Thursday, August 16, 2012

චාටර්ම වයස

ඔන්න එහෙනම් තවත් කතාවක්. මේක ටිකක් වයසක පොරවල් සම්බන්ධ කතාවක්. ඔය ඉතින් කවුරුත් දන්නවා නේ මෙයාල ඉදල හිටලා ඔය එක එක කතාවලට සෙට් වෙනවා කියල.

එක දවසක් වයසක සීයලා තුන්දෙනෙක් ලොකූ කතාවකට සෙට් වෙලා ඉන්නවාලු හොටෙල් එකක. කතාවේ මාතෘකාව උනේ "චාටර්ම වයස" මොකක්ද කියන එක. ඔන්න ඉතින් එක එක්කෙනා තමන්ගේ මතයන් ප්‍රකාශ කරමින් සිටිනවා.

"අවුරුදු 50 තමයි චාටර්ම වයස, හැමතිස්සෙම දැනෙනවා චූ කරන්න යන්න ඕන ඕන වගේ. ගිහින් ඉදගත්තම මුකුත්ම වෙන්නේ නැහැ. ඉතින් ආයිත් හැරිලා එන්න වෙනවා". ඔය විදිහට පලවෙනි එක්කෙනා අදහස් ප්‍රකාශ කළා.
එතකොට  දෙවෙනියා කටහඩ අවදි කළා.

"නැහැ, අවුරුදු 60 තමයි එපාම කරපු වයස. එක එක ජාති කාල, බඩ බුරුල්වෙන්න ජාති බීලා මොන දේ කලත් වාඩිවෙලා හවස්වෙනකන් කොච්චර තැටමුවත් මෙලෝ දෙයක් වෙන්නේ නැහැ. බඩ යන්නෙම නැහැ"

"ඔය දෙන්නම වැරදියි, 70 තමයි එපාම කරපු මහා චාටර්ම වයස."අන්තිමේදී මෙච්චර වෙලා සද්ද නැතිව හිටපු එක්කෙනා කටහඩ අවදි කළා.

"ඇයි, ඔහෙටත් චූ කේස් එක තියෙනවද ?"

"අපෝ නැහැ, උදේ 6.00 වෙනකොට මට කිසි ප්‍රශ්නයක් නැතිව දිය ඇල්ලක් වගේ චූ යනවා"

"එතකොට තමුසෙට ගූ කරනකොට අවුල්ද ?"

"අපෝ නැහැ, උදේ 7.00 වෙනකොට එකත් කිසි ප්‍රශ්නයක් නැතිව යනවා"

මේක ඇහුවට පස්සේ ඉතින් කියන්න ඕන නැහැ නේ අනික් දෙන්නට ෆුල් හොල්මන්ලු.

"එතකොට තමුසේ කියන්නේ තමුසෙට උදේ 6.00 වෙනකොට චූත් යනවා, 7.00 වෙනකොට ගූත් යනවා, ඉතින් මොකක්ද ඔකේ තියෙන චාටරේ ???"



 "මට උදේ 10.00 වෙනකන් ඇහැරෙන්නේ නැහැ"
:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

ප්‍රතිචාර (4)

මූණු පොතින් ()