Thursday, November 29, 2012

නිර්වස්ත්‍ර කොලනිය

ඔන්න ළමයි තවත් පොඩි කතාවක්.... පහුගිය දවස්වල දාපු කතා ඔක්කොම ටිකක් විතර වල පැත්තට බර ඒවා කියලා කීප දෙනෙක්ගෙන්ම පැමිණිලි ආවා. ඉතින් මම හිතුවා වල් නැති කතාවක් හෙවත් නොවල් කතාවක් ලියන්න. බයිලා ඇති නේ. කතාවට බහිමු එහෙනම්. කලින්ම කිව්වා ඔන්න මේක හිනා යන කතාවක් නම් නෙවෙයි.


ඔන්න එක මනුස්සයෙක් ට්‍රිප් එකක් ගියා නිර්වස්ත්‍රව මිනිස්සු ඉන්න කොළනියකට. අර ඉංග්‍රීසියෙන් කියන්නේ Nudist Colony කියලා. ඉතින් නමින්ම තේරෙනවා ඇතිනේ ඔතන කොහොම තැනක්ද කියලා? ඒ කියන්නේ ඔතන ඉන්න හැම දෙනාම ඉන්නේ ඇඳුම් නැතිව..... හරි ආයිත් කතාවට එහෙනම්.





කොහොම හරි ටික කාලයක් ඔතන ඉන්නකොට මෙයාගේ ආච්චි අම්මාගෙන් ලියුමක් ලැබුනා. ඒකෙ සඳහන් වෙලා තිබ්බා ආච්චි අම්මට එයාව දකින්න ඕන කියලා, ඒ ගොඩක් කාලෙකින් මෙයාව දැක්කේ නැති නිසා. තමන්ගේ මුනුබුරා දැන් කොහොමද, ඒ වගේම දැන් ජීවත් වෙන තැන කොහොමද කියලා එයාට දැනගන්න ඕන වෙලා තිබ්බා.



ආච්චිට ෆොටෝ එකක් යවන්න ඕනෑකමක් තිබ්බත්, තමන් දැන් ඉන්න තැන ගැන ලැජ්ජාවට පත් උන නිසා එයා තීරණය කළා ෆොටෝ ඒකෙ එක කොටසක් විතරක් යවන්න. ඉතින් ෆොටෝ එක දෙකට මැදින් කපලා, කොටසක් ආච්චිට තැපැල් කළා.


ලියුම තැපැල් කරලා තමන්ගේ වාසස්තානයට ඇවිත් බැලුවම එයාට තේරුනා එයා යවල තියෙන්නේ ෆොටෝ ඒකෙ යට කොටස කියලා. ඉතින් කට්ටිය දන්නවා ඇති නේ ෆොටෝ ඒකෙ යට කොටස මොන වගේ තියෙන්න ඇත්ද කියලා. ඒ අතරේ මෙයාගේ දුක ටිකක් විතර අඩු උනා. ඒ එයා දනන් හිටියා ආච්චි අම්මගේ අස් පෙනීම එච්චර හොඳ නැති නිසා එයා ෆොටෝ එක එච්චර මීටර් වෙන එකක් නැහැ හිතුවා.

ඔන්න කොහොමින් කොහොම හරි සති කීපයකට පස්සේ ආච්චිගෙන් තව ලියුමක් ආවා.

"අනේ පුතේ උඹ එවපු ෆොටෝ එකට ගොඩක් ස්තුතියි. උඹව දකින්නේ නැතිව ගොඩක් සාංකාවෙන් හිටියේ. ඒත් පුතේ උඹ උඹේ කොන්ඩේ ඉස්ටයිල් එක මාරු කලොත් හොදයි... මොකද උඹේ කොන්ඩේ හින්දා උඹේ නහය ගොඩක් පොඩියි වගෙයි පෙන්නේ"
:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

ප්‍රතිචාර (4)

  1. ඇත්තටම පට්ට. මං මීට කලින් ඇවිල්ල නෑ. කොහොමද අප්පා මේ බ්ලොග් එකේ ෆලෝ ගැඩ්ජට් එක හොයා ගන්නේ. ඒක හොයා ගන්න පුලුවන් ලේසි තැනකින් දාන්න.

    ReplyDelete
    Replies
    1. මචන් ෆලෝ විජට් එක ටිකක් දකුණු පැත්තේ පල්ලෙහාට වෙන්න තියෙන්නේ :)
      මගේ බ්ලොග් එකට වෙල්කම් කිව්වා එහෙනම් :)

      Delete

මූණු පොතින් ()