Thursday, August 9, 2012

සල්ලි ගන්න


මේක මගේ බුදු ෆිට් එකක් බ්ලොග් එකකට ලියපු කතාවක්, උගේ අවසර ඇතුව මගේ බ්ලොග් එකේ පලවෙනි වැදගත් පොස්ට් එක විදිහට දානවා
හරි, ඔන්න එහෙනම් උගේ වචනවලින්ම කතාව.






මේක ඉතින් පහු ගිය කාලෙක වෙච්ච කතාවක්. අගේ කරන්නේ නැතිව කෙලින්ම කතාවට බහින්නම්කො.
ඔන්න අපි සෙට් එකක් දවසක් GalleFace යන්න බස් එකට නැග්ගා බම්බලපිටියෙන්. ඔන්න ඉතින් බස් එකේ මාර සෙනග. ඉතින් කොහොමින් කොහොම හරි බස් එක ඇතුලට රිංග ගත්තා.
ඔය අතරේ හෙන සිරා කෙල්ලෝ සෙට් එකකුත් බස් එකේ සෙට් වෙලා හිටිය. සිරියාවන්ත පාටයි සෙට් එකම,  ඔය අතරේ කොන්දා බස් එකට පොල් පටවනවා වගේ පටවනවා පටවනවා ඉවරයක් නැහැ. “පස්සට යන්න”, “ඉස්සරහට යන්න” කියා කියා මල ඇනයක් උනා. අපේ සෙට් එකටම මල පැනල.

කොහොම කොහොම හරි ටික දුරක් යනකොට කොන්දා ටිකට් දෙන්න පටන් ගත්තා. “පිටිපස්සේ ඉන්න කට්ටිය සල්ලි ගන්න”… කට්ටියක් ටිකට් ගත්තා. අපි ගාවට එන ගමන් “පිටිපස්සෙන් නගපු කට්ටිය සල්ලි ගන්න” කියල කෑ ගහගෙන ආව. අපේ ටිකට් ගන්න එක මහා කටකට හිමිකම් කියල ඩයල් එකක්. ඌ ටිකට් ගත්තේ නැහැ. කොන්දා ආයිත් “පිටිපස්සෙන් නැගපු කට්ටිය සල්ලි ගන්න” කියල අරූගේ මූණ බැලුව. බැරිම තැන කොන්දා “මල්ලි ඔයාට තමයි කියන්නේ සල්ලි ගන්න” කියල කිව්වා.

මූට එකපාරටම මල පැනල කිව්වා “තමුසෙට පිස්සුද ඔයි, මට පිටිසස්සෙන් නැගල නැහැ, ඉස්සරහින් නැගල තියෙන්නේ. මොකෝ තමුසෙට පෙන්නන්නද ? “.

මේක අහපු ගමන් අර සිරියාවන්ත කෙල්ලෝ ටික කට වහගෙන හිකි හිකි ගගා හිනාවෙන්න ගත්තා. කොන්දා හීන් සීරුවේ මාරු වෙලා ගිය.

කොහොම හරි බස් එකක free ගමනක් ගියාමයි ඔය.
:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

හිතෙන දේ කියන්න

මූණු පොතින් ()