Friday, August 10, 2012

පොඩි එකාගේ කතාව

මේක ඇත්තටම මට ඊයකින් ආපු එකක්. කලින් කියවල තිබුනානම් සමාව භාජනය කරත්වා. පොඩි කතාවක් ඒත් හිතට ගන්න දෙයක් තියෙන කතාවක. ඔව් ඔව් අර කියන්නේ “මොරාල් ඔෆ් ද ඉස්ටෝරි” කියල. ඔව් අන්න එක තමයි. එහෙනම් කෙලින්ම කතාවට බහිමු කෝ.

මේක උනේ එක්තරා නගරෙක හිටපු අබිත්තන් කොලු පැටියෙක් ඉන්න පවුලක. පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි මේ පොඩි එකයි. දවසක් මේ පොඩි එකා තාත්ත එක්ක ගියාලු shopping කරන්න. ඒ ගමන්ම ඉතින් park එක පැත්තටත් එක්කන් ගියාලු. කොහොමින් කොහොම හරි හවස් උනාට පස්සේ පොඩි එකා තාත්තගේ අතේ එල්ලිලා ගෙදර ආවලු. මහන්සිය හින්ද තාත්ත පොඩි wash එකක් දාගන්න ගිය අතරේ පොඩ්ඩ කුස්සිය දිහාවට ගියාලු අම්ම මොනවාද කරන්න බලන්න. අම්ම ඇහුවලු “කොහොමද පුතා අද දවස? මොනවාද කලේ තාත්ත එක්ක?”. පොඩි එකත් ඉතින් කල්පනා කර කර ඉදල කිව්වලු “Shopping කරනකොට තාත්ත තනියම මාත් එක්ක තමයි හිටියේ, ඒත් Park එකට ගියාම තාත්ත මාත් එක්ක සෙල්ලම් කලේ නැහැ” කියල. ඉතින් අම්මත් අතෑරියේ නැතිලු, ඇහුවලු “ඒ මොකෝ පුතා” කියල. “නෑ අම්මි, අර අපේ එහා වත්තේ ඉන්න රෝස්මරි ආන්ටිත් ඇවිල්ල හිටිය නේ Park එකට, තාත්ත එයා එක්ක කතා කර කර ඉදල කොනේම තියෙන පඳුර ඇතුලට ගියා, මාත් ඉතින් බලන්න ගියා. එතකොට රෝස්මරි ආන්ටි අත උඩට ඉස්සුවා, තාත්ත එයාගේ ගවුම ගැලෙව්වා, රෝස්මරි ආන්ටිත් තාත්තගේ Shirt එක ගැලව්වා”. ඔහොම කියන යන අතරේ අම්මගේ ටිකිරි මොලේට මීටර් උනා මොකක්ද වෙලා තියෙන්නේ කියල. ඉතින් හොද වැඩක් කරන්නම් කියල, කිව්වා ලු “පුතා, හරි දැන් ගිහින් Wash එකක් දාගන්න, අපි ඔය කතාව හෙට ආච්චි අම්මල රෑ කෑමට ආවම කියමු”. ඉතින් පොඩි එකත් හා කියල ගිහින් Wash එකක් එහෙම දාගෙන දොයිය ගත්තලු.
ඔන්න ඉතින් දර්ශනය තියෙන දවස උදා උනා. දවස කෙමෙන් කෙමෙන් ගෙවී ගොස් රාත්‍රිය උදා උනා. අර අම්මගෙයි තාත්තගෙයි දෙමාපියෝ එහෙම රාත්‍රී භෝජන සංග්‍රහයට ගෙදර ආව. ඔන්න ඉතින් අර පොඩ්ඩාගේ අම්ම එහෙම ගොඩක් සන්තෝසෙන් කෑම උයන වැඩ එහෙම කරලා ඔක්කොම කන්න වාඩි උනා. ඔය අතරේ අම්ම පොඩි එකා දිහා බලල “පුතා, ඔයාට කතාවක් කියන්න තියෙනවා නේද? ඒක දැන් කියන්න බලන්න” කියල බොහොම ආඩම්බරෙන් තමන්ගේ ස්වාමි පුරුසයා දිහා බලල කිව්වා ලු.

ඔන්න ඉතින් පොඩි එකත් බොහොම උජාරුවට කතාව පටන් ගත්ත. “ඊයේ මමයි තාත්තයි Shopping ගියා. ඊට පස්සේ අපි Park එකට ගියා, අර අපේ එහා වත්තේ ඉන්න රෝස්මරි ආන්ටිත් ඇවිල්ල හිටිය නේ Park එකට, තාත්ත එයා එක්ක කතා කර කර ඉදල කොනේම තියෙන පඳුර ඇතුලට ගියා, මාත් ඉතින් බලන්න ගියා. එතකොට රෝස්මරි ආන්ටි අත උඩට ඉස්සුවා, තාත්ත එයාගේ ගවුම ගැලෙව්වා, රෝස්මරි ආන්ටිත් තාත්තගේ Shirt එක ගැලව්වා.”. පොඩ්ඩාගේ අම්මට පෙනුනලු දැන් පුරුස පක්ෂයේ කට්ටියගේ මූණු රතු වෙන විදිහ. පොඩ්ඩත් දැන් දිගටම කතාව කියාගෙන යනවා. “ඊට පස්සේ රෝස්මරි ආන්ටි එතන හාන්සි උනා, තාත්ත එයාගේ ඇග උඩින් හාන්සි උනා, ඊට පස්සේ ඒ දෙන්න, අර තාත්ති රට ඉන්න කාලේ අම්මි අල්ලපු ගෙදර John අන්කල් එක්ක කරපු විදිහට කරන්න පටන් ගත්ත.”

ඊට පස්සේ මොකක්ද උනේ කියල මම ඔයාලට කියන්න ඕන නැහැ නේ ?


ඔන්න දැන් තමයි වැදගත්ම කොටස. අර මම කියපු “මොරාල් ඔෆ් ද ඉස්ටෝරි” එක. ඒක ඉතින් මම කියන්නේ නැහැ. ඔයාලම හිතාගන්න.

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

ප්‍රතිචාර (2)

මූණු පොතින් ()