Sunday, September 9, 2012

සමාගම් ප්‍රතිපත්ති

ගොඩක්  කාලෙකට පස්සේ ආයිත් පොඩි විවේකයක් ලැබුනා අලුත් ලිපියක් ලියන්න. මොකක් ලියන්නද කියලා හිත හිත ඉන්නකොට මතක් උනා කලින් අහල තිබ්බ කතාවක්. මේක ගොඩක් කට්ටිය කලින්ම අහල ඇති. එත් ඉතින් ලියන්න ඕනෑ කියල හිතපු නිසා ඔන්න ලියනවා.


කූඩුවක්  මැද ලණුවකින් බැඳී කෙසෙල් ඇවරියක් එල්ලන්න. ඊට යටින් පඩිපෙලක් සකස් කරන්න. එනම් මෙම පඩිපෙළ නැග ගොස් කෙසෙල් අවරිය ලබාගැනීමේ හැකියාව තිබිය යුතුය. එලෙසම කූඩුව මැද වතුර මලක් (ෂවර් එකක්) සවි කරන්න. මෙම වතුර මලින් මුළු කූඩුවටම වතුර ඉසීමේ හැකියාව තිබිය යුතුය. දැන් මෙම කූඩුවට වදුරන් 5දෙනෙක් දමන්න.




වදුරන් කූඩුවට දැමූ සැනින් ඔබට පෙනේවි වේගවත්ම වදුරා ඉහත කී පඩිපෙළ නැග ගොස් කූඩුව මැද එල්ලා ඇති කෙසෙල් ඇවරියලබාගැනීමට උත්සහ කරනා ආකාරය. මෙම වදුරා කෙසෙල් ඇවරිය ස්පර්ශ කරනා විටම වතුර මල සම්බන්ධවී ඇති කරාමය විවුර්ථ කර කූඩුව පුරා සීතල වතුර ඉසින්න. එවිට එම වදුරා හා අනිකුත් වදුරන් බිය වනු ඇති. මේ නිසා කෙසෙල් ඇවරිය ලබා ගැනීමට ගිය වදුරා නැවතත් පසුබසිනු ඇත.


මෙලෙස ස්වල්ප වෙලාවකින් අනතුරුව තවත් වදුරෙක් මෙය උත්සාහ කරන විටම පෙර පරිදි සියළු වදුරන් සීතල ජල ප්‍රහාරයට ලක් වනු ඇත. මෙලෙස ටික වෙලාවක් ගිය විට තමන් ජල ප්‍රහාරයට ලක් වන්නේ කෙසෙල් ඇවරිය ස්පර්ශ වූ විටයැයි වදුරන්ට වැටහෙනු ඇත. එවිට වෙනත් වදුරෙක් කෙසෙල් ඇවරිය ලබාගැනීමට උත්සාහ කල විට අනික් වදුරක් එම වදුරා වලක්වනු ඇත. එනම් වදුරන් සියල්ල එක්ව, ඉහත කී කෙසෙල් ඇවරිය ලබා ගැනීමට උත්සාහ කරන වදුරාට පහර දෙනු ඇත.


දැන්, වතුර මල හා කරාමය ඇත සම්බන්දය විසන්දි කරන්න. එනම්, තව දුරටත් සීතල වතුර ඉසීමේ හැකියාවක් නැත.


කූඩුව තුලින් එක් වදුරෙක් ඉවත් කරන්න. ඒ වෙනුවට තවත් එක් අලුත් වදුරෙක් කූඩුවට එක් කරන්න. අලුතින් කූඩුවට පැමිණි වදුරා කෙසෙල් ඇවරිය දැක එය ලබා ගැනීමට සිතා පඩිපෙළ නැගීමට උත්සාහ කරයි. අලුත් වදුරා පුදුමයට පත් කරමින් අනික් වදුරන් 4දෙනා මෙම වදුරාට පහර දෙයි.


තවත් උත්සාහයකින් අනතුරුව, තමන් පඩිපෙළ නැගීමට උත්සාහ කලොත් අනිකුන් තමන්ට පහර දෙන බව අලුතින් පැමිණි වදුරා වටහා ගනී,


නැවතත්, කලින් සිටි වදුරෙක් ඉවත් කර අලුත් වදුරෙක් කූඩුවට එක් කරන්න. පෙර පරිදිම මෙම වදුරා කෙසෙල් ඇවරිය ගැනීමට සිතා පඩිපෙළ නගින විටම කලින් සිටි වදුරන් 3දෙනා මෙම වදුරාට පහර දෙයි, පුදුමය වන්නේ කලින් අලුතින් පැමිණි වදුරාද මෙමෙ කාර්යයට ඉතා ඕනෑකමින් සම්බන්ධ වීමයි.

මෙම කාර්යයම අනිකුත් කලින් සිටි වදුරන් 3දෙනාටම කරන්න. එනම් වරකට එකා බැගින් කලින් සිටි වදුරන් 3දෙනා අයින් කර අලුත් වදුරෙක් බැගින් කූඩුවට දමන්න. සෑම අවස්ථාවකදීම අලුත් වදුරෙක් කූඩුවට පැමිණි විට කලින් කී ක්‍රියාවලිය එනම්, අලුත් වදුරා කෙසෙල් ඇවරිය ගැනීමට සිතා පිපෙළ නගීයි, අනිකුත් වදුරන් එනම් කලින් අලුතින් පැමිණි වදුරාද ඇතුළුව, එක්ව පඩිපෙළ නගින වදුරාට පහර දෙයි.


අවසානයේදී බැලුවහොත් කූඩුව තුල සිටින්නේ අලුතින් එක් කල වදුරන් ය. මෙහිදී අලුතින් පැමිණි වදුරාට පහර දෙන වදුරන්, තමන් පහර දෙන්නේ ඇයිදැයි නොදනී, එලෙසම මෙම පඩිපෙළ නැගීමේදී තමන් පහර දීමට ලක්වන්නේ ඇයිදැයි ද නොදනී. එනමුත් එක් වදුරෙක් පඩිපෙළ නැගීමේදී ඉතා ඕනෑ කමකින් පහරදීමේ කාර්යයට සහභාගී වෙයි.


මෙහි තවත් එක් විශේෂත්වයක් වන්නේ, කලින් සිටි වදුරන් ඉවත් කිරීමෙන් අනතුරුව කූඩුව තුලට සීත වතුර නොඉසීමය. එනමුත් කිසි විටෙක වදුරන් පඩිපෙළ නැගීමට උත්සාහ නොකරයි. එසේ නොකිරීමට හේතුව ? එයනම් වදුරන් සිතනා අන්දමට

"අපිනම් දන්නේ නැහැ, ඉස්සර ඉදලම ඒක එහෙම තමයි"


ඔන්න ඔහොමයි වඳුරනේ සමාගමක ප්‍රතිපත්ති නිර්මාණය වෙලා තියෙන්නේ.


ප.ලි. තේරුනාද මන්දා....
:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

ප්‍රතිචාර (5)

  1. "අපිනම් දන්නේ නැහැ, ඉස්සර ඉදලම ඒක එහෙම තමයි" මේ කතාව නම් ඇත්තම ඇත්ත..හැම තැනම ඉතින් ඔය වැඩේ තමයි සිද්ද වෙන්නෙ.ඔයාගෙ කටේ මසුරන් දාන්න වටිනව මේක කිව්වට :D

    ReplyDelete
  2. හැක හැක හැක
    අර බ්ලොග් පෝස්ට් එකක් තිබ්බේ ඔය කතාව හරියටම ගැලපෙන්නේ අපේ ඇමති තුමාලට කියලා :)

    ReplyDelete
    Replies
    1. ඕ එකත් එහෙමද ? මට එක තාම කියවන්න බැරි උනා :) ලින්ක් එක දැම්මනං....

      Delete

මූණු පොතින් ()