Friday, October 5, 2012

අච්චාරු

මේක ටිකක් අසභ්‍ය ගණයට වැටෙන කතාවක්. ගොඩක් කල්පනා කරලා අන්තිමේදී මේක දාමු කියල හිතිලා දානවා. ඔන්න මම කලින්ම කිව්වා මේක අසභ්‍ය ගණයට අයිති එකක් කියලා. කියෙව්වට පස්සේ මට බනින්න නම් ලෑස්ති වෙන්න එපා.....

මේක ඇත්තටම වෙච්ච සීන් එකක්. කේස් එක වෙලා දැන් අවුරුද්දක් විතර ඇති. මම මෙතන කියන කට්ටිය සමහරුන්ගේ ඇත්ත නම් පාවිච්චි කරන්නේ නැහැ. හරි, ඔන්න එහෙනම් කතාව.

ඔන්න දවසක් අපි කට්ටියක් සෙට් පොඩි කතාවක් දාගෙන හිටියා. මෙතන කට්ටිය කිව්වේ මම, තාරකයා (තාරක කිව්වට උගේ ඇත්ත නම වෙන එකක්. තාරක කිව්වේ උගේ කාඩ් එක), දුමියා, නිශාන් සහ රොෂාන්. ඉතින් අපි සෙට් වෙලා වල් පල් කතා කර කර ඉන්නකොට, ටික වෙලාවකින් ඔතනට සම්ප්‍රාප්ත උනා අපේ සෙට් එකේ ගෝතයා රවියා. ඌත් කොහොමින් කොහොම හරි අපේ කතාවට ප්ලග් උනා.

"මචං, මට බඩුවක් සෙට් උනා. හෙට මම යනවා ඒ පැත්තේ." ඉඳලා ඉඳලා බොහොම ආඩම්බරෙන් රවියා කිව්වා.

මෙතන  බඩුවක් කිව්වේ මොකක්ද කියල උඹලට තේරෙන්න ඇති නේ ? තේරුනේ නැති අයට තේරෙන්නත් එක්ක කියන්නම්. මෙතන බඩුවක් කියල රවියා අදහස් කලේ අර කවුරුත් නැති වෙලාවක ගෙදරට රිංගලා පොඩි ෆන් එකක් ගන්න පුළුවන් ගෑණු කෙනෙක් ගැන. හරි ආයිත් එහෙනම් කතාව.

මේක ඇහිච්ච ගමන් අපේ උන් ඔක්කොම කිසි සද්ද බද්දයක් නැහැ. ඇත්තම කිව්වොත් කට්ටිය ඔක්කොම තුෂ්නිම්භූත වෙලා. මූට මේ මොකක් වෙලාද කියලා.

"මොකක්ද බං උඹට එක පාරට උනේ. ඊයෙත් උඹ හොදට හිටිය නේද ?" කවුරුවත් මුකුත්ම කතා කරන්නේ නැති එක දැකල බැරිම තැන දුමියා ඇහුවා.

"නෑ බං. ටික දවසක ඉඳලා ඔය කේස් එක තිබ්බා. උඹලත් එක්ක ඕක කතා කරන්න වෙලාවක් හම්බ උනේ නැහැ නේ. එකයි දැන් කිව්වේ. අර කඩේට එහා තියෙන ගෙදර ඉන්න ගෑණි තමයි. හෙට රෑට ඒ පැත්තේ යන්න ඉන්නේ."

"යකෝ, ඒ ගෑණි චාටර් නේ බං. ඒකිට ඒඩ්ස් තියෙනවද දන්නේත් නැහැ. කරන දෙයක් පරිස්සමින් පුතෝ. ඔන්න මම නොකිව්වයි කියන්න එපා." කතාව මෙච්චර වෙලා අහන හිටපු තාරකයා කිව්වා.

ඔය කියපු ගෑණු කෙනා ටිකක් අවුල් චරිතයක් තියෙන කෙනෙක් විදිහට තමයි ප්‍රසිද්ද වෙලා තිබුනේ. ගමේ කීප දෙනෙක් එක්කම එක එක විදිහේ සම්බන්ධකම් තිබ්බ කියන එක කවුරුත් දැනන් හිටියා. මෙතන එක එක විදිහේ සම්බන්ධකම් කියන එකෙන් අදහස් කලේ ගොඩක් විට රාත්‍රියට පමණක් තිබිච්ච සම්බන්ධකම් කියන එකයි. තේරෙන්න ඇතිය කියල මම හිතනවා.

තව දෙයක් කියන්න අමතක උනා. ඒ දවස් වල අපිට ඔය කොන්ඩම් කියන ඒවා ගැන එච්චර දැනීමක් තිබුනේ නැහැ. ඉතින් කොහොම හරි තාරකයා කියපු කතාවට රවියාට ටිකක් විතර බය හිතුන බව අපිට තේරුනා.

"ඉතින් මචං මම මොකක්ද කරන්නේ. මට කොහොම හරි යන්න ඕන බං. සපෝට් එකක් දීපල්ලා කෝ"

"හරි, හිටපන් කෝ කියන්න. ඒ ගැනිට ඒඩ්ස් නැත්නම් කිසි අවුලක් නැහැ නේ. මම උඹට කියන්නම්කො හොඳ ක්‍රමයක්" අපිට ඇස් ගහන ගමන් තාරකයා කිව්වා. එතකොට තමයි අපිට මීටර් උනේ රවියාට හොද ටොපියක් සෙට් වෙන්න තමයි යන්නේ කියලා.

"අනේ බං ලොකු උදව්වක් බං, මට කොහොම හරි හෙල්ප් එකක් දියන් මචෝ" ඔන්න ඉතින් රවියා පින්සෙන්ඩු වෙන්න පටන් ගත්තා.

"හරි, ඕක එච්චර ලොකු සීන් එකක් නෙවෙයි බං. මම මේක දැනගත්තේ අපේ මාමා කෙනෙක්ගේ පොතක තිබිලා. ඕකට පොඩි කෙමක් තියෙනවා. උඹ මෙහෙම කරපන්." කියලා තාරකයා රවියාගේ කනට කුටු කුටු ගෑවා. අන්තිමට මොකක්ද කිව්වේ කියලා අපි කාටවත්ම ඇහුනේ නැහැ. අපි උන් දෙන්නාගෙන් ඇහුවත් උන් දෙන්නම අපිට කිසි දෙයක් කිව්වෙත් නැහැ,

කොහොමින් කොහොම හරි එදා අපි සෙට් එකම විසිර ගියේ ඊළඟ දවස් ටිකේ බුදු ෆන් එකක් ගැනීමේ මහඟු චේතනාව සිතේ රදවාගෙනයි.

ඊළඟ දවසේ මට වැඩ වගයක් තිබුන නිසා කට්ටියට සෙට් වෙන්න බැරි උනා. දවස් දෙකකට පස්සේ මම අපේ යූශුවල් මීටින් පොට් එකට යනකොට කට්ටියම හිනා වෙවී ඉන්නවා දැක්කා. එතකොට තමයි මට මතක් උනේ රවියාගේ බඩු සංග්‍රාමය ගැන.

"කෝ රවියා, අර සීන් එකට මොකෝ වෙලා තියෙන්නේ" මම දැඩි කුතුහලයකින් කට්ටියගෙන් ඇහුවා.

"උඹ සීන් එක දන්නේ නැද්ද? ඊයේ රවියා රෑ වෙනකන් ඉඳලා, කවුරුවත් නැති වෙලාවක් බලලා, අර ගෑනිගේ ගෙදර ගිහිල්ලා. කොහොම හරි ගෙදර ඇතුලට රිංගගෙන...." නිශානයා මට කතාව කියන්න පටන් ගත්තා.

කොහොම හරි ගේ ඇතුලට රිංග ගත්තු රවියා දොර එහෙම ලොක් කරලා ජනෙල එහෙම වහලා, ගෑනිත් එක්ක බෙඩ් රූම් එකට ගිහිල්ලා. පස්සේ ටික වෙලාවක් ඇඳේ වාඩි වෙලා ඉඳලා, සීන් එකට සෙට් වෙන්න ෂර්ට් එක ගලෙව්වලු. අර ගෑනිත් ඔක්කොම ගලවලා ඇඳේ හාන්සි වෙලා ඉන්නවා ලු. ඒ අතරේ රවියා හෙමීට ගෑනිගේ කකුල් තියෙන පැත්තට ගිහින් තියෙනවා. ගිහිල්ලා කලිසම් සාක්කුවෙන් පොඩි ෂොපින් බෑග් එකක් අරන් එක ඇතුලෙන් රතු ළූණු ගෙඩියක් අරන්, ගෑනිගේ අහවල් තැනට කිට්ටු කරලා පොඩි කරන්න පටන් ගත්ත ලු. ඔහොම ගෙඩි 3ක් විතර අරන් කරලා තියෙනවා. ඒ අතරේ මේක බලන් හිටපු ගැනිට මල පැනලා ඇහුවලු,
"හු*තෝ, තෝ ආවේ හු*න්නද? නැත්නම් මගේ හු*ත අච්චාරු දාන්නද?"
 
පස්සේ තමයි මට කතාව තේරුනේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඔය රතු ළූණු පොඩි කරපු එක තමයි තාරකයා රවියාට කියල දුන්න කෙම. මූ කියල තියෙන්නේ වැඩේට සෙට් වෙන්න කලින් රතු ළූණු ගෙඩි 5ක් විතර ගෑණු කෙනාගේ අතනට කිට්ටු කරලා පොඩි කරාම, ඒ ගෑණු කෙනාට ඒඩ්ස් තියෙනවනම් ඔය රතු ළූණුවල සැර දරාගන්න බැරි වෙනවා කියලා. ඉතින් රවියත් කෙම පාවිච්චි කරලා. කොහොම හරි පව් අහිංසක රවියා. ඌට අන්තිමේදී අර ආසාවෙන් හිටපු වැඩේ කරගන්න බැරි උනා. තාමත් රවියා අච්චාරු දාපු කතාව මතක් කර කර ඌව බයිට් කරන්න අපි අමතක කරන්නේ නැහැ

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

ප්‍රතිචාර (2)

  1. Ade ubata una seen ekak neda :((

    ReplyDelete
    Replies
    1. මගේ නම ආගා බං, රවී නෙවෙයි :P

      Delete

මූණු පොතින් ()