. එයාට හිටියා පුතෙක්. දවසක් මේ ධනවතාට හිතුන තමන්ගේ පුතාව විනෝද ගමනක් එක්කන් යන්න. මේ විනෝද ගමනේ පරමාර්ථය උනේ දුප්පත් මිනිස්සු ජීවත් වන විදිහ පෙන්නන්න. විනෝද ගමනේ ගමනාන්තය ඉතා දුප්පත් පවුල් ජීවත් වන ඈත ගම්බද පලාතක්.
ඉතින් කොහොම කොහොම හරි සතියක් විතර මේ ගම්බද පළාතේ ඉතාමත් දුප්පත් පවුලක් ජීවත් වන ගෙදරක තමයි මේ දෙන්න නවාතැන් ගත්තේ. ඔන්න ඉතින් විනෝද ගමන අවසන් වෙලා ගෙදර යන අතරේ අර ධනවතා තමන්ගේ පුතාගෙන් අහනවා

Friday, August 24, 2012

ඉබි පවුලේ විනෝද ගමන

පොඩි නිවාඩුවකට පස්සේ හිතුනා තව ලිපියක් දාන්න...  දිගටම විහිළු කතා ලියන එකේ පොඩ්ඩක් ආදර්ශයකට ගත හැකි කතාවක් දාමු කියලා හිතලා තමයි මේක ලියන්නේ. ඔන්න එහෙනම් කතාව. මේ කතාව නම් ආච්චිලා හරි නාකි සීයලා හරි සම්බන්දයෙන් නෙවෙයි. කොටින්ම මේක ඉබි කතාවක්. සමහරු කලින්ම මේක අහලත් ඇති. අහල නැති අයට කියවන්නයි, කියවල තියෙන අයට ආයිත් මතක් වෙන්නයි මේ කතාව දානවා. ඔන්න කියවන්න.

ඔන්න එකමත් ඒක කාලෙක ඉන්නවා ඉබි පවුලක්. මේ ඉබි පවුලේ කට්ටියක් දවසක් කල්පනා කළා පොඩි විනෝද ගමනක් යන්න. ඉතින් ඔන්න ඉබ්බෝ කියන්නේ කොහොමත් ටිකක් විතර හෙමින් වැඩ කරන කට්ටිය නේ? ඉතින් ඒ ගොල්ලන්ට ඔය ගමන සංවිධානය කරන්න අවුරුදු 5ක් විතර වගේ පොඩි කාලයක් ගියා.

Wednesday, August 22, 2012

බේබද්දාගේ නිරීක්ෂණය

ඔන්න  ඒක ගෑණු කෙනෙක් සුපිරි වෙළඳ සැලකට (ඒ කියන්නේ සුපර් මාකට් එකකට) ගිහින් ගත්තලු,

කිරි ලීටර් 1 බෝතල් 1 යි,
බිත්තර 12 පැකට් 1 යි,
දොඩම් යුෂ ලීටර් 1 බෝතල් 1 යි,
ගෝවා ගෙඩි 1 යි,
කුඩු කරන ලද කෝපි කුඩු පැකට් 2 යි,
ශීත කරන ලද මස් ග්‍රෑම් 500 යි.

Tuesday, August 21, 2012

ආදරේ කරන්න හේතුව

ඔන්න  හැමදාම විහිළු කතා ලිය ලිය ඉදල එකපාරටම ටිකක් සීරියස් කතාවක් ලියන්න හිතුනා. මේක ඇත්තටම ඉස්සර මම අහල තිබ්බ කතාවක්. දැන් මේක ලියන්න හිතුනේ එක්කෙනෙක්ව මතක් වෙලා. අපි දෙන්න කතා කර කර ඉදිද්දී මම එයාට කිව්වොත් "මම ඔයාට ආදරෙයි" කියල එයා හැරෙන තැපෑලෙන්ම අහනවා "ඒ මොකද ඔයා මට ආදරේ ?" කියලා. දීපල්ලාකෝ ඕවට උත්තර. ඉතින් හැමදාම වගේ මට දීගන්න උත්තරයක් නැති වෙනවා. ඉතින් මට හිතුනා මේ කතාව දාන්න ඕන කියල. ගොඩක් කට්ටිය මේ කතාව කලින් අහල ඇති. කෝකටත් කියල ඔන්න එහෙනම් කතාව.



Monday, August 20, 2012

මගේ වයස කීයද ?

ඔන්න  තවත් නාකි කතාවක්... මේකේ එක ආච්චි කෙනෙක් ගැන තමයි කියවෙන්නේ.

ඔන්න එක ආච්චි කෙනෙක් තීරණය කළා ලු, තමන්ගේ උපන් දිනය දවසේ ඔය බියුටි කචල් කරන තැනකට ගිහින් තමන්ගේ මුණේ තියෙන ඔය රැළි එහෙම අයින් කරලා, පොඩි ෆේෂල් එකක් එහෙම දාලා පොඩ්ඩක් හැඩ වෙන්න. එයා ඒ වෙනුවෙන් රුපියල් 40,000 විතර වියදම් කළා. වැඩේ කෙරුණට පස්සේ තමන් ගැන පොඩි ආඩම්බරයක් ආව ලු හිතට.

Sunday, August 19, 2012

රස්සාව

ඔන්න  එහෙනම් තව එකක්... මේක ඉතින් රස්සා සම්බන්ධ කතාවක්. මේක කියවලා කට්ටිය මාත් එක්ක තරහ වෙයිද දන්නේ නැහැ. මොකක් උනත් ඔන්න කතාව එහෙනම්.

ඔන්න ඒක මනුස්සයෙක්, ඇත්තම කිව්වොත් කොල්ලෙක්, ගියාලු තැපැල් කන්තෝරුවකට (අර පෝස්ට් ඔෆිස් කියන්නේ). ගියේ රස්සාවකට අයදුම් කරන්න. ඔන්න ඉතින් එදාම රස්සාවට අයදුම් කරලා ඉන්ටර්වීව් එකත් එදාම සෙට් උනාලු.

Saturday, August 18, 2012

එකක් ඔයාට, එකක් මට

 ඔන්න ඈත පිටිසර ගමක උන සිද්දියක් තමයි මේක. ඔන්න ඔය ගමේ තියෙනවලු සොහොන් පිට්ටනියක්, ඕක වටේට ඉතින් වැටක් එහෙම ගහල තමයි ලු තිබ්බේ (වැට ගහල තිබ්බේ මොකටද කියලනම් මගෙන් අහන්න එපා, මැරිච්ච අය එලියට යන නිසා වෙන්න ඇති). ඉතින් ඔය සොහොන් පිට්ටනිය ඇතුලේ තිබ්බලු ලොකූවට වැඩිච්ච කොට්ටම්බා ගහක්.

ඔන්න දවසක් පොඩි ළමයි දෙන්නෙක් බාල්දියක් පිරෙන්න කොට්ටම්බා එකතු කරගෙන, ඔය කොට්ටම්බා ගහ යටට වෙලා තමන් ගාව තියෙන කොට්ටම්බා ටික බෙදාගන්න පටන් ගත්තලු.

"එකක් ඔයාට, එකක් මට. එකක් ඔයාට එකක් මට" කිය කිය එක ළමයෙක් කොට්ටම්බා ටික බෙදනවලු. ඔය අතරේ ඒ ළමයින්ගෙන් අත්හැරුන කොට්ටම්බා ගෙඩි ටිකක් රෝල් වෙවී ගිහින් අර වැට ගාව නැවතුනාලු.

Friday, August 17, 2012

මරණය

කලිනුත් නාකි කතාවක් මම ලිව්වා නේ.. ඔන්න තවත් සීයලාගේ කතාවක්. මේක සිද්දවෙන්නේ මහලු නිවාසයක. ඔන්න එහෙනම් කතාව.

ඔන්න එක මහලු නිවාසයක ඉන්නවා සිරා සීයා කෙනෙක් එයාට අපි කියමු ජෝන් මහත්තය කියල, ඔය මහලු නිවාසේම ඉන්නවා තරුණ නර්ස්ල ටිකකුත් ඔය සීයලව බලාගන්න. මේ නර්ස්ල සෙට් එකේ ඉන්නවා එක්කෙනෙක්, එයාට  තමයි අර මම කලින් කියපු සිරා සීයාව බලාගන්න භාර වෙලා තිබ්බේ. එයාගේ නම ජෙසිකා. ඔන්න ඕක තමයි දැන් කතාවේ බැක්ග්‍රවුන්ඩ් එක.

Thursday, August 16, 2012

චාටර්ම වයස

ඔන්න එහෙනම් තවත් කතාවක්. මේක ටිකක් වයසක පොරවල් සම්බන්ධ කතාවක්. ඔය ඉතින් කවුරුත් දන්නවා නේ මෙයාල ඉදල හිටලා ඔය එක එක කතාවලට සෙට් වෙනවා කියල.

එක දවසක් වයසක සීයලා තුන්දෙනෙක් ලොකූ කතාවකට සෙට් වෙලා ඉන්නවාලු හොටෙල් එකක. කතාවේ මාතෘකාව උනේ "චාටර්ම වයස" මොකක්ද කියන එක. ඔන්න ඉතින් එක එක්කෙනා තමන්ගේ මතයන් ප්‍රකාශ කරමින් සිටිනවා.

"අවුරුදු 50 තමයි චාටර්ම වයස, හැමතිස්සෙම දැනෙනවා චූ කරන්න යන්න ඕන ඕන වගේ. ගිහින් ඉදගත්තම මුකුත්ම වෙන්නේ නැහැ. ඉතින් ආයිත් හැරිලා එන්න වෙනවා". ඔය විදිහට පලවෙනි එක්කෙනා අදහස් ප්‍රකාශ කළා.

Tuesday, August 14, 2012

පොහොසත් වීමේ රහස

ඔන්න තවත් කතාවක්. මේක ඇත්තටම ආදර්ශයක් ගන්න පුළුවන් සයිස් එකේ එකක්. ඔන්න එහෙනම් කතාව.
ඔන්න එක තරුණ ඉලන්දාරියෙක් ගියා හම්බ වෙන්න එක මහළු ධන කුවේරයෙක්ව. මෙයාට ඕන උනා මෙච්චර ලොකු සල්ලි කාරයෙක් උනේ කොහොමද කියල දැනගන්න. ඉතින් සතුටු සාමීචියකින් පස්සේ ඉලන්දාරියා ඇහුවලු මෙච්චර ලොකු ධනවතෙක් වීමේ රහස මොකක්ද කියල.
ඉතින් ඔය මහළු මනුස්සයා තමන්ගේ පැත්තකින් තිබ්බා ඉරිච්ච කබායක් පෙන්නලා තමන්ගේ කතාව පටන් ගත්තා.
"ම්ම්ම්ම් මට තාම අද වගේ මතකයි. 1950 මාර්තුවල, මගේ අතේ තිබ්බේ රුපියලයි... මම කල්පනා කලා මොකක්ද කරන්නේ කියලා. අන්තිමේදී මම මං ගාව තිබ්බා අන්තිම රුපියලින් ඇපල් ගෙඩියක් ගත්තා. උදේ ඉදන් මම ඒ ඇපල් ගෙඩිය පිහදාල පිහදාල කන්නාඩිය වගේ වෙනකන් පිහදම්මා. පස්සේ හවස මම ඒ ඇපල් ගෙඩිය රුපියල් 2කට වික්කා."

Monday, August 13, 2012

පවුල් ප්‍රශ්න

ඔන්න තවත් කතාවක් ලියන්න හිතුනා. මේකත් මට හීයකින් ලැබිච්ච එකක්. දාන්න හොදයි කියල හිතුනා නිසා දානවා.
ඔන්න බැදපු ජෝඩුවක් ඉන්නවලු, මේ දෙන්න ගොඩක් කල් ඉදල සතුටින් සමාදානෙන් තමන්ගේ පවුල් ජීවිතේ හොදින් ගතකරනවාලු. මේ දෙන්න අතරේ පොඩි අවුලකට තිබ්බේ මිනිහට තිබ්බ ප* ප්‍රශ්නේ තමයි, හැමදාම උදේට ගෑණු කෙනා ඇහැරෙන්නේ හෙන පුපුරනවා වගේ මහා හඩින් මිනිහ අරින ප* සද්දේ ඇහිලා, හුස්ම ගන්න නැගිටින්නම වෙනවා නේ. හැමදාම උදේට ඉතින් පින්සෙන්ඩු වෙවී නැගිටලා දෙහි කපලා තමයි අනික් වැඩ ටික කරන්නේ. ඉදලා ඉදලා බැරිම තැන ගෑණු කෙනා කිව්වා මිනිහට "තමුසේ ගිහින් දොස්තර කෙනෙක් හම්බ උනොත් හොදයි, නැත්නම් තමුසේ ඔය කරන වැඩෙන් දවසක තමුසෙගෙ ඇතුලේ තියෙන ඒවත් එලියට ඒවි". මේක අහපු මනුස්සය කියනවා "ඕක ඒ හැටි ගණන් ගන්න එපා අනේ, එහෙම ප්‍රශ්ණයක් වෙන්නේ නැහැ. ඕක සාමාන්‍ය දෙයක් නේ"



Friday, August 10, 2012

පොඩි එකාගේ කතාව

මේක ඇත්තටම මට ඊයකින් ආපු එකක්. කලින් කියවල තිබුනානම් සමාව භාජනය කරත්වා. පොඩි කතාවක් ඒත් හිතට ගන්න දෙයක් තියෙන කතාවක. ඔව් ඔව් අර කියන්නේ “මොරාල් ඔෆ් ද ඉස්ටෝරි” කියල. ඔව් අන්න එක තමයි. එහෙනම් කෙලින්ම කතාවට බහිමු කෝ.

මේක උනේ එක්තරා නගරෙක හිටපු අබිත්තන් කොලු පැටියෙක් ඉන්න පවුලක. පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි මේ පොඩි එකයි. දවසක් මේ පොඩි එකා තාත්ත එක්ක ගියාලු shopping කරන්න. ඒ ගමන්ම ඉතින් park එක පැත්තටත් එක්කන් ගියාලු. කොහොමින් කොහොම හරි හවස් උනාට පස්සේ පොඩි එකා තාත්තගේ අතේ එල්ලිලා ගෙදර ආවලු. මහන්සිය හින්ද තාත්ත පොඩි wash එකක් දාගන්න ගිය අතරේ පොඩ්ඩ කුස්සිය දිහාවට ගියාලු අම්ම මොනවාද කරන්න බලන්න. අම්ම ඇහුවලු “කොහොමද පුතා අද දවස? මොනවාද කලේ තාත්ත එක්ක?”. පොඩි එකත් ඉතින් කල්පනා කර කර ඉදල කිව්වලු “Shopping කරනකොට තාත්ත තනියම මාත් එක්ක තමයි හිටියේ, ඒත් Park එකට ගියාම තාත්ත මාත් එක්ක සෙල්ලම් කලේ නැහැ” කියල. ඉතින් අම්මත් අතෑරියේ නැතිලු, ඇහුවලු “ඒ මොකෝ පුතා” කියල. “නෑ අම්මි, අර අපේ එහා වත්තේ ඉන්න රෝස්මරි ආන්ටිත් ඇවිල්ල හිටිය නේ Park එකට, තාත්ත එයා එක්ක කතා කර කර ඉදල කොනේම තියෙන පඳුර ඇතුලට ගියා, මාත් ඉතින් බලන්න ගියා. එතකොට රෝස්මරි ආන්ටි අත උඩට ඉස්සුවා, තාත්ත එයාගේ ගවුම ගැලෙව්වා, රෝස්මරි ආන්ටිත් තාත්තගේ Shirt එක ගැලව්වා”. ඔහොම කියන යන අතරේ අම්මගේ ටිකිරි මොලේට මීටර් උනා මොකක්ද වෙලා තියෙන්නේ කියල. ඉතින් හොද වැඩක් කරන්නම් කියල, කිව්වා ලු “පුතා, හරි දැන් ගිහින් Wash එකක් දාගන්න, අපි ඔය කතාව හෙට ආච්චි අම්මල රෑ කෑමට ආවම කියමු”. ඉතින් පොඩි එකත් හා කියල ගිහින් Wash එකක් එහෙම දාගෙන දොයිය ගත්තලු.

Thursday, August 9, 2012

සල්ලි ගන්න


මේක මගේ බුදු ෆිට් එකක් බ්ලොග් එකකට ලියපු කතාවක්, උගේ අවසර ඇතුව මගේ බ්ලොග් එකේ පලවෙනි වැදගත් පොස්ට් එක විදිහට දානවා
හරි, ඔන්න එහෙනම් උගේ වචනවලින්ම කතාව.






මේක ඉතින් පහු ගිය කාලෙක වෙච්ච කතාවක්. අගේ කරන්නේ නැතිව කෙලින්ම කතාවට බහින්නම්කො.

Wednesday, August 8, 2012

ආරම්භය



මගේම කියල Blog එකක් පටන් ගන්න ගොඩක් කල් ඉදලා ලොකු උවමනාවක් නම් තිබ්බා. එත් ඉතින් ඕව ලියන්න තේරෙන්නේ නැති නිසා ඕක ගැන හිතෙන හිතෙන වෙලාවට ඕක අමතක කරනවා.
පහුගිය දවසක මට මේක පටන් ගන්න සිද්ද උනා, මොකද කෙනෙක් දිගටම බල කරපු නිසා. කොහොමින් කොහොම හරි බ්ලොග් එකක් මාත් පටන් ගත්තා....
බම්බා හන්දිය, ඉදල හිටලා චාටරේ ගහල යන්න සෙට් වෙන තැන.
ඉතින් ඔන්න ඔහොමයි මේ Blog එක පටන් ගන්න හිතුවේ. මට කොච්චර කල් මේක කරන් යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ..... බලමු ඉතින්... :)


ආගන්තුකයා