Sunday, August 19, 2012

රස්සාව

ඔන්න  එහෙනම් තව එකක්... මේක ඉතින් රස්සා සම්බන්ධ කතාවක්. මේක කියවලා කට්ටිය මාත් එක්ක තරහ වෙයිද දන්නේ නැහැ. මොකක් උනත් ඔන්න කතාව එහෙනම්.

ඔන්න ඒක මනුස්සයෙක්, ඇත්තම කිව්වොත් කොල්ලෙක්, ගියාලු තැපැල් කන්තෝරුවකට (අර පෝස්ට් ඔෆිස් කියන්නේ). ගියේ රස්සාවකට අයදුම් කරන්න. ඔන්න ඉතින් එදාම රස්සාවට අයදුම් කරලා ඉන්ටර්වීව් එකත් එදාම සෙට් උනාලු.


ඔන්න  ඉතින් ඉන්ටර්වීව් කරන කෙනා සාමාන්‍යයෙන් අහන ප්‍රශ්න එහෙම අහල ඉවර වෙලා අහනවලු "ඔයාට ආසාත්මිකතා, ඒ කියන්නේ ඇලර්ජික් එහෙම තියෙනවද ?"

එතකොට අර කොල්ලා කියනවා, "ඔව්, මට තේ, ඒ වගේම කෝපි ඇලර්ජික්"

"තමා හමුදාවේ එහෙම නැත්නම් පොලිසියේ සේවය කරලා තියෙනවද ?"

"ඔව්, මම අවුරුදු 10ක් හමුදාවේ හිටියා"


"ම්ම්ම්ම්... ඒ කියන්නේ එකෙන් තමාට ලකුණු 10ක් වැඩිපුර ලැබෙනවා. ඉතින් කියන්න බලමු හමුදා ජීවිතේ යම් යම් ආබාධ වලට ලක් වෙලා තියෙනවද ? ඒ වගේම මොකක් හරි දුබලතා තියෙනවද ?"

"ඔව්, මම හමුදාවෙන් අයින් උනේ එහෙම දෙයක් නිසා තමයි, දවසක් බෝම්බයක් පිපිරිලා මගේ ඇ* දෙක සම්පූර්ණයෙන්ම මට අහිමි උනා"

"හොදයි, මම හිතන්නේ මට තමාව මේ රාජකාරියට දැන් ඉදලම බඳවාගන්න පුළුවන්. අපේ සාමාන්‍ය රාජකාරී වෙලාව වෙන්නේ උදේ 8.00 ඉදන් හවස 5.00 වෙනකන්. ඔයාට හෙට 10.00 ඉදලා රාජකාරියට වාර්තා කරන්න පුළුවන්. ඒ වගේම හැමදාම උදේ 10.00ට වැඩට එන්න පුළුවන්. මුකුත් හිතන්න එපා, උදේ 10.00 ආවා උනත් ඔයාට උදේ 8.00 ඉදල වැඩට ආවා වගේම අපි ඔයාට ගෙවනවා."


මේක අහපු අර කොල්ලට දැන් මාර අවුල් ලු.

"ඉතින් මේ ජොබ් ඒක 8.00 ඉදන් 5.00 වෙනකන් නම්, ඇයි ඔයා මට 10.00 එන්න කියන්නේ ?"





"ළමයා, මේක රජයේ රැකියාවක්. කොහොමත් උදේ වැඩට ඇවිත් පලවෙනි පැය දෙක අපි කරන්නේ තේ නැත්නම් කෝපි බීලා, ඇ* කහ කහ එහෙ මෙහෙ ඇවිද ඇවිද ඉන්න ඒක නේ. ඔයා ඉතින් ඕකට උදේ පාන්දර ඇවිල්ල වැඩක් නැහැ නේ!!! "


ප.ලි. නොතේරෙන අය ඔය තරුවක් දාල තියෙන තැනට "ට" යන්නක් එහෙම දාල කියවල බලන්න.
:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

ප්‍රතිචාර (4)

  1. අඩේ එකනම් දරුණු වුනාට පට්ට ආතල් කතාව =))
    අර රාජ් අයියා එහෙම මේක කියෙව්වොත් මොනා හිතෙයිද දන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. රාජ් අයියා ගොඩ කාලෙකින් මේ පැත්තේ නැහැ... එපා වෙලාද දන්නේ නැහැ :-/

      Delete
  2. හැක හකාස්..පිස්සු බම්ප් වෙනවා..:D

    ReplyDelete

මූණු පොතින් ()