Tuesday, September 25, 2012

ඔයා නියමයි...

මේක ඇත්ත කතාවක් කියලා තමයි සඳහන් වෙලා තිබ්බේ. මේක සිද්ධ වෙන්නේ පැරීසියේ, අවුරුදු කීපයකට කලින්. කට්ටිය දන්නවනේ ඔය ඔපෙරා කියන තැන්, අර "ඔපෙරා හවුස්" කියන්නේ? මේ කතාව වෙන්නේ ඔය වගේ ඔපෙරා කියන තැනක.

ඔන්න එක්තරා සුප්‍රසිද්ධ ගායකයෙක්ගේ ප්‍රසංගයක් සංවිධානය කරලා තිබුනා මේ ඔපෙරා ශාලාවේ. විශාල මුදලක් අර ගායකයාට දීල තමයි කොන්ත්‍රාත්තුව අත්සන් කරලා තිබ්බේ. මේ ගායකයාගේ ප්‍රසිද්ධිය නිසාම විශාල පිරිසක් ප්‍රසංගය සඳහා ප්‍රවේශපත් ලබාගෙන තිබුනා. දවස් දෙකකින්ම ඔක්කොම ප්‍රවේශපත් විකිණුනා.

ඔන්න ඉතින් ප්‍රසංගය පැවෙත්වෙන දවසේ ඔපෙරා ශාලාව අතුරු සිදුරු නැතිව පිරී ඉතිරී ගිහින් තිබුනා. ඉතින් කොහොම කොහොම හරි, ප්‍රසංගයේ වෙලාවත් ලඟා උනා. හැම දෙනාම ගොඩක් ආසාවෙන්  බලං හිටියා තමන්ගේ ප්‍රියතම ගායකයා ඇවිත් තමන්ගේ ප්‍රියතම සිංදු ඉදිරිපත් කරනකන්.

Saturday, September 22, 2012

ණයක් ගන්න පුළුවන්ද ?

හැමදාම විහිළු කතා, ආදර්ශමත් කතා ලිය ලිය ඉදලා එකපාරට හිතුනා, ඇත්තටම වෙච්ච කේස් එකක් දාන්න. මේක පහුගිය දවසක, මට මතක විදිහට පහුගිය සතියේ වෙච්ච කතාවක්. ඔන්න කතාව.

කතාවට කලින්, මේ කතාවට දායකත්වය සපයන නළු නිළි පිරිස ගැන හැදින්වීමක් කරලා ඉන්නම් කෝ. මේකෙදී සල්ලිකාරයාගේ චරිතය රඟපාන්නේ, ඒ කියන්නේ ණය දෙන්න හදන්නේ මම. ඔව් බොලව්, ආගන්තුකයා තමයි. ණය ඉල්ලන්න එන්නේ මගේ යාලුවෙක්. අපි ඌට කියමු "තඩි මල්ලි" කියලා. මම ඒ නම දැම්මේ, මිනිහ ටිකක් හොදට කන බොන නිසා පීප්පයක් වගේ ඇඟකට උරුමකම් කියපු නිසාමයි. ඔච්චරයි ඉතින් මේ කතාවේ ප්‍රධාන නළු නිළි (නිළියො නම් නැහැ තමයි) පිරිස. එහෙනම් ඔන්න කතාව.

ඔන්න මම පහුගිය සතියේ දවසක කාර්යාලයේ ඉන්නකොට, උදේ 10ට විතර කෝල් එකක් ආවා. බැලුවම තඩි මල්ලියා. මාත් බැලුවා මේ මොකෝ මූට ගොඩක් කාලෙකට පස්සේ මාව මතක් වෙලා තියෙන්නේ කියලා. ඉතින් කෝකටත් ලොකු කතාවකට ලෑස්ති වෙලා මාත් කෝල් එක ආන්සර් කළා.


Thursday, September 20, 2012

ගෙම්බා

මේ  කතාවනම් ගොඩක් දෙනෙක් දන්නා, ඒ වගේම ගොඩක් දෙනෙක් අහලත් ඇති කතාවක්. ඒත් මම මේක බම්බා හන්දියේ දාන්න කියල හිතුවා. පොඩ්ඩක් හිතල බලලා හිනාවෙන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා.

ඔන්න කොල්ලෙක් ඉන්නවා ලු. පරිගණක මෘදුකාංග ඉංජිනේරුවෙක්, ඒ කියන්නේ සොෆ්ට්වෙයා ඉංජිනියර් කෙනෙක්. මෙයා නිවාඩු දවස්වල කලේ ලග තියෙන ගඟකට ගිහින් මාළු බාපු ඒක.

දවසක් මෙහෙම මාළු බාමින් ඉන්නකොට ඇහුනා සද්දයක් "මාව ගන්න, මාව ගන්න"...

ඉතින්  මෙයා තව ටිකක් ලං වෙලා බැලුවා මොකක්ද මේ සද්දේ කියලා. එයාට හිතුනා තමන් තමන් හීනයක් දකිනවා කියලා.... කෝකටත් කියලා තව ටිකක් විපරමින් බැලුවා මොකක්ද ඒ සද්දේ කියලා.

"මාව ගන්න, මාව ගන්න"

Sunday, September 16, 2012

හැන්ද


ඔන්න එක මහත්තයෙක් රාත්‍රී ආහාරය ගන්න නගරයේ පිහිටි සුපිරිම ආපන ශාලාවකට ගියා. ගිහින් සුව පහසු තැනක තිබිච්ච මේසයක වාඩි වෙලා වේටර් එනකන් බලන් හිටියා. ඒ අතරේ මෙයා දැක්ක එතනින් ගිය තවත් වේටර් කෙනෙක්ගේ සාක්කුවේ හැන්දක් තියෙන එක.
 
ටික වෙලාවකින් තමන් වාඩිවෙලා ඉන්න මේසයේ සේවය කරන වේටර්වරයා ආවම තමන්ට ඕන කරන කෑම බීම ඕඩර් කරන අතරේදී දැක්කා මේ වෙටර්ගේත් සාක්කුවේ හැන්දක් තියෙනවා. ඉතින් කෝකටත් කියල වට පිට බලනකොට දැක්කා, මේ හෝටලයේ ඉන්න හැම වේටර්කෙනෙක්ගෙම සාක්කුවේ අර විදිහට හැන්දක් තියෙනවා කියලා.
 

Saturday, September 15, 2012

ගොවියාගේ දුව

ඔන්න ආයිත් පොඩි විවේකයක් ලැබිලා පොඩි කතාවක් ලියන්න හිතුනා. හිතලා හිතලා අන්තිමේදී, ආදර්ශයක් ගන්න පුළුවන් කතාවක් ලියන්න ඕනෑ කියල හිතලා මේ කතාව ලියනවා. ඔන්න එහෙනම් කතාව.

ඔන්න  එක්තරා ගමක හිටියා තරුණ මහත්තයෙක්, ම්ම්ම් මහත්තයෙක් කිව්වට කොල්ලෙක් හරිද ? කොල්ලා ඉතින් බඳින වයසේ ඉන්න නිසා හොද කෙල්ලෙක් හොයල ආදරේ කරලා බදින්න තමයි හිතන් හිටියේ.

ඔහොම ටික කාලයක් යද්දී කොල්ලගේ හිත ගමේම හිටපු කෙල්ලෙකුට ඇදිලා ගියා. කොහොම කොහොම හරි හොයල බලද්දී කොල්ලා දැනගත්තා එයාගේ කෙල්ලගේ තාත්තා ගමේම වාසය කරන ගොවියෙක් කියලා. ඉතින් කොල්ලා හිතාගත්ත පපුව ඉස්සරහට දාල තමන්ගේ ආදරවන්තිය දෑත පතන්න.



Sunday, September 9, 2012

සමාගම් ප්‍රතිපත්ති

ගොඩක්  කාලෙකට පස්සේ ආයිත් පොඩි විවේකයක් ලැබුනා අලුත් ලිපියක් ලියන්න. මොකක් ලියන්නද කියලා හිත හිත ඉන්නකොට මතක් උනා කලින් අහල තිබ්බ කතාවක්. මේක ගොඩක් කට්ටිය කලින්ම අහල ඇති. එත් ඉතින් ලියන්න ඕනෑ කියල හිතපු නිසා ඔන්න ලියනවා.


කූඩුවක්  මැද ලණුවකින් බැඳී කෙසෙල් ඇවරියක් එල්ලන්න. ඊට යටින් පඩිපෙලක් සකස් කරන්න. එනම් මෙම පඩිපෙළ නැග ගොස් කෙසෙල් අවරිය ලබාගැනීමේ හැකියාව තිබිය යුතුය. එලෙසම කූඩුව මැද වතුර මලක් (ෂවර් එකක්) සවි කරන්න. මෙම වතුර මලින් මුළු කූඩුවටම වතුර ඉසීමේ හැකියාව තිබිය යුතුය. දැන් මෙම කූඩුවට වදුරන් 5දෙනෙක් දමන්න.



Monday, August 27, 2012

ඔබත් පොහොසතෙක් ද ?

ඔන්න එහෙනම් තවත් ආදර්ශමත් කතාවක්... මේක සිද්ද වෙන්නේ ගොඩක් ධනවත් පවුලක.
ඔන්න එක කාලෙක හිටියා ගොඩාක් ධනවත් මනුස්සයෙක්. එයාට හිටියා පුතෙක්. දවසක් මේ ධනවතාට හිතුන තමන්ගේ පුතාව විනෝද ගමනක් එක්කන් යන්න. මේ විනෝද ගමනේ පරමාර්ථය උනේ දුප්පත් මිනිස්සු ජීවත් වන විදිහ පෙන්නන්න. විනෝද ගමනේ ගමනාන්තය ඉතා දුප්පත් පවුල් ජීවත් වන ඈත ගම්බද පලාතක්.
ඉතින් කොහොම කොහොම හරි සතියක් විතර මේ ගම්බද පළාතේ ඉතාමත් දුප්පත් පවුලක් ජීවත් වන ගෙදරක තමයි මේ දෙන්න නවාතැන් ගත්තේ. ඔන්න ඉතින් විනෝද ගමන අවසන් වෙලා ගෙදර යන අතරේ අර ධනවතා තමන්ගේ පුතාගෙන් අහනවා

Friday, August 24, 2012

ඉබි පවුලේ විනෝද ගමන

පොඩි නිවාඩුවකට පස්සේ හිතුනා තව ලිපියක් දාන්න...  දිගටම විහිළු කතා ලියන එකේ පොඩ්ඩක් ආදර්ශයකට ගත හැකි කතාවක් දාමු කියලා හිතලා තමයි මේක ලියන්නේ. ඔන්න එහෙනම් කතාව. මේ කතාව නම් ආච්චිලා හරි නාකි සීයලා හරි සම්බන්දයෙන් නෙවෙයි. කොටින්ම මේක ඉබි කතාවක්. සමහරු කලින්ම මේක අහලත් ඇති. අහල නැති අයට කියවන්නයි, කියවල තියෙන අයට ආයිත් මතක් වෙන්නයි මේ කතාව දානවා. ඔන්න කියවන්න.

ඔන්න එකමත් ඒක කාලෙක ඉන්නවා ඉබි පවුලක්. මේ ඉබි පවුලේ කට්ටියක් දවසක් කල්පනා කළා පොඩි විනෝද ගමනක් යන්න. ඉතින් ඔන්න ඉබ්බෝ කියන්නේ කොහොමත් ටිකක් විතර හෙමින් වැඩ කරන කට්ටිය නේ? ඉතින් ඒ ගොල්ලන්ට ඔය ගමන සංවිධානය කරන්න අවුරුදු 5ක් විතර වගේ පොඩි කාලයක් ගියා.