Monday, August 20, 2012

මගේ වයස කීයද ?

ඔන්න  තවත් නාකි කතාවක්... මේකේ එක ආච්චි කෙනෙක් ගැන තමයි කියවෙන්නේ.

ඔන්න එක ආච්චි කෙනෙක් තීරණය කළා ලු, තමන්ගේ උපන් දිනය දවසේ ඔය බියුටි කචල් කරන තැනකට ගිහින් තමන්ගේ මුණේ තියෙන ඔය රැළි එහෙම අයින් කරලා, පොඩි ෆේෂල් එකක් එහෙම දාලා පොඩ්ඩක් හැඩ වෙන්න. එයා ඒ වෙනුවෙන් රුපියල් 40,000 විතර වියදම් කළා. වැඩේ කෙරුණට පස්සේ තමන් ගැන පොඩි ආඩම්බරයක් ආව ලු හිතට.


ඔන්න තමන්ගේ වැඩේ කරගෙන ගෙදර යන අතරේ බඩු වගයක් ගන්න ගියා එතන තිබ්බ සුපිරි වෙළද සැලකට. ඉතින් බඩු එහෙම අරන් සල්ලි ගෙවල එන ගමන් එතන කැෂියර් එකේ හිටපු කොල්ලගෙන් ඇහුව ලු

"මම මෙහෙම ඇහුවට මුකුත් හිතන්න එපා, ඔයා හිතන විදිහට මට වයස කීයක් විතර ඇති ද ?"

"ම්ම්ම් 30ක් විතර ?" අර කොල්ලා ටිකක් කල්පනා කරලා උත්තර දුන්නා.

"නැහැ, මට ඇත්තම කිව්වොත් දැන් 46 ක් වෙනවා" ගොඩක් සන්තෝසෙන් අර ගෑණු කෙනා උත්තර දුන්නා.


ඉතින් ඔහොම යන ගමන් KFC එකටත් ගිහින් දවල්ට කන්න දෙයක් අරගෙන එතන හිටපු කෙල්ලගෙනුත් අර කලින් ප්‍රශ්ණයම ඇහුවා.

"මට හිතෙන්නේ 29ක් විතර ඇති" ඕක තමයි ලැබුන උත්තරේ.

"නෑ, මට දැන් 46යි".

ගෑණු  කෙනාට දැන් ගොඩක් සන්තෝසයි. ඉතින් එතනිනුත් පිටත් වෙලා ගෙදර එන්න පිටත් උනා.

ඔහොම යන ගමන් එයාට හම්බ උනා ටිකක් විතර වයසක මනුස්සයෙක්. මෙයාගෙනුත් අර ප්‍රශ්ණයම අහල බලන්න ඕන කියල, ඒ ප්‍රශ්ණයම මේ වයසක මනුස්සයටත් ඉදිරිපත් කළා.

"නෝනා, මට දැන් වයස 75ක් විතර වෙනවා. මගේ ඇස් දැන් ඉස්සර වගේ හොදට පෙන්නේ නැහැ. එත් මම ඉලන්දාරියා කාලේ මම ඉගෙනගත්තු ක්‍රමයක් තියෙනවා හරියටම කෙල්ලෙක්ගේ වයස කියන්න. මම කෙලින්ම කියන්නම් කෝ. ඒකට මගේ අත ඔයාගේ බ්‍රා එක ඇතුලට දාන්න ඕන. එතන අත ගාලා බලලා මට පුළුවන් හරියටම ඔයාගේ වයස කියන්න"

මේක අහපු අර ගෑණු කෙනාට දැන් ටිකක් විතර අවුල් වගේ. ටික වෙලාවක් විතර කල්පනා කරලා කිව්වා ලු "ඕන එකක්. හරි, එහෙම කරලා බලලා මට කියන්න බලමු මගේ වයස එහෙනම්"

මේක අහපු අර නාකි මනුස්සයා මේ ගෑණු කෙනාගේ බ්ලවුස් එක ඇතුලට අත දාල බ්‍රා එක ඇතුලටත් අත් දාල පොඩ්ඩක් එහෙ මෙහෙ අත පත ගාන්න පටන්ගත්තා. ඔහොම ටික වෙලාවක් කරලා ටිකක් විතර මිරිකලා බලලා ඉන්න කොට ගෑණු කෙනා කිව්වා ලු "හරි, දැන් කියන්න බලමු මගේ වයස කීයද?"

අර වයසක මනුස්සයත් තමන් කරන වැඩේ නවත්තලා අතත් එලියට අරගෙන කිව්වා "නෝනා, ඔයාගේ වයස හරියටම 46යි"


මේක අහපු ගෑණු කෙනාට ගොඩාක් පුදුම හිතුනා, "ඒක නම් නියමයි. මට කියන්න කොහොමද ඔයා හරියටම එක කිව්වේ ?"

"මුලින්ම මට පොරොන්දු වෙන්න නෝනා ඔයා තරහ ගන්නේ නැහැ කියල ?"නාකි මනුස්සය කිව්වා.

"හරි හරි මම පොරොන්දු වෙනවා. මට කියන්න හරියටම ඔයා කොහොමද එක කිව්වේ ?"





"ඔයා බිල ගෙවනකොට KFC එකේ, මම ඔයාගේ පිටිපස්සේ තමයි හිටියේ"
:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

ප්‍රතිචාර (6)

  1. ගෑණිට දුවන්න හිතෙන්න ඇති... අදමයි මේ පැත්තෙ ආවෙ...

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා :)
      ඒ වගේම මේ බ්ලොග් ඒක රසවිදින්න ඇතිය කියල මම හිතනවා :)

      Delete
  2. අයියෝ සල්ලි..අපරාදෙ... කේ එප් ෂී එක අස්සෙ හිටියනම් මොකටද අත් දෙක අර තන් දෙක අස්සට දැම්මෙ.. හිතාගන්න බැහැ නේ..

    ReplyDelete

මූණු පොතින් ()