Saturday, October 6, 2012

ව්‍යාපාරිකයා සහ ආදායම් බදු

ඔන්න එක දවසක ධනවත් ව්‍යාපාරිකයෙක්ට ලියුමක් ලැබුණා. දිග ඇරලා බැලුවම එයාට තේරුනා තමන්ව ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් කැඳවා ඇති බව. මේක ලැබිච්ච වෙලාවේ ඉඳන් ඒ ව්‍යාපාරිකයා ගොඩක් කලබලෙන් පසු උනා.

කොහොම හරි යන්න ඕන නිසාත්, කිසි කරදරයකට පැටලෙන්න අකැමති නිසාත්, එයා තීරණය කළා කොහොම හරි අදාළ දවසේ ආදායම් බදු නිලධාරීන් හම්බවෙලා මොකක් හරි පිලියමක් යොදනවා කියලා.

ඉතින් කල්පනා කර කර ඉඳලා අන්තිමේදී තමන්ගේ ගණකාධිකාරිවරයා ලඟට ගිහින් විස්තරේ කිව්වා. කියලා ඇහුවා තමන් මොකක්ද ඇඳගෙන යන්න ඕන ඇඳුම කියලා.

"හරි, මෙහෙම කරන්න. ඔයා ගාව තියෙන කැතම ඇඳුම් ඇඳගෙන යන්න, එතකොට එයාල හිතයි ඔයා, එයාලා හිතන තරම් පොහොසතෙක් නෙවෙයි කියලා" ගණකාධිකාරිවරයා තමන්ගේ උපාය පැහැදිලි කළා.

මේ අදහස හිතේ තියාගෙන කෝකටත් නීතිමය උපදෙසුත් ගන්න ඕන කියලා ගියා තමන්ගේ නීතිඥයා හම්බ වෙන්න. එත් නීතිඥයාගෙන් ලැබුනේ හාත්පසින්ම වෙනස් පිළිතුරක්.


"ඒගොල්ලන්ට ඔයාව භය කරන්න දෙන්න එපා. ඔයා ගාව තියෙන වටිනාම ඇඳුම ඇඳන් යන්න. ආ අනික ටයි එක අමතක කරන්නත් එපා."

දැන් උපදෙස් නිසා ගොඩක් පැටලිලි සහිත තත්වයට පත් උණු ව්‍යාපාරිකයා අන්තිමේදී තීරණය කළා නගරයේ හිටපු ඥානවන්තයා (Wise man) හම්බ වෙලා මේක ගැන අදහසක් ගන්න.

"මට තේරෙනවා ඔය මහත්මයා මුහුණ දීල ඉන්න තත්වය. මම මුලින්ම ඔය මහත්මයට කතාවක් කියන්නම් කෝ" ටික වෙලාවක් කල්පනා කරපු ඥානවන්තයා කතාව පටන් ගත්තා.

ඔන්න එක ගමක හිටියා විවාහ වෙන්න නියම එවලා හිටපු ලස්සන සුරූපී කාන්තාවක්. මෙයා තමන්ගේ විවාහ දවසේ අඳින ගවුම ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියා. ඉතින් එයා ගිහින් තමන්ගේ අම්මගෙන් ඇහුවා එදාට තමන් මොන වගේ ඇඳුමක් ඇන්දොත් හොඳට තියේවිද කියලා.

"ගොඩක්ම චාම්, ඒ වගේම ඔයාගේ ඇඟ සම්පූර්ණයෙන් වැහෙන, අර ඔයා ගාව තියෙන දිග ගවුම, අන්න එක අඳින්න. අනික ඕනවට වඩා ආභරණ දාන්නත් එපා. නැත්නම් ඔයාගේ ලස්සන පේන එකක් නැහැ"

ඉතින් මේකෙන් පස්සේ කෝකටත් එයා එයාගේ හොඳම යාලුවගෙනුත් ඔය ප්‍රශ්නෙම ඇහුවා.

"අනේ, ඔයා ගාව තියෙන්නේ අර ඔයාගේ ඇඟ හොදට පේන ගවුම, අන්න එක අඳින්න. ඔයාට එක ලස්සනට තියේවි. ගොඩක් අය ඔයා ගැන ඉරිසියා කරාවි ඔයාගේ ලස්සන දිහා බලලා. ඔයා ගාව තියෙන වටිනාම ආභරණ ටිකත් අමතක කරන්න එපා." ඔන්න ඕකයි යාලුවාගෙන් ලැබිච්ච උපදේශය.

දැන් මේ කතාව අහන් හිටපු ව්‍යාපාරිකයා තවත් අවුල් සහගත් තත්වයකට පත් උනා.

"ඉතින් දැන් ඔය කතාවයි, මගේ මේ ආදායම් බදු දෙපාර්තමේන්තු ප්‍රශ්නයයි අතර සම්බන්දය මොකක්ද? ඔයා ඔය කතාවෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?"

"අයියෝ මහත්තයා. ඕකවත් තේරෙන්නේ නැද්ද?" ඥානවන්තයා හිනා වෙවී උත්තර දුන්නා.

"ඔයා මොන දේ ඇන්දත්, අන්තිමේදී වෙන්නේ අර මනමාලි වගේ ඔයාටත් හිකෙන එක තමයි"


තේරුනාද මන්දා.....
:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

ප්‍රතිචාර (3)

  1. හිකුනාද මන්දා..පව් අර වයිස් මෑන්ට..

    ReplyDelete
  2. ටියුබ් ලයිට්... :(

    ReplyDelete
    Replies
    1. අනිවා ඔයා කෙල්ලෙක් වෙන්න ඕන :) වැඩිය හිතන්න එපා :P

      Delete

මූණු පොතින් ()