Tuesday, September 25, 2012

ඔයා නියමයි...

මේක ඇත්ත කතාවක් කියලා තමයි සඳහන් වෙලා තිබ්බේ. මේක සිද්ධ වෙන්නේ පැරීසියේ, අවුරුදු කීපයකට කලින්. කට්ටිය දන්නවනේ ඔය ඔපෙරා කියන තැන්, අර "ඔපෙරා හවුස්" කියන්නේ? මේ කතාව වෙන්නේ ඔය වගේ ඔපෙරා කියන තැනක.

ඔන්න එක්තරා සුප්‍රසිද්ධ ගායකයෙක්ගේ ප්‍රසංගයක් සංවිධානය කරලා තිබුනා මේ ඔපෙරා ශාලාවේ. විශාල මුදලක් අර ගායකයාට දීල තමයි කොන්ත්‍රාත්තුව අත්සන් කරලා තිබ්බේ. මේ ගායකයාගේ ප්‍රසිද්ධිය නිසාම විශාල පිරිසක් ප්‍රසංගය සඳහා ප්‍රවේශපත් ලබාගෙන තිබුනා. දවස් දෙකකින්ම ඔක්කොම ප්‍රවේශපත් විකිණුනා.

ඔන්න ඉතින් ප්‍රසංගය පැවෙත්වෙන දවසේ ඔපෙරා ශාලාව අතුරු සිදුරු නැතිව පිරී ඉතිරී ගිහින් තිබුනා. ඉතින් කොහොම කොහොම හරි, ප්‍රසංගයේ වෙලාවත් ලඟා උනා. හැම දෙනාම ගොඩක් ආසාවෙන්  බලං හිටියා තමන්ගේ ප්‍රියතම ගායකයා ඇවිත් තමන්ගේ ප්‍රියතම සිංදු ඉදිරිපත් කරනකන්.

ටික වෙලාවකින් ශාලාවේ කළමනාකාරවරයා වේදිකාවට ආවා."නෝනාවරුනි, මහත්වරුනි. මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවෙදී ඔබලා මෙම ප්‍රසංගය නැරඹීම සදහා පැමිණීම ගැන. නමුත් අපිට යම් යම් අපහසුතාවයන් ඇති වී තියෙනවා. අපගේ ගායකයා යම් රෝගී තත්වයකට ලක්ව තියෙන නිසා ඔහුට පැමිණීමට නොහැකි වණ බව අපට දන්වා ඒවා තිබුනා. සිදුවූ අපහසුතාවයට අපගේ දැඩි කනගාටුව පළකර සිටිනවා. එත් අපි කැමති නැහැ ඔබලාගේ මේ රාත්‍රිය කනස්සල්ලෙන් ගතකරනවා දකින්න. ඉතින් අපි මේ ප්‍රසංගය ඉදිරිපත් කිරීම සඳහා කෙනෙක් තෝරාගත්තා. දැන් අපි ඔහුට ආරාධනා කරනවා පැමිණ ඔබ සැම පිනවීම සඳහා.... පිළිගන්න....."

මේ අතරේ ප්‍රසංගය බලන්න ආපු කට්ටිය කලකිරීමට පත්ව තිබුනා. ඔවුන්ගේ කෑ ගැසීම නිසා ප්‍රසංගය ඉදිරිපත් කරන කෙනාගේ නමවත් කාටවත් ඇසුනේ නැහැ. ප්‍රසංග ශාලාවම කාලගෝට්ටියක් බවට පත් උනා.

මේ අතරේ අලුතින් ඉදිරිපත් උන ගායකයා වේදිකාවට ඇවිල්ලා එයාගේ ප්‍රසංගය පටන් ගත්තා. ටික වෙලාවකින් ශාලාවේ හිටපු හැමෝම නිශ්ශබ්ද වෙලා ප්‍රසංගයට අවධානය යොමු කරන්න පටන් ගත්තා. මේ ප්‍රසංගය ඉදිරිපත් කරන නමක් නැති පුද්ගලයා තමන්ගේ මුළු ශක්තියම යොදලා, තමන්ට පුළුවන් උපරිමයෙන් ප්‍රසංගය ඉදිරිපත් කළා.

ටික වෙලාවකින් ඔහු තමන්ගේ ප්‍රසංගය අවසන් කළා. මුළු ශාලාවම පුරාම දැඩි නිශ්ශබ්දතාවයක් පැතිරිලා ගියා. කිසිම කෙනෙක් අත්පුඩි ගැහුවෙවත් නැහැ.

එකපාරටම ශාලාවේ එක කොනක ඉදන් පොඩි ළමයක්ගේ කෑ ගැහිල්ලක් ඇහුනා....

"තාත්තේ, ඔය එක නියමෙටම කළා. එක තමයි මම දැනට දැකපු හොදම ෂෝ එක. මට ඔයා ගැන ආඩම්බරයි තාත්තේ..."
ප්‍රසංගය බලන්න ආපු හැමෝම හයියෙන් අත්පුඩි ගහන්න පටන් ගත්තා. මුළු ශාලාවම සතුටින් පිරී ගියා.

ඇත්තටම අපිත් කැමතියි නේද ඉඳලා හිටලා හරි අපේ ජීවිතේ ඉන්න කවුරු හරි, "ඔයා එක නියමෙටම කලා" කියල කියනවට. ඒ වගේම තවත් කෙනෙක් බලාපොරොත්තු වෙනවා ඇති අපි ඒ කෙනා දිහා බලලා එහෙම කියනවට.

ඔයාලත් ඉදල හිටලා හරි එහෙම කෙනෙකුට ඇත්තටම "ඔයා එක නියමෙට කළා." කියලා කියල තියෙනවද ?
:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

ප්‍රතිචාර (4)

  1. මම නම් ඒක හැමවෙලාවෙම කරනවා මේ දැනුත් කරනවා.
    ආගන්තුකයා ඔයා ඒක නියමෙට කරා :)

    ReplyDelete
    Replies
    1. නිශාන්.... ඔයත් නියමෙට එක කළා :P

      Delete
  2. ඔයා නම් මාරයි ආගා =D7 නියමායි ((රහසින්)අර දෙනවා කියපු චොකෝ එක තැපෑලෙන් එවන්න)

    ReplyDelete
    Replies
    1. ඔයත් ඒකනම් නියමෙටම කළා උන්මාදිනියේ :D

      Delete

මූණු පොතින් ()