ඔන්න එක දවසක ධනවත් ව්යාපාරිකයෙක්ට ලියුමක් ලැබුණා. දිග ඇරලා බැලුවම එයාට තේරුනා තමන්ව ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් කැඳවා ඇති බව. මේක ලැබිච්ච වෙලාවේ ඉඳන් ඒ ව්යාපාරිකයා ගොඩක් කලබලෙන් පසු උනා.
කොහොම හරි යන්න ඕන නිසාත්, කිසි කරදරයකට පැටලෙන්න අකැමති නිසාත්, එයා තීරණය කළා කොහොම හරි අදාළ දවසේ ආදායම් බදු නිලධාරීන් හම්බවෙලා මොකක් හරි පිලියමක් යොදනවා කියලා.
ඉතින් කල්පනා කර කර ඉඳලා අන්තිමේදී තමන්ගේ ගණකාධිකාරිවරයා ලඟට ගිහින් විස්තරේ කිව්වා. කියලා ඇහුවා තමන් මොකක්ද ඇඳගෙන යන්න ඕන ඇඳුම කියලා.
"හරි, මෙහෙම කරන්න. ඔයා ගාව තියෙන කැතම ඇඳුම් ඇඳගෙන යන්න, එතකොට එයාල හිතයි ඔයා, එයාලා හිතන තරම් පොහොසතෙක් නෙවෙයි කියලා" ගණකාධිකාරිවරයා තමන්ගේ උපාය පැහැදිලි කළා.
මේ අදහස හිතේ තියාගෙන කෝකටත් නීතිමය උපදෙසුත් ගන්න ඕන කියලා ගියා තමන්ගේ නීතිඥයා හම්බ වෙන්න. එත් නීතිඥයාගෙන් ලැබුනේ හාත්පසින්ම වෙනස් පිළිතුරක්.
Saturday, October 6, 2012
Friday, October 5, 2012
අච්චාරු
මේක ටිකක් අසභ්ය ගණයට වැටෙන කතාවක්. ගොඩක් කල්පනා කරලා අන්තිමේදී මේක දාමු කියල හිතිලා දානවා. ඔන්න මම කලින්ම කිව්වා මේක අසභ්ය ගණයට අයිති එකක් කියලා. කියෙව්වට පස්සේ මට බනින්න නම් ලෑස්ති වෙන්න එපා.....
මේක ඇත්තටම වෙච්ච සීන් එකක්. කේස් එක වෙලා දැන් අවුරුද්දක් විතර ඇති. මම මෙතන කියන කට්ටිය සමහරුන්ගේ ඇත්ත නම් පාවිච්චි කරන්නේ නැහැ. හරි, ඔන්න එහෙනම් කතාව.
ඔන්න දවසක් අපි කට්ටියක් සෙට් පොඩි කතාවක් දාගෙන හිටියා. මෙතන කට්ටිය කිව්වේ මම, තාරකයා (තාරක කිව්වට උගේ ඇත්ත නම වෙන එකක්. තාරක කිව්වේ උගේ කාඩ් එක), දුමියා, නිශාන් සහ රොෂාන්. ඉතින් අපි සෙට් වෙලා වල් පල් කතා කර කර ඉන්නකොට, ටික වෙලාවකින් ඔතනට සම්ප්රාප්ත උනා අපේ සෙට් එකේ ගෝතයා රවියා. ඌත් කොහොමින් කොහොම හරි අපේ කතාවට ප්ලග් උනා.

Tuesday, September 25, 2012
ඔයා නියමයි...
මේක ඇත්ත කතාවක් කියලා තමයි සඳහන් වෙලා තිබ්බේ. මේක සිද්ධ වෙන්නේ පැරීසියේ, අවුරුදු කීපයකට කලින්. කට්ටිය දන්නවනේ ඔය ඔපෙරා කියන තැන්, අර "ඔපෙරා හවුස්" කියන්නේ? මේ කතාව වෙන්නේ ඔය වගේ ඔපෙරා කියන තැනක.
ඔන්න එක්තරා සුප්රසිද්ධ ගායකයෙක්ගේ ප්රසංගයක් සංවිධානය කරලා තිබුනා මේ ඔපෙරා ශාලාවේ. විශාල මුදලක් අර ගායකයාට දීල තමයි කොන්ත්රාත්තුව අත්සන් කරලා තිබ්බේ. මේ ගායකයාගේ ප්රසිද්ධිය නිසාම විශාල පිරිසක් ප්රසංගය සඳහා ප්රවේශපත් ලබාගෙන තිබුනා. දවස් දෙකකින්ම ඔක්කොම ප්රවේශපත් විකිණුනා.
ඔන්න ඉතින් ප්රසංගය පැවෙත්වෙන දවසේ ඔපෙරා ශාලාව අතුරු සිදුරු නැතිව පිරී ඉතිරී ගිහින් තිබුනා. ඉතින් කොහොම කොහොම හරි, ප්රසංගයේ වෙලාවත් ලඟා උනා. හැම දෙනාම ගොඩක් ආසාවෙන් බලං හිටියා තමන්ගේ ප්රියතම ගායකයා ඇවිත් තමන්ගේ ප්රියතම සිංදු ඉදිරිපත් කරනකන්.

Saturday, September 22, 2012
ණයක් ගන්න පුළුවන්ද ?
හැමදාම විහිළු කතා, ආදර්ශමත් කතා ලිය ලිය ඉදලා එකපාරට හිතුනා, ඇත්තටම වෙච්ච කේස් එකක් දාන්න. මේක පහුගිය දවසක, මට මතක විදිහට පහුගිය සතියේ වෙච්ච කතාවක්. ඔන්න කතාව.
කතාවට කලින්, මේ කතාවට දායකත්වය සපයන නළු නිළි පිරිස ගැන හැදින්වීමක් කරලා ඉන්නම් කෝ. මේකෙදී සල්ලිකාරයාගේ චරිතය රඟපාන්නේ, ඒ කියන්නේ ණය දෙන්න හදන්නේ මම. ඔව් බොලව්, ආගන්තුකයා තමයි. ණය ඉල්ලන්න එන්නේ මගේ යාලුවෙක්. අපි ඌට කියමු "තඩි මල්ලි" කියලා. මම ඒ නම දැම්මේ, මිනිහ ටිකක් හොදට කන බොන නිසා පීප්පයක් වගේ ඇඟකට උරුමකම් කියපු නිසාමයි. ඔච්චරයි ඉතින් මේ කතාවේ ප්රධාන නළු නිළි (නිළියො නම් නැහැ තමයි) පිරිස. එහෙනම් ඔන්න කතාව.
ඔන්න මම පහුගිය සතියේ දවසක කාර්යාලයේ ඉන්නකොට, උදේ 10ට විතර කෝල් එකක් ආවා. බැලුවම තඩි මල්ලියා. මාත් බැලුවා මේ මොකෝ මූට ගොඩක් කාලෙකට පස්සේ මාව මතක් වෙලා තියෙන්නේ කියලා. ඉතින් කෝකටත් ලොකු කතාවකට ලෑස්ති වෙලා මාත් කෝල් එක ආන්සර් කළා.

Thursday, September 20, 2012
ගෙම්බා
මේ කතාවනම් ගොඩක් දෙනෙක් දන්නා, ඒ වගේම ගොඩක් දෙනෙක් අහලත් ඇති කතාවක්. ඒත් මම මේක බම්බා හන්දියේ දාන්න කියල හිතුවා. පොඩ්ඩක් හිතල බලලා හිනාවෙන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා.
ඔන්න කොල්ලෙක් ඉන්නවා ලු. පරිගණක මෘදුකාංග ඉංජිනේරුවෙක්, ඒ කියන්නේ සොෆ්ට්වෙයා ඉංජිනියර් කෙනෙක්. මෙයා නිවාඩු දවස්වල කලේ ලග තියෙන ගඟකට ගිහින් මාළු බාපු ඒක.
දවසක් මෙහෙම මාළු බාමින් ඉන්නකොට ඇහුනා සද්දයක් "මාව ගන්න, මාව ගන්න"...
ඉතින් මෙයා තව ටිකක් ලං වෙලා බැලුවා මොකක්ද මේ සද්දේ කියලා. එයාට හිතුනා තමන් තමන් හීනයක් දකිනවා කියලා.... කෝකටත් කියලා තව ටිකක් විපරමින් බැලුවා මොකක්ද ඒ සද්දේ කියලා.
"මාව ගන්න, මාව ගන්න"

Sunday, September 16, 2012
හැන්ද
ඔන්න එක මහත්තයෙක් රාත්රී ආහාරය ගන්න නගරයේ පිහිටි සුපිරිම ආපන ශාලාවකට ගියා. ගිහින් සුව පහසු තැනක තිබිච්ච මේසයක වාඩි වෙලා වේටර් එනකන් බලන් හිටියා. ඒ අතරේ මෙයා දැක්ක එතනින් ගිය තවත් වේටර් කෙනෙක්ගේ සාක්කුවේ හැන්දක් තියෙන එක.
ටික වෙලාවකින් තමන් වාඩිවෙලා ඉන්න මේසයේ සේවය කරන වේටර්වරයා ආවම තමන්ට ඕන කරන කෑම බීම ඕඩර් කරන අතරේදී දැක්කා මේ වෙටර්ගේත් සාක්කුවේ හැන්දක් තියෙනවා. ඉතින් කෝකටත් කියල වට පිට බලනකොට දැක්කා, මේ හෝටලයේ ඉන්න හැම වේටර්කෙනෙක්ගෙම සාක්කුවේ අර විදිහට හැන්දක් තියෙනවා කියලා.

Saturday, September 15, 2012
ගොවියාගේ දුව
ඔන්න ආයිත් පොඩි විවේකයක් ලැබිලා පොඩි කතාවක් ලියන්න හිතුනා. හිතලා හිතලා අන්තිමේදී, ආදර්ශයක් ගන්න පුළුවන් කතාවක් ලියන්න ඕනෑ කියල හිතලා මේ කතාව ලියනවා. ඔන්න එහෙනම් කතාව.
ඔන්න එක්තරා ගමක හිටියා තරුණ මහත්තයෙක්, ම්ම්ම් මහත්තයෙක් කිව්වට කොල්ලෙක් හරිද ? කොල්ලා ඉතින් බඳින වයසේ ඉන්න නිසා හොද කෙල්ලෙක් හොයල ආදරේ කරලා බදින්න තමයි හිතන් හිටියේ.
ඔහොම ටික කාලයක් යද්දී කොල්ලගේ හිත ගමේම හිටපු කෙල්ලෙකුට ඇදිලා ගියා. කොහොම කොහොම හරි හොයල බලද්දී කොල්ලා දැනගත්තා එයාගේ කෙල්ලගේ තාත්තා ගමේම වාසය කරන ගොවියෙක් කියලා. ඉතින් කොල්ලා හිතාගත්ත පපුව ඉස්සරහට දාල තමන්ගේ ආදරවන්තිය දෑත පතන්න.

Sunday, September 9, 2012
සමාගම් ප්රතිපත්ති
ගොඩක් කාලෙකට පස්සේ ආයිත් පොඩි විවේකයක් ලැබුනා අලුත් ලිපියක් ලියන්න. මොකක් ලියන්නද කියලා හිත හිත ඉන්නකොට මතක් උනා කලින් අහල තිබ්බ කතාවක්. මේක ගොඩක් කට්ටිය කලින්ම අහල ඇති. එත් ඉතින් ලියන්න ඕනෑ කියල හිතපු නිසා ඔන්න ලියනවා.
කූඩුවක් මැද ලණුවකින් බැඳී කෙසෙල් ඇවරියක් එල්ලන්න. ඊට යටින් පඩිපෙලක් සකස් කරන්න. එනම් මෙම පඩිපෙළ නැග ගොස් කෙසෙල් අවරිය ලබාගැනීමේ හැකියාව තිබිය යුතුය. එලෙසම කූඩුව මැද වතුර මලක් (ෂවර් එකක්) සවි කරන්න. මෙම වතුර මලින් මුළු කූඩුවටම වතුර ඉසීමේ හැකියාව තිබිය යුතුය. දැන් මෙම කූඩුවට වදුරන් 5දෙනෙක් දමන්න.

Subscribe to:
Posts (Atom)