ඔන්න එක්තරා සුප්රසිද්ධ ගායකයෙක්ගේ ප්රසංගයක් සංවිධානය කරලා තිබුනා මේ ඔපෙරා ශාලාවේ. විශාල මුදලක් අර ගායකයාට දීල තමයි කොන්ත්රාත්තුව අත්සන් කරලා තිබ්බේ. මේ ගායකයාගේ ප්රසිද්ධිය නිසාම විශාල පිරිසක් ප්රසංගය සඳහා ප්රවේශපත් ලබාගෙන තිබුනා. දවස් දෙකකින්ම ඔක්කොම ප්රවේශපත් විකිණුනා.
ඔන්න ඉතින් ප්රසංගය පැවෙත්වෙන දවසේ ඔපෙරා ශාලාව අතුරු සිදුරු නැතිව පිරී ඉතිරී ගිහින් තිබුනා. ඉතින් කොහොම කොහොම හරි, ප්රසංගයේ වෙලාවත් ලඟා උනා. හැම දෙනාම ගොඩක් ආසාවෙන් බලං හිටියා තමන්ගේ ප්රියතම ගායකයා ඇවිත් තමන්ගේ ප්රියතම සිංදු ඉදිරිපත් කරනකන්.
මේ අතරේ ප්රසංගය බලන්න ආපු කට්ටිය කලකිරීමට පත්ව තිබුනා. ඔවුන්ගේ කෑ ගැසීම නිසා ප්රසංගය ඉදිරිපත් කරන කෙනාගේ නමවත් කාටවත් ඇසුනේ නැහැ. ප්රසංග ශාලාවම කාලගෝට්ටියක් බවට පත් උනා.
මේ අතරේ අලුතින් ඉදිරිපත් උන ගායකයා වේදිකාවට ඇවිල්ලා එයාගේ ප්රසංගය පටන් ගත්තා. ටික වෙලාවකින් ශාලාවේ හිටපු හැමෝම නිශ්ශබ්ද වෙලා ප්රසංගයට අවධානය යොමු කරන්න පටන් ගත්තා. මේ ප්රසංගය ඉදිරිපත් කරන නමක් නැති පුද්ගලයා තමන්ගේ මුළු ශක්තියම යොදලා, තමන්ට පුළුවන් උපරිමයෙන් ප්රසංගය ඉදිරිපත් කළා.
ටික වෙලාවකින් ඔහු තමන්ගේ ප්රසංගය අවසන් කළා. මුළු ශාලාවම පුරාම දැඩි නිශ්ශබ්දතාවයක් පැතිරිලා ගියා. කිසිම කෙනෙක් අත්පුඩි ගැහුවෙවත් නැහැ.
එකපාරටම ශාලාවේ එක කොනක ඉදන් පොඩි ළමයක්ගේ කෑ ගැහිල්ලක් ඇහුනා....
"තාත්තේ, ඔය එක නියමෙටම කළා. එක තමයි මම දැනට දැකපු හොදම ෂෝ එක. මට ඔයා ගැන ආඩම්බරයි තාත්තේ..."ප්රසංගය බලන්න ආපු හැමෝම හයියෙන් අත්පුඩි ගහන්න පටන් ගත්තා. මුළු ශාලාවම සතුටින් පිරී ගියා.
ඇත්තටම අපිත් කැමතියි නේද ඉඳලා හිටලා හරි අපේ ජීවිතේ ඉන්න කවුරු හරි, "ඔයා එක නියමෙටම කලා" කියල කියනවට. ඒ වගේම තවත් කෙනෙක් බලාපොරොත්තු වෙනවා ඇති අපි ඒ කෙනා දිහා බලලා එහෙම කියනවට.
ඔයාලත් ඉදල හිටලා හරි එහෙම කෙනෙකුට ඇත්තටම "ඔයා එක නියමෙට කළා." කියලා කියල තියෙනවද ?
මම නම් ඒක හැමවෙලාවෙම කරනවා මේ දැනුත් කරනවා.
ReplyDeleteආගන්තුකයා ඔයා ඒක නියමෙට කරා :)
නිශාන්.... ඔයත් නියමෙට එක කළා :P
Deleteඔයා නම් මාරයි ආගා =D7 නියමායි ((රහසින්)අර දෙනවා කියපු චොකෝ එක තැපෑලෙන් එවන්න)
ReplyDeleteඔයත් ඒකනම් නියමෙටම කළා උන්මාදිනියේ :D
Delete