රොෂාන්: මචං මම කොටස් හතරක කතාවක් කියන්නයි යන්නේ. මතක තියාගනින් කොටස් හතරක්.
නිශාන්: එල කිරි. කියපන් කෝ.
රොෂාන්: හරි. ඔන්න පලවෙනි කොටස.
ඔන්න හස්බන් කෙනෙකුයි එයාගේ නෝනයි හිටියලු.දෙන්නා දවසක් පික්නික් එකක් යන්න ලෑස්ති වෙලා, ඕන කරන දේවල් ඔක්කොම පැක් කරන් තමන්ගේ වාහනේ යනවා. ඔහොම ටික දුරක් යනකොට පාර දෙපැත්තකට බෙදෙන තැනක් හම්බ උනා.
"හරි, අපි වම් පැත්තේ පාරෙන් යමු" හස්බන් කිව්වා.
"නෑ, අපි දකුණු පැත්තේ පාරෙන් තමයි යන්න ඕන" එයාගේ නෝනා කිව්වා.
"චටාස්" එක පාරටම හස්බන් තමන්ගේ නෝනාගේ කම්මුලට හයියෙන් ගැහුවා.
"කවුද වාහනේ එළවන්නේ? මමද තමුසේද? අපි යන්නේ වම් පැත්තේ පාරෙන්"
නිශාන්: හා හා හා, සිරා සීන් එක.
රොෂාන්: හරි ඔන්න එහෙනම් දෙවැනි කොටස.
ඔන්න කොහොම හරි දෙන්න අන්තිමේදී තමන්ගේ ගමනාන්තයට ආවා. එළිමහන් තැනක තමන්ගේ ටෙන්ට් එක අටවාගෙන දෙන්න ටික වෙලාවක් ඉදලා හස්බන් ගියා මාළු බාන්න. ටික වෙලාවකින් හතර වැටෙන මාළු එල්ලගෙන හස්බන් ටෙන්ට් එකට ආවා.
"ෂා!! මට දැන් පුළුවන් මේ මාළු ටික දැන් හොදි තියලා රසට උයන්න." වයිෆ් කිව්වා.
"ඒත් මම හිතුවේ මේ මාළු ටික හොදට බැදලා කන්න" හස්බන් කිව්වා.
"චටාස්" එක පාරටම ගෑණි තමන්ගේ හස්බන්ගේ කම්මුලට හයියෙන් ගැහුවා.
"තමුසේද උයන්නේ? මමද ?"
අන්තිමේදී එදා රෑ දෙන්නා හොදිත් එක්ක මාළු කෑවා.
නිශාන්: එල කිරි, සිරාම සීන් එක.
රොෂාන්: හරි ඔන්න එහෙනම් හතර වැනි කොටස.
නිශාන්: හතර වැනි කොටස? එතකොට කෝ තුන්වැනි කොටස ?
"චටාස්"
"කතාව කියන්නේ මමද තමුසේද?"
හරිම ලස්සනයි, බොහොම ඉහලයි. ගොඩාක් රස වින්දා, බොහොම ස්තුතියි.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
බොහොම ඉස්තුතියි විචාරක :)
Deleteහෙටම මේක කාටහරි කියල නෙලනවා....
ReplyDeleteඔන්න අපි නම් වග කියන්නේ නැහැ :P
Deleteහෙටම අත්හදා බලන්න ඕනේ...
ReplyDeleteකිරිසප්පයා @ අ.පේලිය
මතක ඇතිව මටත් ප්රතිපල කියපන් මචෝ.... හොස්පිටල් එන්නම් බලන්න :P
Delete