Sunday, October 21, 2012

පුස්තකාලෙක කතාවක්

ඔන්න මම තව පොඩී කතාවක් දාන්නයි යන්නේ. ඇත්තටම මේක ගොඩක්ම පොඩි කතාවක්. පොඩියි කියන්නේ පොඩිම පොඩි එකක්. හරි පිස්සු කියෙව්වා ඇති නේ? ඔන්න එහෙනම් කතාව.

ඔන්න එක්තරා පුස්තකාලෙකට ආවා කොල්ලෙක්. මොකටද ආවේ කියල මමනම් දන්නේ නැහැ. ඉතින් මේ කොල්ලා ඇතුලට යනකොට දැක්කා කෙල්ලෙක් වාඩිවෙලා ඉන්නවා. එතන හිස් පුටුවක් තිබිච්ච නිසා එතන වාඩිවෙන්න හිතාගෙන ගිහින්, කෝකටත් කියල කෙල්ලගෙන් හෙමීට ඇහුවා,

"මේ මම මෙතන වාඩි උනාට කමක් නැද්ද ?" කියලා.

මේක අහපු කෙල්ල එකපාරටම මහා හයියෙන් "මොකා? තමුසෙත් එක්ක රැයක් ගතකරන්න? මම කවුරු කියලද හිතුවේ? ලජ්ජා නැතිව අහපු හැටි..." කියලා කියවගෙන කියවගෙන ගියා.



පුස්තකාලේ හිටපු හැමෝම මේ කොල්ලා දිහා බලලා ඔරවන්න ගත්තා. කොල්ලට මාර නෝන්ඩිය. ඉතින් එයා ඉක්මනින් එතනින් ඉවත් වෙලා වෙන තැනකට ගිහින් වාඩි වෙලා එයාගේ වැඩ ටික කරන්න පටන් ගත්තා.

ටික වෙලාවකට පස්සේ අර කලින් කෑ ගහපු කෙල්ල හෙමින් හෙමින් කොල්ලා දිහාවට ආවා.

"මම මනෝ විද්‍යාව කරන්නේ. කෙනෙක් මොකක්ද හිතන්නේ කියන්නේ මොකක්ද කියලා මට තේරෙනවා. ඔයා දැන් ලජ්ජාවෙන් නේද ඉන්නේ?" කිසි දෙයක් නොවුනා වගේ කොල්ලට කිව්වා.


"රුපියල් පනස්දාහක්, එක රෑකට? මම මෝඩයෙක් කියලා හිතුවද ? එකනම් හොදටම වැඩියි." එක පාරටම කොල්ල කෑ ගහන්න ගත්තා.

පුස්තකාලේ හිටපු හැම කෙනෙක්ම කෙල්ල දිහා අප්‍රසන්න විදිහට බලන්න ගත්තා. ඒ වෙලාවේ කොල්ල කෙල්ලගේ කනට කිට්ටු වෙලා රහසින්,


"මම නීතීඥයෙක්, මම දන්නවා කෙනෙක්ව වැරදි කාරයෙක් කරන්නේ කොහොමද කියලා"
:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

ප්‍රතිචාර (5)

  1. http://arunishapiro.wordpress.com/2012/10/18/%e0%b6%b8%e0%b6%b1%e0%b7%9d%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%8f%e0%b7%80%e0%b6%ba%e0%b7%92-%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b6%ba%e0%b6%ba%e0%b7%92-%e0%b6%af%e0%b7%99/

    ReplyDelete
  2. සිරා කතාව මචන්..........

    ReplyDelete
  3. ela ban..................................................

    ReplyDelete

මූණු පොතින් ()