Thursday, November 1, 2012

ටොමියා

ඔන්න කොල්ලෙක් ගියා එයාගේ පෙම්වතියගේ ගෙදරට, කෙල්ලගේ දෙමවුපියෝ හම්බ වෙන්න. මීට කලින් කෙල්ලගේ අම්මාවයි තාත්තාවයි හම්බ වෙලා නැති නිසා කොල්ල ටිකක් විතර බයෙන් බයෙන් තමයි ගියේ. ඉතින් කොහොම හරි ගෙදර සාලෙට වෙලා තමන්ගේ අනාගත මාමණ්ඩි, ඒ කියන්නේ කෙල්ලගේ තාත්තා එක්ක කතා කර කර ඉන්නකොට ටික වෙලාවකින් නැන්දම්මා හෙවත් කෙල්ලගේ අම්මා ඇවිත් කට්ටියට කෑම කාමරයට කතා කළා. කට්ටියම කෑම මේසෙට ගිහින් කන්න වාඩි උනා.

මේ අතරේ ගෙදර හිටපු බල්ලත් කොහෙන්දෝ ඇවිත් කොල්ලාගේ කකුල් දෙක ගාව දිගා වෙලා කට්ටියත් එක්කම කෑමට සෙට් උනා. ඉතින් කට්ටියම සතුටින් ආහාර අනුභවය ආරම්භ කළා

ටික වෙලාවක් කන අතරේ කොල්ලට ටිකක් බඩ අප්සෙට් වගේ දැනුනා. ටිකකික් පිටි පස්ස පැත්තෙන් වාතයක් එහෙම යන්න වගේ වගේ. එත් මුකුත් කරගන්න බැරි නිසා අමාරුවෙන් තද කරන් ඉන්නවා ඔන්න. කොච්චර අමාරුවෙන් තද කරන් හිටියද කිව්වොත් දැන් මේකාගේ අස් දෙකෙන් කඳුළු එන තරමට අමාරුයි.

අන්තිමේදී ඕන එකක් වෙච්චදෙන් කියලා අල්ලන් ඉන්න එක ටිකක් නිදහසේ යන්න දෙන්න තීරණය කළා.

කොල්ලගේ වාසනාවට එච්චර ලොකුවට සද්ද බද්දයක් නැතිව ප#ය නිදහස් උනා. ඒත් ලොකු සද්දයක් නැති උනත් කෑම මේසයේ හිටපු හැමෝටම පොඩියට සද්දය ඇහුනා. ඒ මොකක්ද කියල කෙනෙක්ට අදුනගන්න එච්චර අමාරු උනේ නැහැ.

උන දේ ගැන සමාව ගන්න කොල්ලා කට ඇරිය ගමන්ම කෙල්ලගේ තාත්තා කොල්ලගේ කකුල ගාව දිගා වෙලා හිටපු බලල දිහා බලලා ඔරවලා "ටොමී" කියලා සැරෙන් කෑ ගැහුවා.

"අම්මෝ මම බේරුනා. හොද වෙලාවට මේ බල්ලා හිටියේ. දැන්නම් ඉතින් කිසි අවුලක් නැහැ" කියලා හිතලා කොල්ලගේ මූනේ හිනාවක් ඇදුනා.

ටික වෙලාවකින් ආයිත් කලින් විදිහටම තව එකක් සෙට් උනා. මේ වතාවේ නම් කිසිම දෙයක් හිතන්නේ බලන්නේ නැතිව නිදහසේ යන්න ඇරියා. ඒ සරේනම් ටිකක් සද්දෙන්, දිගට පිටත් උනා.

මේ සැරෙත් තාත්තා බලල දිහා රවලා බලලා "ටෝමියෝ මම එකපාරක් උඹට කිව්වා" කෑ ගැහුවා.

ඒ වතාවෙත් කොල්ලගේ මුහුණට සිනාවක් නැගුනා. "මේකනම් නියමයි" එයාට හිතුනා.

ඔන්න ආයිත් ටික වෙලාවකින් සුපුරුදු විදිහටම තවත් වතාවක් මෙයාට නිදහස් කරන්න සෙට් උනා. ඒ වතාවේ නිදහස් කලේ කලින් දෙපාරටම වඩා අධික ශබ්දයකින් යුත් එකක්.

මේ වතාවේනම් මාමණ්ඩිට ගොඩක් තරහ ගිහින් බව පෙනුනා.

"ටොමියා ඔතනින් එහාට වෙයන් බල්ලෝ. උඹට තේරෙන්නේ නැද්ද? තව ටික වෙලාවක් උඹ ඔහොම හිටියොත් මූ උඹේ ඇඟට ගූ කරයි"
:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

ප්‍රතිචාර (6)

මූණු පොතින් ()