Saturday, October 13, 2012

නරකාදිය සහ සාන්තුවරයා...

"මචං, පොඩි ප්‍රශ්ණයක්.... සමහරුන්ට ගොඩක් සංකීර්ණ ප්‍රශ්ණ උනත් ලේසියෙන්ම විසදගන්න පුළුවන් වෙනවා.. ඒ වගේම සමහරුන්ට පොඩි පොඩි ප්‍රශ්ණ පවා ගොඩක් සංකීර්ණ වෙලා වතුර වීදුරුවක උනත් ගිලිලා මැරෙන තරමට පත් වෙනවා..." සිරිල් තමන්ගේ මිතුරාගෙන ඇහුවා.

"හිටපංකෝ මම උඹට කතාවක් කියන්න..."

ඔන්න එක කාලෙක ජීවත් උනා එක මිනිහෙක්.. අනුන්ට කරුණාව, සෙනෙහස දක්වන එක එයාගේ ආත්මයේ ගැඹුරින්ම තිබ්බා. කොච්චර තිබ්බද කිව්වොත් ඒ මනුස්සය මැරුණම කෙලින්ම දිව්‍ය ලෝකේ යාවි කියල හැමෝම හිතුවා... ඒ මොකද හැමෝම දැනන් හිටියා එයාට ඇත්තටම අයිති තැන එතනයි කියලා. එත් ඒ මනුස්සයා ඇත්තටම තමන් යන තැන ගැන හිතුවේ නැහැ. එයා හැම වෙලාවෙම බැලුවේ කාට හරි උදව්වක් කරලා සන්තෝසෙන් ඉන්න.

කොහොමින් කොහොම හරි එක්තරා කාලෙක මේ මනුස්සයටත් සිද්ද උනා හැමෝටම වගේ මේ ලෝකේ අතහැරලා යන්න. ඒ කියන්නේ මේ මනුස්සයා මැරුණා. ටික වෙලාවකින් එයා දිව්‍ය ලෝකයේ දොරටුව ළඟ දෘශ්‍යමාන උනා.




ඒ දවස්වල දිව්‍ය ලෝකේ පොඩි ප්‍රශ්ණයක් තිබ්බා. ඒ තමයි දිව්‍ය ලෝකේ කටයුතු ටිකක් අවුල් වෙලා තමයි තිබ්බේ. පිළිගැනීමේ නිලදාරීන්ගේ ඒ කියන්නේ රිසෙප්ෂන් එකේ පොඩි පොඩි අකාර්යක්ෂමතා තිබ්බා. එදා රිසෙප්ෂන් එකේ හිටපු ගෑණු ළමයා මේ මනුස්සයා දිහා ටිකක් විපරමින් බලලා, මෙයාගේ විස්තර තමන් සතුව තියෙනවද කියලා බැලුවා. මොකද එහෙට එන හැම කෙනා ගැනම මුලින්ම එයාලට වාර්තාවක් ලැබෙනවා. එකෙන් පරීක්ෂා කරලා බලලා තමයි ඇතුලට ගන්නේ. හරියට ගෙස්ට් ලිස්ට් එකක් වගේ.....

කොහොමින් කොහොම හරි මේ පිළිගැනීමේ නිලධාරිනිය ඒ කියන්නේ රිසෙප්ෂනිස්ට මෙයා ගැන විස්තරයක් හොයාගන්න බැරි උන නිසා හැරෙන තැපෑලෙන්ම යැව්වා නරකාදියට.

දිව්‍ය ලෝකේ වගේ නෙවෙයි නරකාදියේදී කිසිම පරීක්ෂා කිරීමක් කරන්නේ නැහැ. එන හැමෝවම කෙලින්ම ඇතුලට ගන්නවා. ඉතින් මේ මනුස්සයට නරකාදිය ඇතුලට යන්න කිසි ප්‍රශ්ණයක් උනේ නැහැ. මේ මනුස්සයත් ඇතුලට ගිහින් එයාගේ පාඩුවේ ඉන්න පටන් ගත්තා.

ඔහොම ටික දවසක් ගෙවිලා ගියා. එක දවසක් හදිස්සියේම නිරයට අධිපති යක්ෂයා, එකපාරටම දේව දූතයා හම්බ වෙන්න ආවා,

"ඔයා කරපු දේ නම් අන්තිම නරකයි. මේක ත්‍රස්තවාදයක්. මාව දුර්වල කරන්න කරපු අන්තිම නරක පහත් වැඩක්..." එක පාරටම යක්ෂයා කියාගෙන කියාගෙන ගියා.

මේක අහපු දේව දූතයාට කිසිම දෙයක් තේරුම් ගන්න බැරි උනා. "මොකක්ද ඔය කියන්නේ? මටනම් මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. කරුණා කරලා පොඩ්ඩක් තේරෙන්න කියනවද ?"

"ඔයා පහුගිය දවසක එක මිනිහෙක්ව නිරයට එවල තිබ්බා. ඒකා මාව විනාශ කරන්න එවපු එකෙක්. ආපු දවසේ ඉදලම එහෙ ඉන්න හැමෝම එක්කම හොදින් කතා කරලා, උන්ගේ දුක සැප අහලා, උන්ගේ ප්‍රශ්නවලට ඇහුන්කන් දීලා, සනවනවා. කලින් අනුන් ගැන ටිකක්වත් හිතපු නැති මිනිස්සු හැමොත් එක්කම සන්තෝසෙන් ඉන්න හදනවා. එයාල සිප වැලද ගන්නවා. මේක නෙවෙයි මම ප්‍රාර්ථනා කරපු නිරය. කරුණාකරලා ඒකාව ආයිත් දිව්‍ය ලෝකෙට ගන්න. මට ඒ මනුස්සයව එහෙ තියාගන්න බැහැ"

කතාව ඉවර කරපු යාලුවා, සිරිල් දිහා බලලා තවත් කෑල්ලක් කතාවට එක් කළා.

"හැම දේම තීරණය වෙන්නේ තමන් ජීවත් වෙන විදිහ අනුවයි. අනික් අය එක්ක ආදරෙන්, අනුන්ගේ දුක බෙදාගෙන, අනුන්ට සන්තෝසය ලබා දීලා ජීවත් වෙන්න. එතකොට වැරදීමකින් උනත් නරකාදියට වැටුනොත් යක්ෂයාම ඇවිත් ඒ කෙනාව ආයිත් දිව්‍ය ලෝකෙට යවාවි"
:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

ප්‍රතිචාර (7)

  1. අද ඉඳන්වත් හිතට ගන්න ඕනී හොඳට ඉන්න
    හැබැයි මට මෙහෙම කීපාරක් නමි හිතිලා තියනවද කියලා මතක නෑ :)

    ReplyDelete
    Replies
    1. දහ දොළොස් පාරක් හිතෙන එකත් හොදයි තමයි :D

      Delete
  2. අඩේ සුපිරි ආදර්ශමත් කතාවක් බන්
    ඇත්තටම නියමයි

    ReplyDelete
  3. පට්ට ඈහ්.....

    ReplyDelete

මූණු පොතින් ()